නිෂ්පාදිත මැටි වළං
මැටි වළං නිපදවන අයුරු
හසලක සුනිල් ඒකනායක
ගැමි ගෙදර මුළුතැන් ගෙයි තිබු මැටි වළඳට ඇලුමිනියම් භාජන හා ළිග්ගල් තුනේ ළිප වෙනුවට ගෑස් ළිප පැමිණීමත් සමග මැටි ආශ්‍රීත නිෂ්පාදකයා කබලෙන් ළිපට වැටී ඇතැයි කියයි.
අනාදිමත් කාලයක සිට ගැමි ගෙදර හා මැටි වළං නිෂ්පාදකයා අතර තිබුණේ මනා සම්බන්ධතාවකි. සෑම නිවසකම කුස්සියේ දැකගත හැකි වුයේ මැටි මුට්ටිය, මැටි වළඳ, මැටි කොරහා, මැටි නෑඹිළිය, මැටි කෝප්පය, මැටි රොටි තැටිය, මැටි කළය පමණක් නොව මේසයේ සාලයේ තිබු මල් බඳුන සැරසුණේද මැටි ආශ්‍රීත නිෂ්පාදනයන්ය. එපමණක් නොව නව අවුරුද්ද උදාවෙන සුබ නැකතට කිරිබත පිසින්නේද මැටි මුට්ටියේය.
ග්‍රාමීය ගෘහයද නාගරික වීමත් සමගම මැටි ආශ්‍රීත නිෂ්පාදන එම කුස්සියෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත් වීමට පටන්ගත් අතර වර්තමානයේ ගමේ නිවහනේද දැකගන්නට ඇත්තේ ළිග්ගල් තුනේ ළිප වෙනුවට මේසයක් මත තැබු ගෑස් ළිපක් හෝ විදුලියෙන් ආහාර පිසින බදුනකි. එම ළිපට ඔබින ඇලුමිනියම් හට්ටි මුට්ටිද තිබේ.
එදා ගමේ කුස්සිය හැඩකළ මැටි වළං නිෂ්පාදකයා අද ගැමියාගෙන් ඉවත් වු තවත් නිෂ්පාදකයෙක් බවට පත්විම නිසා එම මැටි ආශ්‍රිත නිෂ්පාදකයාට අද අනුන්ට අතපාන තත්වයට පත්වෙන්නට සිදුව ඇති බවද එම නිෂ්පාදකයෝ පවසති.
වර්තමානයේ පවතින ගෘහණියගේ කාර්ය බහුලත්වය හේතුවෙන් මෙම නවීන උපකරණ භාවිතයට ඇය හුරුවිම නිසා විශේෂයෙන් මැටි වළඳෙන් ගෘහණිය ඉවත්විමට හේතු වී ඇති බවද සඳහන්වේ.
අතිතයේ ගම්මාන කිපයකට එක් මැටි ආශ්‍රීත ගෘහයක් හෝ දෙක තුනක් තිබුණු අතර එම නිෂ්පාදන ගැමියාගෙන් ඉවත් විම හේතුකොට ගෙන අද එම නිෂ්පාදන ගෘහයන් දැක ගත හැකි වන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට දෙකතුනක් පමණි. එම අයගේද ඇත්තේ මන්දගාමි නිෂ්පාදන රටාවකි. එයද කරනුයේ වෙන කර්මාන්තයක් කිරීමට ශක්තියක් හෝ සම්පත් නොමැති වියපත් කණ්ඩායමකි. වර්තමානයේ තරුණ පරපුර මෙම කර්මාන්තයෙන් ඉවත්වී තිබෙන සැටියක් දක්නට ඇත.
තරුණයා සහ කර්මාන්තකරුවා මේ අංශයෙන් ඉවත් විමට කරුණු කීපයක් බලපා ඇත. විශේෂයෙන් මෙම නිෂ්පාදනයට අද වෙළෙදපොළක් නොමැතිකම, කර්මාන්තයට මැටි ලබා ගැනීමට සුදුසු ඉඩම් නොමැතිකම, ප්‍රවාහන දුෂ්කරතා, නිෂ්පාදන අලෙවි කිරීමට ගිය විට කේවල් කිරිම වැනි කරුණු තිබෙන බව ඔවුහු සඳහන් කරති.
