(හර්ෂණ තුෂාර සිල්වා)
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මැයි 15 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.4කින් අවප්‍රමාණය වී ඇත.
එම කාලයේදී ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 3.9කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 2.2කින් ද ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 4.6කින් ද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.
මාස එකහාමාරකට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලට ගෙවන අගය පසුගිය සිකුරාදා (15) 190න් මෙපිටට පැමිණියේ ය. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව සිකුරාදා (15) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 184.89ක් ලෙසත් විකුණුම් මිල 189.99ක් ලෙසත් දැක්විණි.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් අප්‍රේල් 8 වැනිදා 200 සීමාව ද ඉක්මවා ගියේ ය. ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලොවපුරා මුදල් ඒකක රැසක් අවප්‍රමාණය විය. මෙලෙස ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 190 සීමාවෙන් මෙපිටට පැමිණියේ මාර්තු 20 වැනිදායින් පසුව ය.
මේ අතර මාර්තු මස 31 වැනිදා වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක් වූ මෙරට නිල සංචිත ප්‍රමාණය අප්‍රේල් 30 වැනිදා වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1ක් දක්වා අඩු වී ඇත. මේ වසරේ පෙබරවාරි මාසය අවසානයේදී මෙරට දළ නිල සංචිත ය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9ක් විය.
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා ඒකකය මගින් ප්‍රථමවරට පවත්වන ලද ඔක්ස්ෆර්ඩ් නැනෝසිදුරු තාක්ෂණය මගින
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂය සදහා පැවැත්විමට යෝජිතව තිබු ගණිත ක
පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරා
මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ විදුලි කාර්මික දෝශයක් හේතුවෙන් ප්‍රතිකාර කටයුතු පසුගිය 31වන දා සිට නවතා දමා තිබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝ
පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ රැසක ජලය වාන් දැමීමට පටන්ගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය සැකකරුවෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා පසන
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
මේ වසරේදී රුපියල සියයට 3.4 කින් අවප්‍රමාණය වෙලා
Buddhika P Sunday, 17 May 2020 03:11 PM
අද සියළු සාම්ප්‍රදායික ආර්ථික හා සමාජ විද්‍යාත්මක න්‍යායන්, කොරෝනා විසින් බිඳ දමමින් තිබෙනවා. මේ විනිමය අවප්‍රමාණ වීම, අප උපාය මාර්ගික පිවිසුමක් කරගත යුතුයි. රටේ ජාතික ආදායමේ සංයුතිය පිලිබඳ විශාල ගැටළුවක් පසුගිය අවු 30 - 40 ඇතුලේ අපිට තියෙනවා. රටින් පිට ඇතිවෙලා තියෙන දියුණුව ලංකාව තුලට ගෙන ඒමේ ප්‍රධාන දොරටුව තමයි අපනයන. මොකද එළියේ ප්‍රමිතිය, අපේ නිෂ්පාදන තුල අනිවාර්යෙන් තියා ගන්න වෙනවා. මුලින් 35% පමණ වූ අපනයන තනි ඉල්ලකමක් වීමේ අවදානමේ අපි ඉන්නේ. සේවා ආර්ථිකය වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා. නමුත් මුදලට වැඩි වටිනාකමක් දෙන නිෂ්පාදන වලට ඉල්ලුම වැඩි වෙමින් තියෙනවා. සේවා ආර්ථිකයක් කියන්නේ සිහින ආර්ථිකයක්, තුන්වන ලෝකේ රටවලට. හීනෙන් බිමට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. හරිහමන් අපනයන පදනමක් අපි හදා ගත්තොත් ඒ මත සෘජු ආයෝජන එනවා. ආසියාව තමයි අද ලෝකේ ලොකුම ආර්ථිකේ වෙලා තියෙන්නේ, ද.දේ.නි වටිනාකම අනුව. අද දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණු වෙන ආර්ථිකේ හිමි වෙන්නේ බංගලි දේශේට. මෙහෙම ගියොත් වැඩිකල් නොගොස් අපිට බංගලිදේශේ / වියට්නාමේ පස්සේ යන්න වෙනවා.
PrasannaMonday, 18 May 2020 08:58 PM
බුද්ධික මහතා ඔබ ලියන්න ජනපතිතුමාට... නැත්නම් ලිපියක් ලියන්න මෙහි න්‍යායාත්මක බව ගැන. ඔබ යමක් දන්නා කෙනෙකු බව පේනවා. ඇත්තටම ඔබ කවුද?
Buddhika PTuesday, 19 May 2020 08:21 PM
සෑම න්‍යායක්ම තිබිය යුත්තේ මැක්‍රෝ (සාර්ව) මට්ටමේ. ඊට පහළින් තියෙන්න ඕන ප්‍රායෝගික සැලසුම්. ජපානේ ඇමෙරිකාවේ තිබුණු ඩොලර් 500 වීඩියෝ ඩෙක් එක ගෙනත්, ඊට හොඳට හදලා ඩොලර් 50ට දුන්නා. අපේ සීයල උනත් ජපානේ / ජර්මනිය වගේ රටවල් ගැන කියන්නේ "අපෝ ජපන් / ජර්මන් නං අහන්න දෙයක් නෑ, සුපිරියටම ඇති". මේ පිළිගැනීම කොහෙන්ද හදවතට ගියේ? බොහෝ කලකට පෙර, මම ඕමාන් වල කැම්පස් ඇදුරෙක් ගන්න ඉන්ටව් එකකට ගියා. පස්සේ හොටෙල් එකට ආපු, එක රජයේ නිලධාරියෙක් ඇහුවා. අපි නැනීලා ගේන්නේ ඔබේ රටෙන් නේද කියලා. ලැජ්ජාවේ පණ ගියා. ලංකාව 90% කිට්ටු කරලා තියෙන, අපි බියේ වෙවුලන, ණය/ද.දේ.නි. අනුපාතය ජපානේ 240% කිට්ටු කරලා. ආර්ථික චක්‍රය නිවැරදි මාවතේ, වේගයෙන් කැරකෙන කොට ආර්ථිකයට අගයන් එකතුවීමේ වේගය වැඩි වෙනවා. අද ජපානේ ලෝකේ 4 ආර්ථිකේ වෙලා. අපි නිදහස ලබන කොට අලුදුවිලි වෙලා තිබුණු රටක්. ජනගහනේ ගත්තත්, රටේ ප්‍රමාණය ගත්තත් අපි වගේ 5 ගුණයයි වැඩි. හැබැයි අපේ ද.දේ.නි. ඒක ජපානේ ද.දේ.නි. එකෙන් 0.03% වත් නෑ. ඒ කියන්නේ අපේ ණය වගේ 100% ගුණයකට වැඩියෙන් ජපානේ ගත්ත ණය වල ඵලදායිතාවය වැඩියි. අපිව උගස් කරලා ගත්තු ණයට ඒ ගොල්ලෝ මොනවද සෙල්ලම් වැඩ කරලා...
Abaran Sunday, 17 May 2020 05:54 PM
අවුලක් නෑ..IOC පෙට්‍රල් මිල වැඩි කරල අන්න.. දැන් සනීපයි... එක රටක් එක් නීතියක්....