නිමල කොඩිතුවක්කු
මෙරට විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් 10කට එළඹීමට රජය තීරණය කර ඇතැයි, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවැසීය.
ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශකවල ඉහළට ඔසවා තැබීම හා අන්තර්ජාතිකකරණය උදෙසා විදේශීය විශ්වවිද්‍යාල සමග උසස් අධ්‍යාපනික සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් රජය මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බවත්, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු කීවේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මහජන චීන සමූහාණ්ඩුවේ වුහාන් ක්‍රීඩා විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ජපානයේ අයිසු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා නෝර්වේ ඇග්නර් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ඕස්ට්‍රේලියාවේ ඩිකින් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, මොරටුව විශ්වවිද්‍යාලය හා චීනයේ ලියී විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා ඉන්දියාවේ මහත්මා ගාන්ධි වෛද්‍ය විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය හා චීනයේ ෂැන්ඩොන්ග් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, කැලණිය විශ්වවිද්‍යාලය හා ඇමෙරිකා එක්සත් ජනපදයේ කෝට්ලන්ඩ් හි නිව් යෝර්ක් රාජ්‍ය විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය හා ඕස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බර්න් තාක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුම, කැලණිය විශ්වවිද්‍යාලය හා කොරියානු ජනරජයේ ජාතික කොරියානු සමුද්‍රීය හා සාගර විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම මෙම ගිවිසුම් අතර වන බව ද ඇමැතිවරයා කීය.
ණය තිරසරභාවය ඇති කර ගැනීම සඳහා රජයේ වියදම් පියවා ගැනීමට සහ ණය ගෙවීමට අවශ්‍ය මුළු මුදල (දළ මූල්‍ය අවශ්‍යතාව) මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක මට්ටම ද
රජයට පරිබාහිරව ඉතා ශක්තිමත් කාර්යක්ෂම ඉදිකිරීම් සමාගම් රැසක් බිහි වී තිබෙන බැවින් රජයේ ඉදිකිරීම් සමාගම් තවදුරටත් පවත්වාගෙන යා යුතු දැයි කල්පනා කරන බ
මෙරට දේශපාලන ස්ථාවරත්වය ඇති වීමත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමත් සහ දීර්ඝ කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යෑමත් සමග අග්නිදිග ආසියාවේ රටවල්වල ද
මෙරට විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් 10කට එළඹීමට රජය තීරණය කර ඇතැයි, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය,
ආර්ථික පරිවර්තන පනත ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන්නේ, වැඩි ආයෝජන ආකර්ෂණයක් ඇති කර ගැනීමට යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවැති රැස්වීමේද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මෙරට සරසවි විදෙස් සරසවි අතර අවබෝධතා ගිවිසුම් 10 ක්