භානුක අමරසිංහ
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු වෙත යොමුවිය යුතුව ඇති බවත් ලංකා පේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම වසර මුලදී නිකුත් කරන ලද 2024 තෙවැනි කාර්තුව සඳහා වන Payment Bulletin වාර්තාවේ ඇතුළත් 2024 වසර සඳහා මෙරට තුළ සංසරණය වූ සියලුම කාසි සහ නෝට්ටුවල වටිනාකම පිළිබඳ දත්ත ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
“මහ බැංකුව නිකුත් කළ මෙම වාර්තාවට අනුව 2024 වසරේදී රුපියල් ට්‍රිලියන 1.33ක් වටිනා කාසි සහ නෝට්ටු රට තුළ සංසරණය වෙලා තිබෙනවා. එහෙත් ඒ අතරින් රුපියල් ට්‍රිලියන එකකට අධික මුදලක් බැංකු පද්ධතිය වෙත පැමිණ නැහැ. සාමාන්‍ය මහජනතාව හෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සතු එම මුදල් පවතින්නේ ඔවුන්ගේ මුදල් පෙට්ටි තුළ, මෙට්ටේ යට, එහෙමත් නැත්නම් සල්ලි මලු තුළ.“
“ඒ කියන්නේ මේ මුදල් පවතින්නේ බැංකු පද්ධතියෙන් පිටතයි. ඒවාට පොලියක් ලැබෙන්නේ නෑ. බැංකුවට යළිත් ණයට දෙන්න ලැබෙන්නේ නෑ. හරියට බැලුවොත් මේ මුදල් කිසිම ප්‍රයෝජනයක් නැති මුදල්. ඒ නිසා තමයි අපි මේ පිරිස ඉලක්ක කරගනිමින් ඩිජිටල් ගනුදෙනු වෙත පිවිසිය යුතු වෙන්නේ.“ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වර්තමානයේදී මිලියන 23ක් පමණ වන ජනගහනයක් රටේ සිටින බවත්, ඒ අතරින් මිලියන 1.5ක් පමණ පිරිසක් ව්‍යාපාර පවත්වාගෙන යන බවත් චන්න ද සිල්වා මහතා පැවසීය. එසේම මිලියන 1.9ක් පමණ වන ක්‍රෙඩිට් සහ ඩෙබිඩ් කාඩ් ගණනක් රට තුළ පැවතියද, එම කාඩ්පත් මගින් ගෙවීම් සිදුකළ හැකි ව්‍යාපාරික ස්ථාන පවතින්නේ 60,000ක් පමණක් බවද ඒ මහතා මෙහිදී අනාවරණය කරයි.
“ඒ කියන්නේ 900,000ක් පමණ වන ස්ථානවල කාඩ් මගින් ගෙවීමේ පහසුකම් නෑ කියන එකයි. එතැනදී බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට කාඩ් මගින් ගෙවීම් සිදු කරන POS යන්ත්‍රයක් මිලදී ගැනීමට පවතින අපහසුතාව ප්‍රධානයි. ඒ නිසා තමයි LankaPay මැදිහත්වීමෙන් LankaQR කේත ක්‍රමයක් මෙම ගෙවීම් සදහා හඳුන්වා දී තිබෙන්නේ.“
ඒ මහතා පෙන්වා දෙන ආකාරයට පසුගිය 2024 කැලැන්ඩර වර්ෂයේදී පමණක් ලංකා පේ ගෙවීම් ක්‍රමවේදය හරහා සිදු කර ඇති සමස්ත ගනුදෙනුවල වටිනාකම රුපියල් ට්‍රිලියන 34කට අධිකය.
“අද වන විට රටේ බැංකු 30ක්, බැංකු නොවන මූල්‍ය සමාගම් 23ක් සහ ෆින්ටෙක්ස් සමාගම් 10ක් තිබෙනවා. මේ සමාගම් සියල්ලම සමගින් LankaQR ඔස්සේ මුදල් භාවිතයකින් තොරව කටයුතු කරන්න පුළුවන්. එතැනදී වෙළෙන්දාට වගේම පාරිභෝගිකයාටත් පහසුකම් සලසා තිබෙනවා.“
“දැන් දුම්රිය මාර්ගයත් හරි, දුම්රියත් හරි, ජනතාවට තියෙන්නේ මේ දුම්රියට ගොඩ වෙන්න විතරයි.“ ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
මෙලෙස මහ බැංකුව මගින් නිකුත් කරන මුදල් මුද්‍රණයට, බෙදාහැරීමට ඇතුළුව එම මුදල් නඩත්තු කිරීම වෙනුවෙන් වසරකට අතිවිශාල මුදල් වැය වන බවත්, එය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5ක් පමණ වන බවත් ඒ මහතා සඳහන් කළේය.
“ශ්‍රී ලංකාව වසරකට අධ්‍යාපනය සඳහා වෙන් කරන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 2ක් පමණයි. ඒත් මුදල් මුද්‍රණය කරලා එය නඩත්තුවට පමණක් වසරකට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5ක් අපි නාස්ති කරනවා. අපිට පුළුවන් නම් වසරකට රට තුළ ගනුදෙනු වන කාසි සහ නෝට්ටුවල වටිනාකම සියයට 30කින් පමණ අඩු කරන්න, අපිට මේ වියදමත් සියයට 0.5කින් අඩු කරන්න පුළුවන්.“ ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