IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මුල් මාස අටේ සංචාරක පැමිණීම ඉහළට

තිළිණි ද සිල්වා
 
මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා පළමු මාස 08 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව 1,582,835ක් ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
 
ඒ අනුව පසුගිය 2017 වසරේ මුල් මාස අටේ දී මෙරටට පැමිණි 1,406,854 ක්වූ සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී මෙවර සංචාරකයින් පැමිණීම  12.5% කින් ඉහළ යාමක් යැයි එම අධිකාරිය   නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන වාර්තා වල සඳහන් වේ.
 
මේ අතර පසුගිය අගෝස්තු මාසයේ දී විදෙස් සංචාරකයින් දෙලක්ෂ තුන්සිය පනස් නමදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඉකුත් වසරේ අගෝස්තු  මාසය හා සැසඳීමේ දී එය සියයට 4.9 ක ඉහළ යාමක් යැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දේ.
 
පසුගිය අගෝස්තු මාසය තුළ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි රටවල් 10 ලෙස පිළිවෙලින් ඉන්දියාව, චීනය , එක්සත් රජධානිය ,ප‍්‍රංශය , ජර්මනිය ,  ඕස්ටේ‍්‍රලියාව , මාලදිවයින , සෞදිඅරාබිය ,නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය සඳහන් කර තිබේ.
 
ඒ අනුව ඉන්දියවෙන් 32,115 ක්ද , චීනයෙන් 26,507 ක්ද , එක්සත් රාජධානියෙන් 23,643 ක්ද , ප‍්‍රංශයෙන් 11,016 ක්ද , ජර්මනියෙන් 10,806 ක්ද ,  ඕස්ටේ‍්‍රලියාවෙන් 8239 ක්ද , මාලදිවයිනෙන් 6880 ක්ද , සෞදි අරාබියෙන් 6517 ක්ද , නෙදර්ලන්තයෙන් 6182 ක්ද , ස්පාඤ්ඤයෙන් 5782 ක්ද වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
 
ජූනි මාසයේ දී පැමිණි 200,359 ක්වූ සමස්ත සංචාරකයින් ප්රමාණයෙන් 661 ක් පැමිණ ඇත්තේ මුහුදු මාර්ගයෙන් බව සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා වල සඳහන් වේ.



අදහස් (2)

මුල් මාස අටේ සංචාරක පැමිණීම ඉහළට

cham Friday, 07 September 2018 03:14 AM

ඉන්දියාවෙන් ලංකාවට වැඩට එන හොර කම්කරුවනුත් සංචාරක ගොඩට වැටෙනවා.

:       1       22

rohana kumara mendis Friday, 07 September 2018 05:30 AM

ඔයිටත් වඩා ගෙන්න ගන්න පුළුවන් ලංකාවේ ගුවන් තොටුපොළේ සේවකයෝ කඩිසර උනොත් නීති ගරුක උනොත්.උදේ පාන්දරට පෝලිම් පිරිලා කවුන්ටර් වල ඉන්නේ දෙතුන් දෙනයි.(ආගමන විගමන) විදේශිකයෝ අමා දුක් විදිනවා.සමහර අයට නීති ප්‍රශ්න.අන්තර් ජාලයෙන් ගන්න විසා බලපත්‍රය වලංගු නැ කියනවා.මිනිස්සු රස්තියාදු කරනවා. ගුවන් ගමන් මහන්සිය අතරේ අපේ ගුවන් තොටුපොලෙත් රඳවාගෙන ඉන්නවා පැය ගණන්. එපා වෙනවා.

:       1       87

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 150 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 295 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 128 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 74 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2045 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site