හර්ෂණ තුෂාර සිල්වා
නූතන ලෝකයේදී ඕනෑම රටක ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා ‘සයිබර් ආරක්ෂාව’ ඉතා වැදගත් යැයි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද (28) පැවැසීය.
අනාගතයේ දවසක සයිබර් යුද්ධයක් ඇති වුවහොත් එවැනි යුද්ධ රටවල් අස්ථාවර කරමින් ආර්ථිකය පෙරළා දමමින් විනාශ කරනවාට අමතරව මානව සංහාරයක් ද සිදු කරනු ඇතැයි ප්‍රනාන්දු මහතා කීය.
‘සයිබර් අවකාශය‘ අනාගතය උදෙසා සදාතනික යුද භූමියක්’ යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සයිබර් ආරක්ෂාව පිළිබඳ සමුළුවේ ප්‍රධාන දේශනය කරමින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා එම කරුණු සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ 75 වැනි සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාව මෙම සමුළුව සංවිධානය කර තිබිණි.
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා එහිදි මෙසේ ද කීය.
“නූතන යුගයේදී තාක්ෂණය වේගයෙන් වර්ධනය හා සංවර්ධනය වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය. මේ තත්ත්වය අපට එක් විදියකට හෝ වෙනත් විදියකට ජාලගත වීමට බල කර තිබෙනවා. එය විශේෂයෙන් සඳහන් කළ යුතු නැහැ. එහෙත් එසේ ජාල ගත වීමෙන් අප පෙර නොවූ විරූ ප්‍රතිවිපාකවලට නිරාවරණය කරනවා.
‘සයිබර් ආරක්ෂාව’ ලෝකයේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. මහ පරිමාණ අපරාධ වැළැක්වීම මෙන්ම අනාගතයේදී ‘සයිබර් යුද්ධ’ ඇතිවීම වැළැක්වීම ‘සයිබර් ආරක්ෂාව’ එලෙස ප්‍රධාන මාතෘකවක් බවට පත්වීමට හේතුවක්. සයිබර් යුද්ධ ඇති වුවහොත් ඒවා ආර්ථිකය පෙරළා දමනවා පමණක් නොව මානව ජාතිය සංහාරයකට ලක් කරනවා. ඒ නිසා සයිබර් ආරක්ෂාව ඉතාම වැදගත්.
අද අපි කෘතීම බුද්ධිය ආදී තාක්ෂණික ක්ෂේත්‍රයට සම්බන්ධ මාතෘකා රැසක් සම්බන්ධයෙන් කතා කරනවා. අනාතගයේදී ‘සබඳතා, ජාලගත’ කිරීම සම්බන්ධයෙන් කතා කිරීමට සිදුවේවි.
දැනටමත් ඒ පිළිබඳව කතා කරනවා.මේ ජාලගත වීමට හදවතක් නතර කරන්න පුළුවන්, ජාලගතවීම්වලින් මාර්ග අනතුරු සිදු කරන්න, බැංකු ගිණුම්වල ශේෂ අතුරුදන් කිරීම, සතුරන් නිර්මාණය කරමින් රටවල් අතරේ යුද්ධ ඇති කිරීම, යුද ප්‍රකාශ කිරීම ආදී බොහෝ දේ කළ හැකියි.
අද වනවිට ආරක්ෂක විශේෂඥයන් සහ සයිබර් අපරාධකරුවන් අතර මීයන් සහ පූසන් අතර සෙල්ලමක් නිර්මාණය වී තිබෙනවා. ආරක්ෂක විශේෂඥයන් දත්ත ආරක්ෂා ගැනීමේ සටනක නිරත වී සිටිනවා.
ඩිජිටල් සබඳතා ජාල වර්ධනය වෙමින් තිබෙනවා. ඒ තුළින් සම්පූර්ණ වටිනාකම් ජාලයම ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතු වෙනවා. ඒ වගේම තිබෙන තර්ජන සහ සයිබර් ආරක්ෂාවේ තර්ජන ද සැලකිය යුතු ලෙස ඉහළ යනවා.
එළැඹෙන කාලයේදී අවදානම සහ තර්ජනය ඉතාම පැහැදිලියි. එය අභ්‍යන්තර ආරක්ෂාව වෙන්න පුළුවන්, බාහිර ආරක්ෂාව වෙන්න පුළුවන්. දේශපාලනය, ආර්ථිකය, නිලධාරී තන්ත්‍රය හෝ සෞඛ්‍ය ආරක්ෂාව වෙන්න පුළුවන්. යථාර්ථය එයයි. අපි අද මුහුණ දෙන උවදුර ඉතා බරපතළයි. කොටස් වෙළෙඳපොළවල් මෙහෙයවීම සිට මුදල් විශුද්ධිකරණය, පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමේ සිට පුද්ගල චරිත ඝාතනය ආදී තර්ජන සහ අවදානම් රැසක් අප හමුවේ තිබෙනවා.
අනාගතයේදී සයිබර් තර්ජන ජාතික රාජ්‍ය සහ ආරක්ෂක අංශ මුහුණ දෙන විශාලමතම අභියෝගයයි. තොරතුරු සන්නිවේදන තාක්ෂණය දියුණු වෙමින් ඉදිරියට යද්දි ලෝකය පරිවර්තනයට ලක්වෙද්දි නව අභියෝග නිර්මාණය වෙනවා. මේ නිසා රටවල්, රටවල ආරක්ෂක අංශ ඇතුළු විවිධ අංශ එකමුතුව සහයෝගයෙන් වැඩ කටයුතු කළ යුතුයි. මේ තත්ත්වය මත තිරසර බව සුරක්ෂිත කිරීම, ආර්ථික ස්ථාවරත්වය සහ ඕනෑම රටක ස්ථාවරත්වය සලකා බැලීමේදී සයිබර් ආරක්ෂාව ඉතාම වැදගත්” යැයි ද ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ 75 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන සංඥා බලකායේ ප්‍රදර්ශනය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
සංඥා බලකාධිපති මේජර් ජෙනරාල් බී.එච්.එම්.ඒ. විජේසිංහ මහතා මෙම අවස්ථාවේදී ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සමරු තිළිණයක් පිළිගැන්වීය.
හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ද සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් පිළිගැන්වීය.
ජනාධිපතිවරයා මෛත්‍රිපාල සිරිසේන මහතා ආරම්භක සැසියෙන් පසු සමුළුවට සහභාගී දෙස් විදෙස් ආරක්ෂක ප්‍රධානීන්, සමුළුවේ කතිකයන් හා සයිබර් ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනි සිටියේය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, නාවික හමුදාපති වයිස් අද්මිරාල්, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු මෙරට ආරක්ෂක ප්‍රධානීන්, විදෙස් ආරක්ෂක ප්‍රධානීන්, සයිබර් ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
උදෑසන 9 සිට පස්වරු 9 දක්වා ප්‍රදර්ශනය මහජනතාවට විවෘත අතර එය හෙටින් අවසන් වේ.
ඡායාරූප - ළහිරු හර්ෂණ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘රටක ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට ‘සයිබර් ආරක්ෂාව’ වැදගත්‘‘
chandana Monday, 03 December 2018 12:57 AM
මාර වැඩේ කියන්නේ ඔය සයිබර් අහලවත් නැති කාලේ අපේ රට කිසිම අබාධයක් නැතුව ස්ථාවරව තිබුන එකනේ? වැරදිලා වත්ද?