මෙම කර්මාන්තය ඉහළ නැංවීමේ අරමුණින් මෙයට වසර කිපයකට ඉහතදී එවකට පැවති කර්මාන්ත අමාත්‍යාංශය “ගුරු පැහැයෙන් රන් පැහැයට” යන තේමාව යටතේ මැටි ආශ්‍රීත කර්මාන්තයේ නියුතු පුද්ගලයන්ගේ පහසුව සදහා අදාළ ගොඩනැගිලි සහ නවීන උපකරණ ඇතුළු වෙනත් පහසුකම් ලබා දි තිබේ.
එම පහසුකම් ලබා දුන්නත් පසු විපරමක් හෝ එම නිෂ්පාදන අලෙවි කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වු හෙයින් එම අරමුණු කරා යන්නට නිෂ්පාදකයාට හෝ අදාළ දෙපාර්තමේන්තුවට නොහැකිවිය. මේ වන විට ගම්මානවලට ලබා දුන් ඇතැම් උපකරණ භාවිතයට නොගෙන ඉවත දමා ඇති අතර ගොඩනැගිලි ගමේ ඇති තවත් ගොඩනැගිල්ලක් පමණක් බවට පත්ව තිබෙන බව ගම්වාසිහු පවසති.
අතීතයේ මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන ගණනාවක ක්‍රියාත්මකව තිබු මැටි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය මේ වන විට ගම්මාන තුනක ග්‍රාමිය පවුල් පහක් පුද්ගලයන් දහ දෙනකුට පමණක් සිමා වී ඇති අවාසනාවන්ත තත්වයක් උදාවී ඇති බවද දැනගන්නට ලැබී තිබේ. මෙය ඉතා ශෝචනිය තත්වයක් බව ප්‍රදේශවාසිහු සඳහන් කරති.
මේ අනුව හසලක ඇල්දම්පෝරුව ගම්මානයේ පවුල් දෙකක පුද්ගලයන් හතර දෙනෙක් උල්පතගම අඹගොල්ල ගම්මානයේ පවුල් දෙකක පුද්ගලයන් හතර දෙනෙක් සහ කොළොංගොඩ දැහැමිගම ගම්මානයේ එක් පවුලක දෙදෙනකු වශයෙන් මේ කර්මාන්තයේ නියැලී සිටින බව සඳහන්වේ.
මෙම නිෂ්පාදකයන්ගෙන් ඇසෙන්නේද අනුවේදනීය කතා පුවතකි. වර්තමානයේ බොහෝ දෙනෙක් මෙම කර්මාන්තයේ නිරත වන්නේ ඔවුන්ට කළහැකි වෙනත් කර්මාන්තයක් හෝ කුලියක් ප්‍රදේශයේ නොමැති නිසාය.
හසලක ඇල්දම්පොරුව ගමේ පදිංචි පාරම්පරික මැටි ආශ්‍රීත නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත එන්. පී. ජී. කර්ලිනාහාමි මහත්මිය මෙසේ පැවසුවාය.
මම මේ මැටි ආශ්‍රීත නිෂ්පාදනයේ යෙදෙන්නේ වසර හැටකට වැඩි කාලයක ඉඳලයි. මාගේ මවුපියෝ මේ කර්මාන්තයේ නියැලුණා. අපි කුඩා කාලයේ සිටම ඔවුන්ගේ කටයුතුවලට සහයෝගය දුන්නා. මම විවාහවුණාට පස්සේ මගේ මහත්තයාත් මේ කර්මාන්තයට සම්බන්ධ වුණා. අද මේ කර්මාන්තයේ නිරතවෙලා ඉන්නේ අපේ පවුල් දෙකකයි. එදා වාගේ අපිට ආදායමක් දැන් ලැබෙන්නේ නැහැ. ඉස්සර ගමේ අය අපේ ගෙවල්වලටම ඇවිල්ලා වළඳක්, මුට්ටියක්, නෑබිලියක්, කළයක් වාගේ දේවල් අරගෙන ගියා.
