භානුක අමරසිංහ
2025 වසරේ ජනවාරි 01 වැනිදා සිට 14 වැනිදා දක්වා ගත වූ මුල් සති දෙක තුළදී මෙරට විදෙස් සංචාරකයෝ 112,415 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය මගින් නිකුත් කළ සතිපතා සංචාරක පැමිණීම් වාර්තාව තුළ මේ බව ඇතුළත්ව තිබේ.
ඒ අනුව මෙය පසුගිය වසරේ ජනවාරි මුල් සති දෙකේදී පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වූ 92,821 හා සැසඳීමේදී සියයට 17.4 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. මෙම ප්‍රවණතාව එලෙසින්ම පැවතිය හොත් ඉදිරි සති දෙක තුළදීත් කැපී පෙනෙන සංචාරක පැමිණීමක් දැකගත හැකි වනු ඇතැයිද කර්මාන්තයට සම්බන්ධ පිරිස් පවසා සිටිති. 2024 ජනවාරි මාසයේදී පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 208,253 ක් විය.
මෙම වාර්තා සඳහන් කරන ආකාරයට මේ වසරේ ජනවාරි 01 සිට 07 දක්වා පළමු දින හත තුළදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 54,853 කි. එසේම ජනවාරි 08 සිට 14 දක්වා දෙවැනි දින හතේදී පැමිණි සංඛ්‍යාව 57,562 කි.
ගත වූ මෙම කාලයේදී එක් දිනක් තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇති දිනය වන්නේ පසුගිය ජනවාරි 02 වැනිදායි. එදින සංචාරකයෝ 9,392ක් මෙරටට පැමිණ තිබේ. එසේම මෙම දින 14 තුළ දෛනිකව සංචාරකයන් පැමිණිමේ සාමාන්‍ය සංචාරකයන් 8,029 කි. මෙහිදී පළමු සති දෙකේදී පැමිණි සමස්ත සංචාරකයන්ගෙන් සියයට 68.8ක ප්‍රතිශතයක් රටවල් 10ක් තර බෙදී ගොස් තිබේ. ඒ අතරින් වැඩිම සංචාරක ප්‍රමාණය වන 19,353 ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. දෙවැනියට වැඩිම සංචාරකයන ලෙස රුසියාවෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 17,225කි.
තෙවැනි ස්ථානයේ පසුවන බ්‍රිතාන්‍යයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 9,178 කි. එසේම ජර්මනියෙන්ද සංචාරකයන් 7,455 ක් පැමිණ තිබේ. මීට අමතරව ඔස්ට්‍රේලියාව සහ ප්‍රංශයෙන් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙළින් 4,815ක්, 4,749ක් වෙයි.
කෙසේ වෙතත් චීනයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 4,664ක් වන අතර, එය ඉදිරියේදී ඉහළ යනු ඇතැයි අදහස වී තිබේ. මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සංචාරකයන් 3,372 ක් පැමිණ තිබේ. පෝලන්තයෙන් සහ නෙදර්ලන්තයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙළින් 3,361ක් සහ 3,189ක වෙයි. වෙනත් රටවලින් පැමිණි සංඛ්‍යාව 35,054 ක් එනම සමස්ත පැමිණීම්වලින් සියයට 31.2ක ප්රතිශතයකි.
ශ්‍රී ලංකාව කිසි විටෙකත් ඩොලර් බිලියන 2 ක සෘජු විදේශ ආයෝජනයක් (FDI) ලබාගෙන නැති බවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2කටවත් සමාන ගලා ඒමක් ලබා ගැනීමට ඓතිහාසික
වාහන ආනයන සීමා කොන්දේසි සහිතව රජය විසින් ඉවත් කරනු ලැබුවද සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයි ලංකා වාහ
ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අ
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
චීනයෙන් රෙදිපිළි ආනයනය කිරීම ඇතුළු විවිධ කරුණු හේතුවෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත දහසකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ බරපතළ අවදානමට ලක්ව ඇතැයි
ඉන්දියාව ගියවර අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන්කර තිබූ ඉන්දීය රුපියල් කෝටි 245 ක මුදල මෙවර අයවැයෙන් කෝටි 300 දක්වා වැඩිකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මුල් සති දෙකට සංචාරකයෝ 112,415ක් ඇවිත්