බදු මුදල් වියදම් කිරීමේදී සෑම රුපියලකටම නිසි වටිනාකමක් ලැබෙන බවට සහතික කළ යුතුයි
නීතිමය වියදම් සීමාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක්
අයවැයෙන් සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 749 ක්
ශ්‍රී ලංකාව ආර්ථිකය ස්ථාවර කිරීමේ සිට ආර්ථිකය වර්ධනය කිරීම දක්වා ගමන් කරන බවට හොඳ සාක්ෂියක්
අයවැය සඳහා අවශ්‍ය අරමුදල් වැඩි ප්‍රමාණයක් වාහන ආනයනය හා සම්බන්ධ බදුවලින් උපයා ගැනීමේ අපේක්ෂාවක්
රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.1 ක අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසයක්
විමුක්ති එස් රුද්‍රිගු
භාණ්ඩාගාරයට මුදල් ගලා ඒම සීමාවීම සහ ප්‍රාථමික වියදම් සීමාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක් වියයුතු බවට 2024 අංක 44 දරන මූල්‍ය කළමනාකරණ පනත මගින් පනවා ඇති නීතිමය සීමාව හේතුවෙන් මෙම වසරේ රජයේ වියදම් සීමාවී තිබෙන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (18) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති සමුළුවකදී ප්‍රකාශ කළේය.
වෙහෙස මහන්සිවී වැඩකර ශ්‍රී ලාංකිකයන් ගෙවන බදු මුදල්වලින් උපයාගත් සීමිත අදායමක් රජය සතු බවත් ඒ හේතුවෙන් එම මුදල් වියදම් කිරීමේදී ඉතාමත් සැලකිල්ලෙන් කළ යුතු බවත් එහිදී භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය. ජනතාවගේ බදු මුදල් වියදම් කිරීමේදී සෑම රුපියලකටම නිසි වටිනාකමක් ලැබෙන බවට සහතික කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙම සන්දර්භය තුළ, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක් වූ නීතිමය වියදම් සීමාව නාස්තිය අවම කරමින් පරෙස්සමෙන් ක්‍රියාත්මක කළහොත් සැලකිය යුතු වටිනාකමක් ලබා ගැනීමට එය භාවිත කළහැකි බවද භාණ්ඩාගාරලේකම්වරයා පැවැසුවේය.
රජයට ඇති මූල්‍ය සීමා සැලකිල්ලට ගනිමින් ලබාදුන් ජනවරමට අනුකූල වන පරිදි නව රජය මෙරට ප්‍රධාන ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් වෙන්කර තිබෙන බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. මෙවර අයවැයෙන් සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 749 ක මුදලක් වෙන්කර තිබෙන බවත් ඉන් අස්වැසුම වෙනුවෙන් වෙන්කර ඇති මුදල් ප්‍රමාණය ඉහළ දමා ඇති බවත් ඔහු පැවැසුවේය.
එසේම මහජන සෞඛ්‍ය සේවා සඳහා රුපියල් බිලියන 604 ක් වෙන්කර තිබෙන බවත් අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 619 ක් වෙන්කර තිබෙන බවත් භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කළේය. ළමයින්ගේ පෝෂණය, පෙර පාසල් අධ්‍යාපනය සහ ළමා සංවර්ධනය සඳහා අවධානය යොමු කළ යුතු අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් රුපියල් බිලියන 619 ක මුදල අධ්‍යාපනය සඳහා වෙන්කර ඇති බවද මහින්ද සිරිවර්ධන මහතා පැවැසුවේය.
තවද මෙවර අයවැයෙන් රුපියල් බිලියන 483 ක මුදලක් පොදු ප්‍රවාහනය සහ ප්‍රවාහනය සම්බන්ධ යටිතල පහසුකම් වෙනුවෙන් වෙන්කර තිබෙන බවත් එය මෙරට ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීම සඳහා අත්‍යාවශ්‍ය අංශයක් බවත් භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කළේය.
ප්‍රාග්ධන වියදම් සඳහා මෙවර අයවැයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 වෙන්කර ඇති බවත් පසුගිය වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්කර තිබුණේ සියයට 2.7 ක ප්‍රමාණයක් බවත් මහින්ද සිරිවර්ධන මහතා පෙන්වා දුන්නේය. එය ශ්‍රී ලංකාව ආර්ථිකය ස්ථාවර කිරීමේ සිට ආර්ථිකය වර්ධනය කිරීම දක්වා ගමන් කරන බවට හොඳ සාක්ෂියක් බව ඔහු ප්‍රකාශ කළේය.
