
ශ්රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන, වසර 60 කට අධික ඉතිහාසයක් ඇති මොරිසන් සමාගම හෘද රෝග නිවාරණ ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කරමින් ඔවුන්ගේ නිෂ්පාදන පෙළ තවත් පුළුල් කර තිබේ. ඒ අනුව Cilnidipine ටැබ්ලට් (IP මිලිග්‍රෑම් 5 සහ 10), Rivaroxaban ටැබ්ලට් (මිලිග්‍රෑම් 10 සහ 20) සහ Bisoprolol ටැබ්ලට් (BP මිලිග්‍රෑම් 2.5 සහ 5) මෙලෙස හඳුන්වා දී ඇති අතර මේ සියල්ල පෙති 30ක ඇසුරුම්වලින් වෙළෙඳපොළට නිකුත් කර ඇත.
Cilnidipine සහ Rivaroxaban ශ්‍රී ලංකාව තුළ නිපදවනු ලබන්නේ ප්‍රථම වරට වන අතර, ඒවා හෝමාගම පිහිටි මොරිසන් සමාගම සතු අතිනවීන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය කෙරේ.
නව හෘද රෝග නිවාරණ ඖෂධ එකතුවට අධි රුධිර පීඩනය සඳහා භාවිත කරන 4th Generation calcium channel blocker වර්ගයක් වන CilniMor (Cilnidipine), Cardio-selective beta blocker වර්ගයක් වන BisoMor (Bisoprolol) සහ Direct factor Xa inhibitor anticoagulant වර්ගයක් වන RivoMor (Rivaroxaban) ඇතුළත් වී ඇත. මේ සියලුම නිෂ්පාදනවල තත්වය හා ප්‍රමිතියල නිර්දේශිත තත්ව පරීක්ෂණ මගින් තහවුරු කර තිබේ.
මෙම ඖෂධ නිල වශයෙන් එළිදැක්වීමේ අවස්ථාව වෙනුවෙන් මොරිසන් සමාගම විසින් විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබිණි. “Touching More Hearts” යන තේමාව යටතේ 2025 පෙබරවාරි 26 වැනි දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති මෙම උත්සවයට මෙරට සෞඛ්‍ය සේවා හා සම්බන්ධ ප්‍රමුඛ පෙළේ නිලධාරීන් රැසක් සහ වෛද්‍යවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මෙහිදී හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්, අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරයෙක් සහ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් සහභාගී වූ සංවාදමය වැඩසටහනක්ද පැවැත්වුණු අතර, එහිදී මෙම නව ඖෂධ පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග ව්‍යාප්තිය සම්බන්ධවද සාකච්ඡා කරන ලදී
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මොරිසන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දිනේෂ් අතපත්තු මහතා මෙසේ පැවසීය. ‘අප නිෂ්පාදනය කරන සෑම ඖෂධයක් පිටුපසම, අප මත විශ්වාසය තබන පුද්ගලයකු සිටින බව අපි දනිමු. ඒ නිසා මෙය හුදෙක් ව්‍යාපාරයක් පමණක් නොව, ඉන් ඔබ්බට ගිය මහඟු වගකීමකි.
උසස්ම තත්වයේ ඖෂධ සහනදායි මිලකට ලබාදීම යන මෙහෙවරට සමගාමීව, වෙළෙඳපොළේ පවතින මිලගණන්වලට වඩා අඩු මිලගණන් යටතේ ඖෂධ පාරිභෝගිකයන් වෙත ලබාදීමට මොරිසන් සමාගම සෑම විටම උත්සාහ කරයි. මෙමගින් රෝගීන්ට වසරකට රු. 30,000/- කට වැඩි මුදලක් ඉතිරි වන ඇති අතර, රටේ වැඩි පිරිසකට මෙම අත්‍යවශ්‍ය ඖෂධ මිලදීගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
මීට පෙර දියවැඩියාව සඳහා භාවිත කරනEmpaMor (Empagliflozin මිලිග්‍රෑම් 10 සහ 25 පෙති) හඳුන්වා දීමට මොරිසන් සමාගම පියවර ගත් අතර, වසර 2 ක් තුළ එය වෙළෙඳපොළේ වැඩියෙන්ම අලෙවි වන Empagliflozin ඖෂධ වර්ගය බවට පත් විය.
ශ්‍රී ලාංකික සන්නාමයක් වශයෙන් මෙරට ඖෂධ ඉල්ලුම දේශීයව සපුරාගැනීම සඳහා වඩාත් පුළුල් දායකත්වයක් දැක්වීම මොරිසන් සමාගමේ අරමුණ වී තිබේ. හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී (Hemas Holdings PLC) හි අනුබද්ධ සමාගමක් වන මොරිසන්, ශක්තිමත් පදනමකින් යුක්ත වේ. දේශීය අවශ්‍යතා හොඳින් හඳුනන මොරිසන් සමාගම, විශ්වාසනීයත්වය සුරකිමින් නවීනතම ඖෂධ උසස්ම ප්‍රමිතියෙන් යුතුව සහනදායී මිලගණන් යටතේ පාරිභෝගිකයන් වෙත ලබාදීමට කැප වී සිටී.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මොරිසන් වෙතින් හෘද රෝගවලට නව ඖෂධ පෙළක් වෙෙළඳපොළට