IMG-LOGO

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා


රිළා කරදරෙන් වැනසෙන කොත්මලේ කිතුල් කර්මාන්තය

ස්වාභාවික උවදුරු කර්මාන්තයට තර්ජනයක්
රොජර්සන්ගම ගම්මානයේ පිහිටුවූ කිතුල් නිෂ්පාදන සැකසීමේ මධ්‍යස්ථානය ගඟට කැපූ ඉනි වගේ
කෘත්‍රිම මල් බෙහෙත් කිතුල්වගාවේ විනාශයට හේතුවක්
ගුණාත්මක භාවයෙන් ඉහළ කිතුල් පැණි සහ හකුරු වෙනුවට සීනි යෙදූ හකුරු පැණි වෙළෙඳ පොළට ඇවිත්


නාවලපිටිය සිසිර ලලිත් කුමාර 


කොත්මලේ කියූ සැණින් මතකයට එන්නේ කිතුල් හකුරු, පැණි සහ කිතුල් රා ය. එහෙත් වර්තමානය වනවිට කොත්මලේට වටිනාකම් ගෙනා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන වන සත්ව උවදුර මෙන්ම කූට වෙළෙඳුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින හීන වී යෑම පිළිබඳව බලධාරින් ගේ කඩිනම් අවධානය යොමු කළ යුතුව ඇත.

 අනාදිමත් කාලයක සිට කොත්මලේ කිතුල් හකුරු, කිතුල් පැණි සහ කිතුල් රා සඳහා මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ අතර එය දෙස් විදෙස් වෙළෙඳපොළේද වැඩි ඉල්ලු‍මක් සහිත නිෂ්පාදන ද විය.ඊට අමතරව කොත්මලේ ට පරිබාහිරින් බොහෝමයක් දෙනා පැමිණෙන්නේ ද කොත්මලේ “රා”‍ පොඞ්ඩක් තොළ කට ගෑමටය. කොත්මලේ පිරිසුදු කිතුල් රා සෙවීම කළුනික සෙවීමට සමාන වුවද අදවනවිට කොත්මලේ පිරිසුදු කිතුල් හකුරු කෑල්ලක් සමඟ තේ උගුරක් බීමටද කිතුල් පැණි ටිකක් පොල් සමඟ මුසුකර කෑමද කළුනික සෙවීමට එහා ගිය කාරණයකි. මේ ඒ පිළිබඳව තබන සටහනකි.

 පොල්, තල් මෙන්ම කිතුල් ගස ද සාමාන්‍ය වශයෙන් සලකන කල අපට පෙනී යන්නේ තාල වර්ගයේ ගස්වලින් ඖෂධීය වශයෙන් එතරම් ප්‍රයෝජනයක් නැති බවය. එහෙත් ඒ පිළිබඳ අවබෝධයෙන් බැලූ විට පොල්, තල් මෙන්ම කිතුල්වල ද ඖෂධීය වශයෙන් ඉතා වටිනා ප්‍රයෝජන රාශියක් ලබා දෙන බව අවබෝධ කර ගත හැකිය.

උෂ්ණ තෙත් දේශගුණයක් හෝ උෂ්ණ වියළි දේශගුණයක් හෝ ඇති තෙතමනය සහිත ප්‍රදේශවල කිතුල් ගස හොඳින් වැවෙන බව පෙනී යයි.

 ආහාරමය වශයෙන් ගත් කල කිතුල් ගසින් ලබා ගන්නා මල් යුෂයෙන් සකස් කළ කිතුල් පැණි හකුරු සහ පිටි ආදිය වඩාත් වැදගත් වේ. මේවා සාමාන්‍ය වශයෙන් රස කැවිලි සඳහා කැඳ ආදිය සඳහා, යොදා ගන්නා අතර ප්‍රකට ආහාරයක් වන වටලප්පන් සකස් කිරීමේ දී යොදා ගනු ලබයි.

 ජනප්‍රිය කොත්මලේ කිතුල් හකුරු පැණි සහ කිතුල් රාවලට කුමක් වී ඇත්ද? පළමුව අදහස් පළකළ කොත්මලේ තිස්පනේ කන්ද ප්‍රදේශයේ පදිංචි ඊ.ජී පුංචිබණ්ඩා මහතා පැවසුවේ මෙවන් දෙයකි.

