කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු වාර්තාගත ලෙස පහත වැටීමක් වාර්තා කරයි. පසුගිය ජනවාරි මුල් සතියේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ දර්ශක නැවතත් ආපසු එතැනටම පත්ව තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය. සඳුදා (මාර්තු 10 සහ ඊයේ) ගනුදෙනු අවසන් වන විට දින දෙකක් ඇතුළත සියලු කොටස් මිල දර්ශකය ඒකක හාරසිය හතරකින් පහත වැටී තිබීම විශේෂත්වයකි. කොටස් වෙළෙඳපොළ හා විනිමය හා සුරැකුම් කොමිසම එකතු වී මෙම වස අවසානයේ දී ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් සූදානම් කර ඇති අතර එවැනි වාතාවරණයක් මැද පවා පවතින දුබලතාව අවධානයට ගත යුතු කරුණකි.
ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,710.57 තෙක් පහළ වැටුණු අතර එය දර්ශක 290.21 ක සෘණ අගයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,680.82 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 94.28 ක පහළ වැටීමක් සේ දැක්විය හැකිය.
හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 117 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 94 ක්, අඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 85 ක්, නේෂන් ට්‍රස්ට් බැංකුව රු. මිලියන 79 ක්, මෙල්ට්ස් ක්‍රොප් රු. මිලියන 79 ක් එල්. ඕ. එල්. සී රු. මිලියන 72 ක් සහ සම්පත් රු. මිලියන 71 ක්, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් තිබුණි.
වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 16,949 ක් වූ අතර එහි දී සමාගම් 45 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 191 කි. දිනයේ පිරිවැටුම රු. බිලියන 2.49 දක්වා අගයක් වාර්තා කළේය. පසුගිය දින දෙක තුළ විදේශ මිල දී ගැනීම් සඳහා උනන්දුවක් පැවැතිණ. කෙසේ වෙතත් දේශීය සුළු ආයෝජකයන් මිල දී ගැනීම් සීමාකරන ලද බව නිරීක්ෂණය කළ හැකි විය. සමාගම් සැලකිය යුතු ප්‍රමාණයක මිල ගණන් අඩු වී ඇති අතර කොටස් මිල දී ගැනීම සඳහා යෝග්‍ය පසුබිමක් පවතී.
නිරීක්ෂක
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මිල දර්ශක දින දෙකකදී ඒකක හාරසියයකින් පහතට