IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


රතබලාගම කනිටු විදුහල ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වේ


ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL විසින් පසුගියදා තණමල්විල, හම්බෙගමුව, රතබලාගම කනිෂ්ඨ විද්‍යාලයේදී සංස්කෘතිකාංග රැසක් සමගින් පවත්වන ලද සිංහල හා දෙමළ අලු‍ත් අවුරුදු සැමරුම් උළෙලට එම පාසලේ සිසුන් හා ගුරුවරු මෙන්ම මවුපියෝද සහභාගී වූහ.

SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන (ESG) සංකල්පය යටතේ සිදුකරන ලද මෙම වැඩසටහනෙන් මෙම පාසලට බෙහෙවින් අවශ්‍යව තිබූ අන්තර්ජාල පහසුකම් ඇතුළු ඩිජිටල් යටිතල පහසුකම් සහ අධ්‍යාපනික සම්පත් රැසක් ප්‍රදානය කරන ලදී. මෙම ප්‍රදේශය අවට ජීවත් වන, විවිධ දුෂ්කරතාවලින් පෙළෙන ප්‍රජාවට අයත් පවුල්වල දරුවන් 300 ක් පමණ මෙම පාසලෙහි ඉගෙනුම ලබති. 

මෙම සිසුන් සමග එක් වී අලු‍ත් අවුරුදු සතුට සමරන අතරම, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය කරන තාක්ෂණික පහසුකම් ඔවුන් වෙත ලබාදීම SLT-MOBITEL හි අරමුණ විය. ග්‍රාමීය ප්‍රදේශවල ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් පවතින දුෂ්කරතා මගහරවාලීමෙන්, ශ්‍රී ලංකාවේ අනාගත පරම්පරාව වෙනුවෙන් ආයෝජනය කිරීම ඔස්සේ SLT-MOBITEL බලාපොරොත්තු වන සාධනීය ප්‍රතිඵල ළඟා කරගැනීම වඩාත් පහසු වනු ඇත. SLT-MOBITEL වෙනුවෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සන්නාම අලෙවිකරණ) අසිත ජයසේකර මහතා සහ මොණරාගල ප්‍රාදේශීය කළමනාකාරිණී තිළිණි ධනපාල මහත්මිය මෙම උත්සවයට සහභාගී වූහ. ඊට අමතරව තවත් SLT-MOBITEL නියෝජිත පිරිසක්, පාසලේ විදුහල්පති, ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

මෙම උත්සවයට සමගාමීව, පාසලේ ක්‍රියා විරහිතව පැවති පරිගණක කිහිපයක් යථා තත්වයට පත්කිරීමටද SLT-MOBITEL කාර්මික ශිල්පීහු කටයුතු කළහ. එමෙන්ම මීට පෙර අන්තර්ජාල පහසුකම් නොතිබූ මෙම පාසල තුළ ප්‍රථම වරට ඩිජිටල් ඉගෙනුම් පරිසරයක් ස්ථාපිත කිරීමට හැකි වන ආකාරයට එයට අන්තර්ජාල පහසුකම්ද ලබාදෙන ලදී. මෙම මැදිහත්වීම මගින් සිසුන්ට මාර්ගගත අධ්‍යාපනික සම්පත් භාවිත කිරීමට අවස්ථාවන් හිමි වන අතර, එමගින් ග්‍රාමීය ප්‍රදේශවලට ඩිජිටල් සේවා අත්විඳීමට ලැබෙන අවස්ථා පුළුල් වනු ඇත.

රතබලාගම පාසලේ අවුරුදු උත්සවයට අවුරුදු ක්‍රීඩා ඇතුළු සාම්ප්‍රදායික විශේෂාංග රාශියක් ඇතුළත් වී තිබිණි. මෙය පාසලේ ගුරුවරුන්, සිසුන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසක් එක්තැන් කළ සුවිශේෂී අවස්ථාවක් විය. මෙහිදී SLT-MOBITEL  එම පාසලේ සියලු‍ම සිසුන්ට, ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතුවලට වැදගත් වන පොත්පත් හා පාසල් උපකරණ ආදිය ඇතුළත් පාසල් බෑග් 300 ක් ප්‍රදානය කිරීමටද කටයුතු කළේය. මීට අමතරව SLT-MOBITEL විසින් එම සිසුන්ගේ සාක්ෂරතාව හා දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් පාසලේ පුස්තකාලයට පොත් විශාල ප්‍රමාණයක්ද පරිත්‍යාග කරන ලදී.



අදහස් (0)

රතබලාගම කනිටු විදුහල ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මිණිපේ වලං
2025 අප්‍රේල් මස 30 27 0

ගැමි ගෙදර මුළුතැන් ගෙයි තිබු මැටි වළඳට ඇලුමිනියම් භාජන හා ළිග්ගල් තුනේ ළිප වෙනුවට ගෑස් ළිප පැමිණීමත් සමග මැටි ආශ්‍රීත නිෂ්පාදකයා කබලෙන් ළිපට වැටී ඇතැ


හෙළ ඇපරල් කොටස් මිලියන විසි එකක් හුවමාරු වේ
2025 අප්‍රේල් මස 30 16 0

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසන්වන විට ඊයේ (29) මෙම සතිය තුළ දෙවැනි දිනයටත් අඛණ්ඩ වර්ධනයක් සනිටුහන් කළේය. හෙළ ඇපරල් සමාගමේ කොටස් මිලියන විසි එකක් ගනුදෙ


රුපියල් බිලියන 2,195ක දේශීය ආදායම් ඉලක්කයක්
2025 අප්‍රේල් මස 29 45 0

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,195 ක් වුවත් එම ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් බදු ගෙවන්නන් පිරිසක් සොය


2024 දී ලාංකික ශිෂ්‍යයෝ විදෙස් අධ්‍යාපනයට ඩො. මි. 194ක් වියදම් කරලා
2025 අප්‍රේල් මස 29 48 0

ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් විසින් 2024 වසරේදී විදේශ අධ්‍යාපනය සඳහා දැරූ වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 194.4ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. බැංකු පද්ධතිය ඔ


සතිය ආරම්භයේදී කොටස් වෙළෙඳ පොළ ඉහළට
2025 අප්‍රේල් මස 29 23 0

අප්‍රේල් මාසයේ අවසන් සතියේ ආරම්භක දිනය වූ ඊයේ (28) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් යම් ඉහළ යාමක් පෙන්නුම් කළේය. ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI)


අප්‍රේල් මුල් දින 24ට සංචාරකයෝ 144,320 ක්
2025 අප්‍රේල් මස 29 48 0

මෙම මස පළමු දින 24 තුළදී මෙරටට සංචාරකයන් 144,320 ක් පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ අප්‍රේල් මස පළමු දින 24ට සාපේක්ෂව සියයට 22.1 ක ඉහළ යාමක් බවත් සංචාරක සංවර්ධන අධික


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 168 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 45 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1077 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site