මෙවර අයවැය සඳහා අවශ්‍ය අරමුදල් වැඩි ප්‍රමාණයක් වාහන ආනයනය හා සම්බන්ධ බදු වලින් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වන බව භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කළේය. වාහන ආනයනය හා සම්බන්ධ බදුවලින් මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 ක් උපයා ගැනීමට රජය අදහස් කර තිබෙන බව සිරිවර්ධන මහතා පැවැසුවේය.
රජයේ සියලු ආදායම් උපයා ගැනීමේ මාර්ග මේ වනවිටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග සාකච්ඡා කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. මෙම අයවැයේ ප්‍රධාන අරමුණ මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීම මෙන්ම ආර්ථික වර්ධනය බවත් බදු සහන සහ බදු නිදහස් කිරීම් ලබාදී එම අරමුණ ඉෂ්ඨ කරගත නොහැකි බවත් ඔහු පැවැසුවේය.
මෙම මූල්‍ය ප්‍රතිපත්තිය මගින් රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.1 ක අවශ්‍යතාව සපුරා ගැනීමට හැකියාව ලැබුණු ඇතැයි විශ්වාසයක් පවතින බවද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. මෙම අයවැයේ තවත් එක් වැදගත් කරුණක් වන්නේ මෙවර අයවැයෙන් රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වැඩි ප්‍රමාණයක් අනාවරණය කර තිබීම බව සිරිවර්ධන මහතා පැවැසුවේය.
පසුගිය අයවැයේ ප්‍රාථමික අයවැය ශේෂ කාර්ය සාධනය මෙම අවස්ථාවේදී බදු අඩුකිරීම සඳහා ඉඩක් ලබා නොදෙන බවද ඔහු ප්‍රකාශ කළේය. 2022 වසරේදී මෙරට උද්ධමනය සියයට 70 ක් දක්වා ඉහළ ගිය අවස්ථාවේ උද්ධමනය පහළට ගෙන ඒම සඳහා පොලී අනුපාත ඉහළ දැමීමට සිදුවූ බවත් රජයේ ණය ගැනීමේ පිරිවැය සැලකිය යුතු ලෙස වැඩිවූ බවත් භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය.
2024 වසරේ මූලික මූල්‍ය දත්ත අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9 ක පමණ ඉහළ පොලී පිරිවැයක් දැරීමට සිදුව තිබෙන බවද මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ශ්රී ලංකාව හමුවේ තිබෙන අභියෝග ජයග්‍රහණය කිරීමට තිබෙන මූල්‍ය ප්‍රතිපාදන කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ඒ හේතුවෙන් මෙවර අයවැයේදී ප්‍රමුඛතාව මත මූල්
නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය ජනවාරි මස 59.0 ක දර්ශක අගයක් වාර්ත
2025 අයවැය පිළිබඳව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE)ද රජයට ප්‍රශංසා කරයි. රටේ විස්තීරණ ආර්ථික වර්ධනය සඳහා විවිධ දෘෂ්ටිකෝණවලින් ජාතික සංවර්ධනයට ප
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 2025 අයවැය ජනතාවාදී අයවැයක් ලෙස නොදකින බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය ඊයේ (19) ක
රජයේ මංගල අයවැය, ශ්‍රී ලංකාවේ බැංකු විසින් සාදරයෙන් පිළිගනු ලැබ ඇති අතර, එය මූල්‍ය මාවතේ ප්‍රතිපත්ති අනුකූලතාව පවත්වා ගැනීමට උත්සාහ කිරීමක් බව පැවැසෙ
දීර්ඝ කාලයක සිට රූපලාවණ්‍ය ක්‍රීම් වර්ග අලෙවි කරන ව්‍යාපාරිකයකු මෙවර ‘මේ දවස්වල බිස්නස් කොහොමද’ විශේෂාංගය සඳහා එක්කරගත්තෙමු. ඔහු නමින් චරිත් ප්‍රිය
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
මේ වසරේ රජයේ වියදම් සීමාවෙලා