ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, තායිලන්තය වෙත සුවිශේෂ සිව්-දින විදෙස් සංචාරයක් පිරිනමමින් සිය බෑන්ක්ඇෂුවරන්ස් අංශයේ ඉහළම කාර්යසාධනය පළකළ 60 දෙනකුට වැඩි පිරිසකගේ විශිෂ්ට ජයග්‍රහණ ඇගයීමට සහ සැමරීමට පසුගියදා කටයුතු කළේය.
ඔවුන්ගේ පවුල්ද ඇතුළත් වන පරිදි පිරිනමන ලද මෙම සුවිශේෂ චාරිකාව සැලසුම් කර තිබුණේ කැපවීමෙන් යුතුව කටයුතු කරන මෙම පිරිසට සිය සාර්ථකත්වය තමන්ගේ ආදරණීයයන් සමඟ සැමරීමට අවස්ථාව ලබාදෙන අතරම මතකයේ රැඳෙන අත්දැකීම් සමඟින් ඔවුන් ඇගයීමේ අරමුණ ඇතිවය.
මෙම චාරිකාවෙන් විවිධ සංස්කෘතික අංග රැසක් සමඟ එක්ව විචිත්‍රවත් තායි සංස්කෘතියේ මනරම් ඉසව් ඔස්සේ ආකර්ෂණීය දර්ශන නරඹමින්, තායි ආහාරපානවල මිහිර විඳගැනීමට සහභාගි වූවන්ට අවස්ථාව හිමිවිය. රෝයල් ගැලැක්සි නෞකාවේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද එයට ඇතුළත්ව තිබුණු විශේෂයෙන් කැපීපෙනුණු අංගයක් විය. මෙම චාරිකාවට යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක ද සහභාගි වූ අතර, ජයග්‍රාහී හැඟීමෙන් චාරිකා අත්දැකීම් විඳගනිමින් සිටි පිරිස සමඟ ඔවුන්ගේ විශිෂ්ටත්වය සැමරීමට ඔහුද එක් විය.
මෙම චාරිකාව පිළිබඳව සිය අදහස් පළ කරමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන සහකාරත්ව බෙදාහැරීම් නිලධාරිනී, වත්සලා අලුත්ගෙදර මෙසේ පැවැසුවාය: “මේ සුවිශේෂ විදෙස් සංචාර අත්දැකීම අපේ බෑන්ක්ඇෂුවරන්ස් විසින් පෙන්වූ දැඩි කැපවීම, වෙහෙස සහ විශිෂ්ටත්වය වෙනුවෙන් වූ නොපසුබස්නා උද්‍යෝගය උදෙසා පිරිනැමුණු උපහාරයක්. යූනියන් ඇෂුවරන්ස් හි අප ශ්‍රී ලංකාවේ ප්‍රමඛතම බෑන්ක්ඇෂුවරන්ස් සේවා සැපයුම්කරු වන්නට ලැබීම ගැන ආඩම්බර වෙනවා වගේම දක්ෂකම් ඇගයීමට සහ වර්ධනය කිරීමටත් විශාල වශයෙන් කැපවෙනවා. සියලු දෙනාවම සවිබල ගැන්වීමට සහ සැමට එක්ව ජයග්‍රහණ ලබන අතරම තමන්ගේ උපරිම හැකියාව විදහා පාන්නට හැකියාව ලබාදෙන පරිසරයක් පවත්වා ගන්නට අප සතුව පවතින වටිනාකම් මේ වැඩසටහන මඟින් පිළිබිඹු වෙනවා”.
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශ 7ක පවතින සමාගම් 80කට අධික ණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 සැප්තැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 27.8ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 74.7ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූල්‍ය පීඩනය ලිහිල් කරමින් ණය ඇපකර සැපයීම සඳහා ජාතික ණය ඇපකර ආයතනයක් ණය කෙටුම්පත් කරන්නන්ගෙන් ඇපකර ගැනීමට බැංකුව
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීමට ජපානය විසින් යෙන් මිලියන 300 ක (රුපියල් මිලියන 565 ක්) ප්
ව්‍යාපාරික විශ්වාසය මනින දර්ශකය, අඛණ්ඩව සිව්වැනි මාසය සඳහා ඉහළ යෑමක් පෙන්නුම් කර ඇතැයි ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාවේ පෙබරවාරි කලාපයේ සඳහන් ව
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ස
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 15 ක් වටිනා හරිත බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. බැංකුවේ අධ
නිදහස් දින නිවාඩුවට පෙර, ආයෝජකයන්ගේ උනන්දුව අඩුවීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය, ඍණාත්මක බවක් පෙන්නුම් කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
යූනියන් ඇෂුවරන්ස් බෑන්ක් ඇෂුවරන්ස් විශිෂ්ටයන්ට විදෙස් සංචාරයක්