  පාරම්පරිකව රැකගෙන ආ කර්මාන්තයක් විදියට කොත්මලේ කිතුල් හකුරු සහ කිතුල් පැණි කර්මාන්තය හැඳින්විය හැකියි. එහෙත් වර්තමානය වනවිට මෙකී කර්මාන්තය වළපල්ලට ගිහින් කිව්වොත් වැරදි නැහැ .ඊට හේතුකාරණා බොහෝමයක් තියෙනවා. එම හේතු ද විවිධාකාරයි. විශේෂයෙන් ස්වාභාවික උවදුරු ඉන් පළමු තැනට ගන්න පුළුවන්. රිළා උවදුර කිතුල් කර්මාන්තයට දැඩිලෙස බලපා තියෙනවා. කිතුල් ගස පැළ කාලයේ පටන් කිතුල් ගසේ අවසානය දක්වා ස්වාභාවික වන සත්ව උවදුරට ලක්ව තියෙනවා. විශේෂයෙන්ම කිතුල් මල් කැපීමේ සිට තෙලිජ්ජ භාජනය ගෙදරට ගෙන ඒම දක්වා කාලය තුළ රිළවුන්ගෙන් වන හානිය ඉතා ඉහළයි. මල්බෙහෙත් තිබ්බ දවසේ ඉඳලා රිළවුන්ගේ කරදරය ඉතා ඉහළයි. කිතුල් මල් කඩා දාන එක, තෙලිජ්ජ බොන එක උන්ට දැන් අරුමයක් නෙවෙයි. රිළවා මොන දේ කළත් අදවනවිට මහා වසංගතයක් බවට පත්ව තිබෙනවා.

 කොත්මලේ කිතුල් හකුරු පැණි කර්මාන්තය නගා සිටුවීම සඳහා පැවති ආණ්ඩු බොහොමයක් ක්‍රියාමාර්ග ගත්තද ඒ ගත් ක්‍රියාමාර්ග කාලානුරූපීව ඉදිරියට පවත්වාගෙන නොයෑමෙන් එම උත්සාහය ගඟට කැපූ ඉණි හා සමාන වූ අත්දැකීමක් ද නැතුවාම නොවේ. කොත්මලේ කිතුල් කර්මාන්තය නගා සිටුවීම සඳහා පිහිටුවූ ආයතනද බොහෝමයකි. එහිදී කිතුල්වලට ප්‍රසිද්ධ රොජර්සන්ගම ගම්මානයේ පිහිටුවූ කිතුල් නිෂ්පාදන සැකසීමේ මධ්‍යස්ථානය ද උදාහරණයක්. ඉතා ඉහළ පිරිවැයක් දරා ඉදිකළ එම කර්මාන්ත ශාලාව අදවනවිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අත් හැර දැමීම පිළිබඳව බලධාරින් ගේ අවධානය යොමුවිය යුතුය. වසර ගණනාවක සිට එම කර්මාන්ත ශාලාව භාවිතයෙන් තොර වීම හේතුවෙන් අදවනවිට එහි තිබූ භාණ්ඩ පවා නිරපරාදේ විනාශ වී ගොස් ඇතැයි ජනතාව කියති.

  කිතුල් කර්මාන්තය සිය ජීවිතයේ එක් කොටසක් කරගත් වෑතලාව ගම්මානයේ පදිංචි සුනිල් හේමචන්ද්‍ර මහතා සිය ජීවන අත්දැකීම් විස්තර කළේ මෙලෙසිනි.

 වසර ගණනාවක සිට මෙම කිතුල් කර්මාන්තයේ යෙදිච්ච පුද්ගලයෙක්. එහෙත් වසර ගණනාවක තිබූ අත් දැකීම් අනුව අදනම් හිතට දැනෙන්නේ දැඩි වේදනාවක් වගේම කනගාටුවක්. ඉස්සර උදේ මල් කපලා කොහේ හරි ගමනක් බිමනක් ගිහින් එන්න කිසි බාධාවක් තිබ්බේ නැහැ.ඒත් අද වනවිට එහෙම බැහැ. ඒ වෙනමොකක්වත් නිසා නොවෙයි සත්තු නිසා. විශේෂයෙන් රිළවුන්ගෙන්. රිළවා අදවනවිට ගොවීන්ගේ පරම හතුරෙක් බවට පත්වෙලා. මල් බෙහෙත් තිබ්බ දවසේ ඉඳලා රිළව් කරදරය එන්න එන්නම වැඩිවෙලා.

