වේල්ලවීදියේ MaxMIX Ingredients Suppliers (Pvt)Ltd වෙළෙඳ ආයතනයේ හිමිකරු සරන් රාජ්
පාරිභෝගික අවශ්‍යතාවට සරිලන පරිදි භාණ්ඩ මිලදී ගැනීමට විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පිටකොටුව වෙළෙඳ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් වශයෙන් ද සැළකිය හැකිය. ළඟ ළඟම එන උත්සව සමයත් සමඟ කොළඹ කොටුවේ ව්‍යාපාරිකයන්ගේ සූදානම කෙබඳු ද යන්නත්, මේ දිනවල වෙළෙඳාමේ තතු සොයා බැලීමට ගිය ගමනේ දී පිටකොටුවේ මඳක් දුරින් පිහිටා තිබෙන වේල්ලවීදියට පිවිසුණෙමු. කඩිමුඩියේ භාණ්ඩ තොග වාහනවලට පටවන ආකාරය එහි ගිය ගමනේ දී සුලභ දසුනක් විය.
මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් වේල්ලවීදියේ MaxMIX Ingredients Suppliers (Pvt Ltd) වෙළෙඳ ආයතනයෙහි හිමිකරුවන සරන් රාජ් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Q: මේ දවස්වල වෙළෙඳාම කොහොමද?
බිස්කට් සහ බේකිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වෙළෙඳපොළට සැපයීම තමයි අපි කරන්නේ. මේ දවස්වල බිස්නස් සාමාන්‍ය මට්ටමක තියෙනවා. ගිය වසරට සාපේක්ෂව මේ වසරේ බිස්නස් හොඳ මට්ටමක පවතිනවා. මේ වෙද්දී හරියටම රාමසාන් සහ සිංහල අවුරුදු සීසන් එක පටන් ගත්තේ නෑ. හරිනම් මේ වෙද්දී සීසන් එක පටන් ගන්න ඕනේ. තව දින කිහිපයකින් බිස්නස්වල වැඩිවීමක් වෙයි කියා බලාපොරොත්තු වෙනවා.
Q: වෙළෙඳාම අඩුවීමට හෝ වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
පසුගිය වසරවල කොවිඩ් සහ ආර්ථික කඩාවැටීම් එක්ක බිස්නස් අඩුවෙලා තිබුණේ. එහෙත් කාලයත් එක්ක ඒ ගැටලුවලට විසඳුම් ලැබෙද්දී නැවතත් බිස්නස්වල වර්ධනයක් දකින්න පුළුවන්. අපි බේකරි ආහාර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ බිස්කට් නිෂ්පාදනයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය දේශීය වෙළෙඳපොළට සහ විදෙස් රටවලින් ආනයනය කරනවා. භාණ්ඩ වැඩි ප්‍රමාණයක් චීනයෙන් තමයි ආනයනය කරන්නේ. ඊට අමතරව ඉන්දියාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, මැලේසියාව වගේ රටවලිනුත් භාණ්ඩ ආනයනය කරනවා. මෙම අමුද්‍රව්‍ය තොග සහ සිල්ලර කියන දෙයංශයෙන්ම පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකියාව පවතිනවා. මීට අමතරව භාණ්ඩ නිෂ්පාදන අංශයක් ද ආරම්භ කරලා තියෙනවා. එහි සේවකයෝ 10 දෙනෙක් විතර ඉන්නවා. සමස්ත සේවකයෝ 35 දෙනෙක් අප සමඟ සම්බන්ධ වෙලා වැඩ කරනවා. උත්සව සමයත් එක්ක මීට වඩා මිලදී ගැනීම් වල වර්ධනයක් වෙයි කියන බලාපොරොත්තුවෙන් අපි මේ වෙද්දී අමුද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත් කරලා තියෙන්නේ.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ලහිරු හර්ෂණ
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මේ දවස් වල බිස්නස් සාමාන්‍ය මට්ටමක