අද ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. මොකද කිව්වොත් අද ගමේ සෑම ගෙදරකම වාගේ තියෙන්නේ ඇලුමිනියම් භාජනයි. එදා නිවසේ තිබුණු ළිග්ගල් තුනේ ළිප වෙනුවට තියෙන්නේ ගෑස් ළිප. එදා අවුරුදු කාලේ අපිට විශාල ආදායමක් තිබුණා. එහෙත් අද ඒකත් අහිමි වෙලා කිප දෙනෙක් විතරයි මැටි වළඳක්වත් ගන්නේ.
අනෙක තමයි මේ නිෂ්පාදන විකුණාගන්න අපිට ක්‍රමවේදයක් ඇත්තේම නැහැ. හට්ටියක් මුට්ටියක් විකුණාග්න නම් හසලක නගරයේ බදාදට පමණක් පැවැත්වෙන සති පොළට අරගෙන යන්න වෙනවා. එහෙම අරගෙන ගියාමත් පාරිභෝගිකයා ඉල්ලන්නේ සොච්චම් මුදලකට. අනෙක තමයි ඉස්සර අපි මේවා කර බරින් තමයි හසලක සති පොළට අරගෙන ගියේ. දැන් එහෙම අරගෙන යන්න ශක්තියක් වයසක අපිට නැහැ.
ඒ නිසා ත්‍රීවිල් එකක දාගෙන අරගෙන යන්න සිදුවෙලා තිබෙනවා. ඒ වාහනයට කුලිය ගෙව්වාම අපිට ඉතිරිවෙන්නේ සොච්චම් මුදලක්. ඒ ලැබෙන මුදල හතර දෙනකුගෙන් යුතු පවුලකට ප්‍රමාණවත් නැහැ. අපිට හරිහැටි නිදාගන්නවත් ගෙයක් හදා ගන්න බැරිවුණා. මාගේ එකම ඉල්ලීම රජයෙන් හදා දෙන නිවසක් ලබා දෙන ලෙසයි. ඒ වාගේම වළං පුළුස්සන පෝරණුව සකස් කර දෙන ලෙසයි.
මැටි වළං කර්මාන්තයේ නියුතු ඩබ්ලිව්. ජි. ජයරත්න මහතා මෙසේ පැවසීය.
මේ කර්මාන්තය දැන් ගම්වලින් තුරන් වේගෙන යන කර්මාන්තයක්. මෙය නගා සිටුවන්න රජයේ මැදිහත් වීමක් අත්‍යාවශයයි. මොකද එදා වාගේ සක පෝරුව අතින් කරකව කරකවා ඉන්න අවශ්‍ය නැහැ. විදුලි බලයෙන් ක්‍රියා කරන මැෂින් තියෙනවා. එහෙත් අපිට ඒවා ගන්න වත්කමක් නැහැ. අපි හොයන මුදල ඉතා කුඩායි.
එම මුදල අපේ පවුලේ වියදමටවත් ප්‍රමාණවත් නැහැ. ඒ වාගේම තමයි මේ නිෂ්පාදන අලෙවි කරගන්න හසලක නගරයේ යම් ස්ථානයක් අපිට වෙන්කරවා දෙනවානම් එම නිෂ්පාදන පාරිභෝගිකයාට පහසුවෙන් අපිට අලෙවි කරන්න පුළුවන් වෙනවා. අද මේ කර්මාන්තයේ නියැලි ඉන්නේ මුළු කොට්ඨාසයේම දහ දෙනෙක් විතර කුඩා සංඛ්‍යාවක් පමණයි. තරුණ පිරිස මෙයින් ඉවත් වෙලා. එයට විශේෂ හේතුව වන්නේ මෙම කර්මාන්තයෙන් ලැබෙන ආදායම දරු පවුලක් නඩත්තු කරන්න තියා තමන්ට තනිවමවත් ජිවත් වෙන්න ප්‍රමාණවත් නැති එක.
ඒ වාගේම තමයි අපේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඒ කියන්නේ මැටි ලබා ගැනීමට තිබෙන අපහසුතාව. අපි මැටි ගන්නේ ගෙවල් ළඟ තිබෙන කුඩා වැවකින්. එම වැවේ ජලය පිරුණුවිට ඒකත් කර ගන්න අපහසුයි. මේ ගැනත් අපිට සහනයක් නම් අවශ්‍යයි.
