ශ්රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම විසින් ලෝක කාන්තා දිනය පසුගියදා ඉතා අභිමානවත් ලෙස සමරන ලදී. ආයතනයේ සේවයේ නිරත වන කාන්තාවන්ට ත්‍යාග පිරිනමමින් ඔවුන් මෙල්වා ආයතනයේ අභිවෘද්ධියට දක්වන දායකත්වය අගය කිරීම එහිදී සිදු විය.
මෙල්වා සමාගම සිය මෙහෙයුම් හා නිෂ්පාදන ක්‍රියාවලියේදී කාන්තාවන් දක්වන දායකත්වය සෑම විටම අගය කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට විශේෂයෙන් මෙරටට විදේශ විනිමය රැගෙන ඒමට කාන්තාවන් දක්වන දායකත්වය පිළිබඳව මෙල්වා සමාගමට සෑම විටම ඇත්තේ ගෞරවණීය හැඟීමකි. මෙවර කාන්තා දින උත්සවය උත්කර්ෂවත් ලෙස සමරමින් මෙල්වා සමාගම අවධාරණය කර සිටියේ පවුලේ මෙන්ම රටේ ආර්ථිකයේද ජීවනාලිය කාන්තාවන් බවයි.
සිය ආයතනික සමාජ වගකීම මනාව අවබෝධ කර ගනිමින් විවිධ සමාජ සුබසාධන වැඩසටහන් දියත් කරන මෙල්වා සමාගම සිය සේවක සේවිකාවන්ගේ දරුවන්ට නව වසරක් ආරම්භයේදී පාසල් පොත් හා පාසල් උපකරණ බෙදා දෙයි. මෙල්වා සමාගම සිය සේවක සේවිකාවන්ගේ පමණක් නොව රට පුරා ජීවත් වන විවිධ ප්‍රජාවගේ ජීවන තත්වය උසස් කරයි. අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් විශ්ව විද්‍යාල සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ඒ අතරින් ප්‍රධාන වේ. පසුගිය වසර දහයක කාලය තුළ එම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබා උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කළ සිසුන් සංඛ්‍යාව 3,000කට අධික වේ. මෙල්වා සමාගම අනුග්‍රහය දක්වන අනෙකුත් ව්‍යාපෘති අතර පරිසර සංරක්ෂණය සහ නගර අලංකරණය ප්‍රධාන තැනක් ගනී.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මෙල්වා සමාගම ලෝක කාන්තා දිනය අභිමානවත්ව සමරයි