පෙබරවාරි මුල් සතියේදී පමණක් සංචාරකයෝ 50,000 කට අධික පිරිසක්
මුල් දින 5 ක කාලයේදී පමණක් සංචාරකයන් 44,293 ක්
චාරුමිණි ද සිල්වා
ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ ශක්තිමත් වර්ධනයක් සහ ශුභවාදී බවක් පෙන්නුම් කරමින් 2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 3 කට වැඩි සංඛ්‍යාවක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
මෙම මස මුල් සතියේදී පමණක් සංචාරකයන් 50,000 කට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බවත් මුල් දින 5 ක කාලය තුළදී පමණක් සංචාරකයන් 44,293 ක සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් එම දත්ත වාර්තාවල දැක්වේ. පසුගිය වසරේ පෙබරවාරි මස පළමු සතියට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මස පළමු සතියේදී දිනකට සංචාරකයන් පැමිණීමේ සාමාන්‍ය 8,859 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය වසරේ පෙබරවාරි මස පළමු සතියේදී සංචාරකයන් පැමිණීමේ සාමාන්‍ය දිනකට 8,282 ක් ලෙස සටහන්ව තිබූ බවත් එම දත්ත වාර්තාවල සඳහන් වේ.
පසුගිය වසරේ මෙරට සංචාරක කර්මාන්තය ලැබූ ශක්තිමත් වර්ධනයත්, පසුගිය ජනවාරි මාසයේ සංචාරකයන් 252,761 ක් මෙරටට පැමිණ තිබීමත් සැලකිල්ලට ගනිමින් පෙබරවාරි මාසයේදී මෙරටට සංචාරකයන් 310,937ක් ගෙන්වා ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය ඉලක්ක කර ඇත. කෙසේ නමුත් ජනවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් පිරිස මෙතෙක් ඉතිහාසයේ මසකදී මෙරටට පැමිණ තිබූ වැඩිම සංචාරක පිරිසද වේ.
සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය ජනවාරි මාසයේදී මෙරටට සංචාරකයන් 305,687 ක් පැමිණෙනු ඇතැයි පුරෝකථනය කර තිබූ නමුත් එම පුරෝකථනය සැබෑවක් කර ගැනීමට සංචාරකයන් 52,926 ක හිඟයක් ඇතිවිණි.
පෙබරවාරි මස මේ දක්වා මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණි රටවල් 5 ලෙස ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, චීනය සහ ජර්මනිය සටහන් වූ අතර ප්‍රංශය, පෝලන්තය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය සහ බංග්ලාදේශය යන රටවල සංචාරයකයන්ගේ පැමිණීම පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව ඉහළ යාමක්ද පෙන්නුම් කර තිබිණි.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මේ වසරේ මේ දක්වා සංචාරකයෝ ලක්ෂ 3 කට වැඩියෙන් ඇවිත්