IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රට බැංකු දෙකක් ලංකාවට ණය දෙයි

ලන්ඩනයේ ජර්මන් බැංකුව හා ජපානයේ ටොකියෝ මිට්සුබිෂී බැංකුව ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්හි පාලම් 537 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ හා නැවත ගොඩනැගීමේ කටයුතු සදහා ඩොලර් ලක්ෂ 1620 ක (රුපියල් ලක්ෂ 213840) ණය පහසුකම් සළසා දී තිබේ.

ව්‍යාපෘතියෙන් දුෂ්කර පළාත්හි වෙසෙන ජනතාවටත් රටේ සංවර්ධනය අත්විදිය හැකි වනු ඇති බවත් ඊට සක්‍රිය ලෙස දායක විය හැකිවනු ඇති බවත් මුදල් අමාත්‍යංශය පවසයි.

වතුකරය හා දුෂ්කර පළාත්හි පිහිටි ගම්මාන ඉලක්ක කරගෙන මෙය ක්‍රියාත්මක වේ.

ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය ව්‍යාපෘතිය භාරව කටයුතු කරයි.



අදහස් (0)

රට බැංකු දෙකක් ලංකාවට ණය දෙයි

සිතුම් Monday, 20 October 2014 09:27 AM

ණයට අරගෙන හරි ගිතෙල් කන්න කීවලු නේ. (හේ)

:       0       0

ලුම්බිණි Monday, 20 October 2014 09:27 AM

ගන්න පුළුවන් හැම තැනකින්ම ණය අරගන්න.කවුද ගෙවන්නේ අනාගත පරම්පරාව නේ.(හේ)

:       0       0

ලුම්බිණි Monday, 20 October 2014 09:41 AM

ගන්න පුළුවන් හැම තැනකින්ම ණය අරගන්න. මොකද ගෙවන්නේ අනාගත පරම්පරාව නේ. ණයට අරගෙන හරි ගිතෙල් කන්න කීවලු නේ. (නදී)

:       0       0

චින්තක Monday, 20 October 2014 09:41 AM

මේ ගන්න ණය නිසා පරම්පරා හතරක් මේ වෙන කොට ණය වෙලා.(හේ)

:       0       0

දර්ශන Monday, 20 October 2014 09:41 AM

මේ ණය කවදා ගෙවලා ඉවර වෙන්නද?(හේ)

:       0       0

වින්සන්ට් Monday, 20 October 2014 08:58 PM

ගුවන් මාර්ග, අධිවේගී මාර්ග,අලංකාර නගර ඇති රටක ගමේ පාරවල් වල අපි යන්නේ ඉතා කණගාටුවෙනි. දවස් දෙකක් වර්ෂාව තිබුනොත් තේ දළු ගෝනිය කර තබාගෙන කිලෝමීටර් කිහිපයක්,වාහන පැමිණිය හැකි තැනට යා යුතුය. මේ ණය පහසුකම හරහා හෝ ගමේ දුෂ්කරතාවය මඟ හැරෙනවා නම් සතුටුවිය හැකිය. (නි)

:       0       0

යොමාල් Thursday, 23 October 2014 01:44 AM

කොහොමහරි කමක් නැහැ රටට යහපතක් වෙනවා නම් (නි)

:       0       0

චතුර Tuesday, 28 October 2014 12:11 PM

මේ ගන්න ණය වලින්වත් අපිට සහනයක් ලැබෙනවා නම් ලොකු දෙයක්.(හේ)

:       0       0

සිල්වා Tuesday, 28 October 2014 12:11 PM

ඉපදින දරුවොත් ඉපෙදෙන්නේ ණය කාරයෝ වෙලයි.(හේ)

:       0       0

වික්‍රම Tuesday, 28 October 2014 12:12 PM

ණය ගන්න ලේසියි.ඒත් ඒ ණය ගෙවා ගන්න තමයි අමාරු.(හේ)

:       0       0

අකිල Tuesday, 28 October 2014 12:12 PM

රටේ මහජනයා තමයි මේ ණය ගෙවන්නේ.(හේ)

:       0       0

සිල්වා Tuesday, 28 October 2014 12:12 PM

මේ ගන්න ණය කවදා ගෙවලා ඉවර කරයිද දන්නේ නෑ.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 25 October 2014 02:42 AM

අා ඒක තමයි, මෙදා අයවැය තුලින් ජනතාවට කිරි උතුරන්න සහන දෙන්න හදන්නේ. (නදී)

:       0       0

බමුණු Thursday, 23 October 2014 04:57 AM

"මේ ණය කවදා ගෙවලා ඉවර වෙන්නද" තව ටික දවසකින් සම්බාදක වැටුනම අපට හොම්බෙන් තමයි යන්න වෙන්නේ ගහපු අයනම් වෙන රටවලට පැන ගනීවි (නදී)

:       0       0

අයිරාංගනී Thursday, 23 October 2014 04:57 AM

ඒක තමයි.මේ ණය කවදා ගෙවලා අවසන් කරන්නද? (නි)

:       0       0

ජස්ටින් Thursday, 23 October 2014 04:57 AM

ණයවෙලා හරි කමක් නැහැ රටට යහපතක් වෙනවා නම්... (නි)

:       0       0

රූපවති Monday, 20 October 2014 07:22 AM

ඇත්තටම මේකෙන් එක පාලමක්වත් හැදුනොත්..මම ඔලුවෙන් හිටගන්නවා ඒ පාරේ ...? මැති අැමතිලගේ පඩි ගෙවන්න සල්ලි නැතුව ඇති මහා භාණ්ඩාගාරේ. නැතිනම් අර අලුතින් දිවුරුම් දීපු ඇමැතිගොල්ලටත් ,තීරුබදු රහිත වාහන ඕනේ කියලාවද්ද ..?අනේ අපේ නූපන් පරම්පරාව ඔය පවු වලට කරගහන්න ඕනේ නේද? කියල හිතෙන විට එක දරුවෙක්වත් හදන්න හිතෙන්නේ නැහැ මේ පව් ගෙවන්න...අසරණ දරු පැටවූ අපේ, මොනවටද කාගේවත් සුපිරි ජීවිතවල ණය ගෙවන්න මේ ලොවට බිහිකරන්නේ ..? (අ)

:       0       0

දයා අලහාකෝන් Monday, 20 October 2014 09:02 AM

මොන පල්ලමක්ද? පල්ලම් ඇත්තට පෙනෙන්න සුදුහුනු ටිකක් ගාලා පෙන්නයි. ඔය කෝටි ගානම පිල්ල ගහනවා. විගනකාදියේ අයටත් ගෙවල් දොරවල් කිහිපයක් හැදෙයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 142 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 145 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 125 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 117 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2013 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site