ලංකාවේ පමණක් නොව ලෝකයේ කොහේවත් නැති අඩු ගාණට නිවසකට සරිලන ඕනෑම භාණ්ඩයක් කොටුවෙන් ලබාගත හැකිය යන්න බොහෝ දෙනාගේ අදහසයි. එහි වැරැද්දක් නැත්තේද නැත. බොහෝ භාණ්ඩ ඉතා අඩු මිල ගණන් යටතේ පිටකොටුවෙන් ලබා ගත හැකිය. මේ දිනවල වෙළෙඳාමේ තතු දැනගැනීමට අපි දෙවැනි හරස් වීදිය වෙත ගියෙමු. දෙවැනි හරස් වීදිය හාලිමාර් වීදිය නමින් ද අතීතයේ හඳුන්වා ඇත. දෙවැනි හරස් වීදියට යන්නෝ රෙදි සොයන්නෝ ය. එපමණක් නොවේ. සුවඳ විලවුන්, රූපලාවණ්‍ය උපකරණ, මැහුම් උපකරණ සොයන්නට ද සමහරු දෙවැනි හරස් වීදියට යති. දෙවැනි හරස් වීදියේ තිර රෙදි වෙළෙඳසැලක හිමිකරු වූ මොහොමඩ් ඩීන් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
තිර රෙදි, ඇඳ ඇතිරිලි, තුවා තමයි අපි විකුණන්නේ. අපේ ආයතනයේ ශාඛා 4 ක් තියනවා. ප්‍රධාන ශාඛාව තමයි පිටකොටුවේ තියෙන්නේ. මගේ ආයතනයේ සේවකයෝ 300 ක් වගේ වැඩ කරනවා. රජයේ ආයතන සියයට 90 කට වගේ තිර රෙදි ලබා දෙන්නේ අපි.විශ්වවිද්‍යාල, රජයේ සහ පෞද්ගලික බැංකු, රජයේ සහ පෞද්ගලික රෝහල්වලට අපි රෙදි සපයනවා. මේ දවස්වල බිස්නස් හොදයි වරදක් නෑ. පහුගිය සීසන් එකෙත් බිස්සනස් හොඳට තිබ්බා. අලුත් අවුරුද්ද එන නිසා ගොඩක් අය ගෙවල්වලට අලුතෙන් තිර රෙදි දානවා, ඇඳ ඇතිරිලි ගන්නවා. ඒ නිසා කලින් අවුරුදුවලට සාපේක්ෂව සියයට 30කින් වගේ බිස්නස් වැඩි වුණා. මේ අවුරුද්දෙත් හොඳට බිස්නස් තියෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
Q: බිස්නස් වැඩිවීමට බල පෑ හේතු මොනවාද?
පහුගිය අවුරුදුවල බිස්නස් අඩු වෙන්න හේතුව වුණේ අවශ්‍ය ප්‍රමාණයට රෙදි ආනයනය කරන්න බැරි වුණ එක. ආනයනය සීමා කරලනේ තිබ්බේ. ගිය අවුරුද්දේ ඉඳන් ඕන ප්‍රමාණයට බඩු ගෙන්නන්න පුළුවන්. බඩු ගෙන්නන්න බැරි වුණේ අවශ්‍ය ප්‍රමාණයට ඩොලර් තිබ්බේ නැති නිසා. දැන් එහෙම ඩොලර් ප්‍රශ්න නෑ. ඒ නිසා අපිට ඕන කරන විදියට ඕනෑ ප්‍රමාණට බඩු ගෙන්නනවා. ඒ නිසා අපිට සාධාරණ මිලකට දෙන්නත් පුළුවන්. අනික තිර රෙදිවල එහෙම හොඳ එකතුවක් තියනකොට මිනිස්සු කැමැතියි. මොකද එයාලට තෝරලා ගන්න පුළුවන් නිසා. ඔය හේතු නිසා තමයි අපේ බිස්නස් වැඩි වුණේ.
ශෂිකා අබේරත්න
ඡායාරූප; ඉසුරු පෙරේරා
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මේ අවුරුද්දෙත් හොඳට බිස්නස් තියේවි