මාස 75 කට පසුව වාර්තා කළ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය
පසුගිය පෙබරවාරි මාසය සමග සංසන්දනය කරනවිට සියයට 26.5 ක ඉහළ යාමක්
පළමු කාර්තුවේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 18.12 කින් ඉහළ ගොස් ඩො. බි. 1.81 සීමාව පසුකරලා
පසුගිය වසරේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩො. බි. 6.57 ක්
2023 වසරේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩො. බි. 5.69 ක්
විමුක්ති එස්. රුද්‍රිගු
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරටට ඒවා ඇති වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය විය. එසේම එය මාස 75 කට පසුව වාර්තා කළ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයද වූවේය.
මෙම වසරේ මාර්තු මාසයේදී විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදල පසුගිය වසරේ මාර්තු මාසය සමග සංසන්දනය කරන විට සියයට 21.21 ක ඉහළ යාමක් බවත් පසුගිය පෙබරවාරි මාසය සමග සංසන්දනය කරනවිට සියයට 26.5 ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය මාර්තු මාසයේදී මෙරටට ගලා ආ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය, ඉතිහාසයේ මෙතෙක් මාසයකදී මෙරටට ලැබුණු තෙවැනි විශාලතම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයද වේ. 2020 වසරේ දෙසැම්බර් මාසයේදී විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 812.7 ක මුදලක් මෙරටට ඒවා තිබූ 2018 වසරේ ජනවාරි මාසයේදී විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 729.35 ක මුදලක් මෙරටට ඒවා තිබිණ.
ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තා විශ්ලේෂණය කිරීමේදී මෙවැනි විශාල මුදලක් පසුගිය මාර්තු මාසයේදී විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇත්තේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිසාවෙන් බවද පෙනී යයි.
පසුගිය මාර්තු මාසයේදී මෙරටට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක විශාල විදේශ ප්‍රේෂණ ප්‍රමාණය හේතුවෙන් පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 18.12 කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.81 සීමාව පසුකර ඇත.
වාර්ෂිකව මෙතෙක් වාර්තා කළ ඉහළම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 7.24 ක මුදල් වාර්තා වූ 2016 වසරේ පළමු කාර්තුව සමග සංසන්දනය කරන විට මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 1.2 කින් ඉහළ ගොස් ඇත. 2016 වසරේ පළමු කාර්තුවේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.79 ක් ලෙස සටහන් විය.
පසුගිය වසරේදී, මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.57 ක් වූ අතර එය එම අවස්ථාවේදී වසර හතරකින් වාර්තා වූ ඉහළම අගයද වූවේය. එය 2023 වසර සමග සංසන්දනය කරන විට සියයට 10.1ක ඉහළ යාමක් විය. 2023 වසරේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.69 ක් වූවේය.
2014 සහ 2018 අතර කාලදී වාර්ෂිකව මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සාමාන්‍යයක් ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ක් ලෙස සටහන් වූ අතර එහිදී මාසික සාමාන්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක් විය.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