වර්තමානයේ පාරිභෝගිකයා ඉල්ලන විවිධ භාණ්ඩ සැකසීමට අවශ්‍ය අච්චු සහ මැටි අඹරන යන්ත්‍ර ඇතුළු නවීන උපකරණ අවශ්‍ය වෙනවා. ඒ වාගේම මේ සම්බන්ධයෙන් අපිට අවශ්‍ය පුහුණුවක් ලබාදිලා එම උපකරණ ලබාදීමට පියවර ගන්නවානම් එය අපිට සහනයක්.
කොළොගමේ දැහැමිගම ගමේ පදිංචි ඩබ්ලිව්. ජී. රණසිංහ මහතා මෙසේ පැවසීය.
අපි පාරම්පාරික මැටි කර්මාන්තය නියුතු වෙන අය. අපේ අම්මා තාත්තත් මේ කර්මාන්තයේ කළා. දැන් මමත් මගේ බිරිඳත් විතරයි මේකේ නියැලී ඉන්නේ. අපේ අනෙක් අය මෙයට සම්බන්ධවෙන්න කැමැති නැහැ. ඒකට හේතු මේ සඳහා වෙහෙසුණත් ලැබෙන මුදල ප්‍රමාණවත් නැහැ. අනෙක තමයි අපිට අමුද්‍රව්‍ය ලබාගැනීමේ අපහසුතාව. අවශ්‍ය මැටි රැගෙන එන්න අපිට කිලෝ මීටර් 10-15 වැනි දුර ඈතට යන්න වෙනවා. ඒ සඳහා කුලි වාහනයට මුදල් ගෙවන්න වෙනවා. නිෂ්පාදන නගරයට රැගෙන යන්න ක්‍රමවේදයක් නැහැ. බස් එකේ අරගෙන යන්න බැහැ. එයටත් කුලි වාහනයක් ගන්න වෙනවා. ඒ සඳහාත් විශාල මුදලක් වැය වෙනවා. නගරයට එහෙම අරගෙන ගියාමත් අපි කියන මුදලට පාරිභොගිකයා ගන්නේ නැහැ. සොච්චම් මුදලකටයි ඉල්ලන්නේ. අරගෙන ගිය බඩු ආපහු ගෙනෙන්න බැරි නිසා ඒ මුදලට විකුණලා කියක් හරි අරගෙන එනවා.
මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හසලක සහ පාලම් හංදිය වැනි නගරවල වෙළෙඳසැල් දෙකක් විවෘත කරලා අපේ නිෂ්පාදන අලෙවි කරන්නත් එම නිෂ්පාදන එම ස්ථාන කරා රැගෙන යාමට අවශ්‍ය පහසුකම් සැකසීමටත් කටයුතු කරනවානම් එය අපිට මහත් පහසුවක් වෙනවා. ඒ වාගේම තමයි මේ කර්මාන්තයෙන් ඉවත්ව ගොස් සිටින තරුණයා නැවත මෙම කර්මාන්තයේ රැඳවා තබා ගැනීමට යම් ක්‍රමවේදයක් රජය සම්බන්ධවෙලා කරනවා නම් එය වඩාත් යහපත්.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිනිපේ ප්‍රාදේශීය සභාවේ ලේකම් නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා මෙසේ පැවසීය. මෙම කර්මාන්තය අද සමාජයෙන් තුරන් වී යන තත්වයක් අපිටත් දැකගන්නට ලැබෙනවා. මෙයට එවැනි තත්වයක් උදා වෙන්න දෙන්න බැහැ. මෙය අපිට උරුම වූ අපේ අනන්‍යතාවක්. මේ වෙන විට මේ ප්‍රදේශයේ විවිධ අංශවල නියුතු කර්මාන්තකරුවන් හඳුගැනීමේ වැඩසටහනක් අරම්භ කර තිබෙනවා. මොවුන්ගේ කර්මාන්තයට අවශ්‍ය දෑ පිළිබඳව මෙන්ම මොවුන් දැනට මුහුණ පා සිටින අපහසුතා ගැනත් කර්මාන්තයට අවශ්‍ය නවීන උපකරණ ලබාදීම සඳහාත් අපේ අවධානය යොමු කරන්න අපේක්ෂා කරනවා.
ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මිණිපේ වලං