 අනෙක් කරුණ තමයි විවිධ ආයතන මල් බෙහෙත් වෙනුවට හඳුන්වලා දීලා තියෙන කෘතීම මල් බෙහෙත්. කිතුල්වගාව සම්පූර්ණයෙන්ම විනාශ කරන්නට හඳුන්වලා දුන්න එකක් විදිහටයි මම දකින්නේ. අපි නම් මිරිස් ඉඟු‍රු වගේ ස්වාභාවික බෙහෙත් භාවිත කරලා තමයි මල් බෙහෙත් කියලා තියන්නේ. ඒවායින් ගහට මලට හානියක් වුණේ නැහැ. ඒත් හඳුන්වලා දීලා තියෙන කෘතීම බෙහෙත් වලින් කිතුල් ගහට ලොකූ බලපෑමක් වෙනවා. විශේෂයෙන් තෙලිජ්ජ වල ගුණාත්මක භාවය අඩුවෙනවා. ගහේ පැවැත්ම ඉතා කෙටි කලකදී නැතිවෙලා අඩුවෙලා යනවා. ගහේ කිතුල් අතු කඩා වැටෙන්න ගන්නවා. එතකොට අවුරුදු දහයක් දොළහක් තියෙන කිතුල් ගහ අවුරුද්දෙන් දෙකෙන් විනාශ වෙලා යනවා.

 කොත්මලේ කිතුල් කර්මාන්තය පිළිබඳව කතා කිරීමේදී කිතුල් කර්මාන්තයට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ද සිදුව ඇති හානිය සුළුපටු නොවේ. විශේෂයෙන් කිතුල් ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මක භාවය පිළිබඳව ඇත්තේ කනගාටුදායක විවේචනයි. ගුණාත්මක භාවයෙන් ඉතා ඉහළ කිතුල් පැණි සහ හකුරු වෙනුවට සීනි යෙදූ හකුරු සහ පැණි අදවනවිට වෙළෙඳ පොළේ බහුලව දැකිය හැකිය.

 සංවර්ධනය වන රටක මෙවන් නිෂ්පාදන සඳහා වටිනාකම් දුනහොත් ඉන් රටක ආර්ථිකයට යම් සාධනීය පිළිතුරක් ලැබෙනු ඇත. විශේෂයෙන් සංචාරක කර්මාන්තයට එය බෙහෙවින් වටිනාකමක් දෙනු ඇත. දෙස් විදෙස් සංචාරක කර්මාන්තයට කිතුල් නිෂ්පාදන හඳුන්වා දුනහොත් එය ඩොලර් උපයන මාර්ගයක් වනු ඇත. 

යම් යම් තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.



අදහස් (0)

රිළා කරදරෙන් වැනසෙන කොත්මලේ කිතුල් කර්මාන්තය

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

2025 ජනවාරියේ ඩො.බි 1.33ක අපනයන ආදායමක්
2025 පෙබරවාරි මස 27 7 0

2025 ජනවාරි මාසයේදී මෙරට සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන1,334.19ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත අනුසාරයෙන් මෙම කරු


ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ඉහළට
2025 පෙබරවාරි මස 27 8 0

ව්‍යාපාර ලෝකය තුළ යම් යම් සංවේදීතා තිබුණත් රටේ ආර්ථිකය පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව තුළ තිබෙන විශ්වාසය මෙම මාසයේදී සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇතැයි


බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ග්ලෝබල් ​සොෆ්ට් පවර් දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වැනි තැනට
2025 පෙබරවාරි මස 27 5 0

ලොව ප්‍රමුඛතම සන්නාම තක්සේරු උපදේශන ආයතනය වන බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් නව වාර්තාවකට අනුව, 2025 වසර සඳහා බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ග්ලෝබල් ​සොෆ්ට් පවර් දර්ශකයේ, ලකු


දිළිඳුකම පිටු දැකීමට ‘ප්‍රජා ශක්ති’
2025 පෙබරවාරි මස 27 4 0

මෙරට දිළිඳුකම පිටු දැකීම සඳහා බහු විධ ප්‍රවේශ ඇතුළත් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස“ප්‍රජා ශක්ති“ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


බණ්ඩාරනායක රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සහ පිලිපීනය අතර අවබෝධතා ගිවිසුමක්
2025 පෙබරවාරි මස 27 4 0

බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සහ පිලිපීන ජන රජයේ විදේශ සේවා ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී


වරාය සංවර්ධනයෙන් ශ්‍රී ලංකාවට අත්වන වාසි අවාසි
2025 පෙබරවාරි මස 27 4 0

2025 වසර සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කරන ලද ආණ්ඩුව අලුත් ආයෝජන අවස්ථා ගණනාවක් ගැන එහි සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා සලකා බලන පසු ආයෝජන අවශ්‍යය.


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 27 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 325 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 472 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site