IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


යූනියන් ඇෂුවරන්ස් වෙතින් MDRT සුදුසුකම්ලාභීන් ඇගයුම් වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සිය MDRT සුදුසුකම්ලාභී රක්ෂණ සම්බන්ධතා නිලධාරීන්ගේ විශිෂ්ට ජයග්‍රහණ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පසුගියදා සමරනු ලැබීය. මිලියන් ඩොලර් රවුන්ඞ් ටේබල් හෙවත් ඩොලර් මිලියන වට මේසය  (MDRT) යනු, ඉහළම සදාචාරාත්මක ප්‍රමිති අනුගමනය කරමින් අඛණ්ඩව ව්‍යාපාර කොටස්හිමියන් සමඟ විශ්වාසය ගොඩනගා ගන්නා අතරම පාරිභෝගිකයන්ට හොඳම විසඳුම් පිරිනමන රක්ෂණ උපදේශකයන් සඳහා හිමි වන ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීම වේ.  

සහභාගි වූවන්ට සිය කාර්යභාරය සම්බන්ධයෙන් විශිෂ්ටත්වය අත්පත් කර ගැනීමේ හැකියාව ලබාදීමට අගනා අදහස්, මෙවලම් හා උපායමාර්ගික සැලසුම් ඉදිරිපත් කළ ප්‍රධාන දේශකයා වූ සුදීර ගොඩබැද්දගේ විසින් ඉදිරිපත් කරන ලද දැනුම බෙදහදා ගැනීමේ සැසියක් මෙම අවස්ථාවට ඇතුළත් විය. සිය විශිෂ්ට දායකත්වය උදෙසා ඉහළම කාර්යසාධනය පළකළ රක්ෂණ සම්බන්ධතා නිලධාරීන් ඇගයීමට පාත්‍රකළ සම්මාන උළෙල මෙම සැඳෑවේ තවත් එක් කැපීපෙනෙන අංගයක් විය. 

කණ්ඩායමේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන සහකාරත්ව බෙදාහැරීම් නිලධාරිනී වත්සලා අලුත්ගෙදර මෙසේ පැවසුවාය. “යූනියන් ඇෂුවරන්ස් හි අප විශිෂ්ටත්වයෙන් යුතු සේවා වටපිටාවක් පවත්වා ගැනීමට කැපවෙමින්, අපගේ රක්ෂණ සම්බන්ධතා නිලධාරීන්ට තමන්ගේ උපරිම ඵලදායීතාව වෙත ළඟාවිය හැකි වන ආකාරයට ඔවුන් සවිබල ගන්වනවා. MDRT සුදුසුකම්ලාභී සාමාජිකයන් සඳහා වන ඇගයීම් වැඩසටහන ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රහණ සහ ඔවුන් විසින් අපගේ පාරිභෝගිකයන්ට පිරිනමනු ලබන වටිනාකම් පිළිබිඹු කරන්නක්”.  

“ඔවුන්ගේ වැඩිදියුණුව හා සාර්ථකත්වය වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය ලබාදෙමින්, ක්ෂේත්‍රයේ නිරන්තරයෙන්ම ඉහළ ප්‍රමිති වෙත ළඟාවීම සඳහා ඔවුන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන අතරම, පාරිභෝගිකයන්ට ඉහළම මට්ටමේ සේවාවක් පිරිනමමින් සිය රැකියාවල අඛණ්ඩ සාර්ථකත්වය පවත්වා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වන පුහුණුව හා සම්පත් සැපයීමට සමාගමක් ලෙස අප නිරතුරුවම කැපවී සිටිනවා”, යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය. 

යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH)  හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 සැප්තැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 27.8ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 74.7ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යුනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.



අදහස් (0)

යූනියන් ඇෂුවරන්ස් වෙතින් MDRT සුදුසුකම්ලාභීන් ඇගයුම් වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

එදා වගේ බිස්නස් දැන් නැහැ
2025 පෙබරවාරි මස 07 39 0

කොළඹ කොටුවේ මල්වත්ත පාර එදා මෙන්ම අදත් සපත්තු හා බෑග් වෙළෙඳාමට නම් දැරූ වීදියකි. මේ දිනවල මල්වත්ත පාරේ සපත්තු සහ බෑග් වෙළෙඳාමේ තත්වය සම්බන්ධයෙන් සොයා


ආර්ථිකය, ආර්ථිකය විද්‍යාඥයෝ
2025 පෙබරවාරි මස 07 14 0

මෑතකදී මම මණ්ඩල සාමාජිකයකු ලෙස ජාලගත සමුළුවකට සහභාගී වුණෙමි. එහිදී අදහස් දැක්වූ එක් ප්‍රධාන කථිකයෙක් කෘෂිකර්මාන්තය පසුගාමී අංශයක් ලෙසත්, ගොවීන්ගෙන්


ශ‍්‍රී ලංකාව ප‍්‍රථම සම්මන්ත‍්‍රණ තානාපති වැඩසටහන අරඹයි
2025 පෙබරවාරි මස 07 8 0

ශ‍්‍රී ලංකා සම්මන්ත‍්‍රණ තානාපති වැඩසටහන (SLCAP) ආරම්භ කරමින් ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ සදහා ප‍්‍රධාන මධ්‍යස්ථානයක් බවට මෙරට පත් කිරීමේහිලා සුවිශේෂී සන


ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් AI තාක්ෂණයෙන් බලගැන්වූ ‘Yaana’ හමුවන්න Chatbot විශේෂාංගය
2025 පෙබරවාරි මස 07 16 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් කෘතිම බුද්ධි තාක්ෂණයෙන් (AI) බලාත්මක සිය පාරිභෝගික සේවා chatbot පහසුකම වන (AI) හඳුන්වා දී තිබේ. කෘතිම බුද්ධි තාක්ෂණය (AI) සහ ස්වභාව


APB 35 වැනි වාර්ෂික සමුළුවේ රන් සහකරු මහජන බැංකුව
2025 පෙබරවාරි මස 07 6 0

ශ්‍රී ලංකා වෘත්තිය බැංකුකරුවන්ගේ සංගමයේ (APB) 35 වැනි වාර්ෂික සමුළුවේ රන් සහකරු ලෙස මහජන බැංකුව කටයුතු කරයි. මෙම සමුළුව පෙබරවාරි 19 සහ 20 දෙදින කොළඹ, සිනමන් ලය


යූනියන් ඇෂුවරන්ස් වෙතින් MDRT සුදුසුකම්ලාභීන් ඇගයුම් වැඩසටහනක්
2025 පෙබරවාරි මස 07 7 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සිය MDRT සුදුසුකම්ලාභී රක්ෂණ සම්බන්ධතා නිලධාරීන්ගේ විශිෂ්ට ජයග්‍රහණ බත්තරමුල්ල වෝටර්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 19 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 104 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 823 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site