IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


රුපියල් බිලියන 2,195ක දේශීය ආදායම් ඉලක්කයක්

  • ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් ටින් අංකය ලබාගෙන. ටින් අංකය ලබාගැනීමට තවත් මිලියන 7 ක පමණ පිරිසක් 
  • බැංකු ගිණුම් විවෘත කිරීම, ඉඩම් හා වාහන ලියාපදිංචි කිරීම, මූල්‍ය හා නීතිමය ගනුදෙනු සඳහා ටින් අංකය අවශ්‍යයි
  • ආදායම ලක්ෂ 18ට අඩු පුද්ගලයන් පොලිය මත රඳවා තබා ගැනීමේ බද්දෙන් නිදහස් වුවත් එම සහනය ලබා ගැනීමට හෝ ලියාපදිංචි වීමට බොහෝ පිරිසක් අසමත් වෙලා
  • බදු සහනය හේතුවෙන් රුපියල් බිලියන 60 ක ආදායමක් අහිමියි

විමුක්ති එස් රුද්‍රිගු

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් 
බී.කේ.එස්. ශාන්ත

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,195 ක් වුවත් එම ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් බදු ගෙවන්නන් පිරිසක් සොයා ගැනීමට නොහැකිව එම දෙපාර්තමේන්තුව ගැටලු‍වකට මුහුණදී සිටී.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස්. ශාන්ත මහතා ප්‍රකාශ කර සිටියේ 2023 වසරේ මැයි මාසයේදී හඳුන්වා දුන් නීතිමය අවශ්‍යතාවට අනුව, වයස අවුරුදු 18ට සහ ඊට වැඩි සියලු‍ම පුද්ගලයන්ට ටින් අංකයක් ලබා ගැනීම අනිවාර්ය වුවත් තවමත් ටින් අංකයක් ලබා නොගත් පිරිසක් සිටින බවය.

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 100 පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අංකය ලබා ගැනීමට සිටින බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී කේ එස් ශාන්ත මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 17 ක් 18 ක් පමණ සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර තිබෙන බවද ඔහු පැවැසුවේය.

වර්තමානය වනවිට බදු ගෙවන්නන් හඳුනාගැනීමේ ප්‍රගතියක් ලබා ඇතත් තවත් බොහෝ දුර යා යුතුව තිබෙන බව ශාන්ත මහතා ප්‍රකාශ කළේය. බදු ගෙවීමට සුදුසුකම් තිබෙන ටින් අංකය ලබාගෙන නැති මෙම ලක්ෂ 70 ක පමණ පිරිස බදුදැල තුළට ගෙන ආ යුතු බවද ඔහු පැවැසුවේය. බදු දැලට ඔවුන් ඇතුළත් කර ගැනීම අනුකූලතාව සඳහා පමණක් නොව, දිගුකාලීන මූල්‍ය තිරසාරභාවය සඳහා ද ඉතා වැදගත් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස්. ශාන්ත මහතා ප්‍රකාශ කළේය.

2023 වසරේදී, රජය ටින් අංකයක් ලබා ගැනීම නීතිමය අවශ්‍යතාවක් බවට පත් කර සිටියේ, බැංකු තැන්පතු, ණය කාඩ්පත් නිකුත් කිරීමේ සිට ඉඩම් සහ වාහන ලියාපදිංචි කිරීම් දක්වා පුළුල් පරාසයක මූල්‍ය හා නීතිමය ගනුදෙනු සඳහා ටින් අංකය ඒකාබද්ධ කිරීමේ අරමුණින්ය. ටින් අංකයක් ලබා ගැනීමේ ප්‍රවේශය විධිමත් කිරීම සඳහා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ටින් අංකයක් ලබාගැනීමේ අයදුම්පත් යොමු කිරීම සඳහා මාර්ගගත ද්වාරයක් දියත් කරන ලද අතර, එමඟින් ශ්‍රී ලාංකිකයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාලවලට පෞද්ගලිකව පැමිණීමෙන් තොරව ටින් අංකයක් සඳහා ලියාපදිංචි වීමට ඉඩ සැලැස්විණ.

කෙසේ වෙතත්,ටින් අංකයක් ලබා ගැනීම සඳහා නීත්‍යානුකූලව ලියාපදිංචි වීමට බැඳී සිටියද, බොහෝ විට බදු සීමාවට වඩා පහළට වැටෙන සහ විධිමත් පද්ධතියෙන් විසන්ධි වී සිටින අඩු ආදායම්ලාභී හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ව්‍යූහාත්මක අභියෝගයකට මුහුණ දෙමින් සිටී. මෙම අඩු ආදායම්ලාභින්ට ලැබෙන සහන අතර පොලිය මත අයකරනු ලබන රඳවා තබා ගැනීමේ බද්දෙන් ලැබෙන බදු නිදහස් කිරීමද තිබෙන අතර ඒ සඳහා සිය ගිණුම තිබෙන වාණිජ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට ස්වයං ප්‍රකාශයක් ලබාදීම අනිවාර්ය වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පොලිය මත රඳවා තබා ගැනීමේ බද්ද පසුගිය 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 5 සිට 10 දක්වා වැඩිකරනු ලැබුවේය.

එහිදී එම බද්දෙන් නිදහස් වන පුද්ගලයකුගේ ආදායම් සීමාව වසරකට රුපියල් ලක්ෂ 12 සිට ලක්ෂ 18 දක්වා වැඩි කිරීමටද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කළේය. එම සහනය හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අහිමිවන ආදායම රුපියල් බිලියන 60 ක් පමණ වන බවද නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවැසුවේය.

රුපියල් ලක්ෂ 18 ට අඩු ආදායම් ලබන්නන් පොලිය මත රඳවා තබා ගැනීමේ බද්දෙන් නිදහස් කිරීමක් ලබා ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතනවලට දිය යුතු ස්වයං ප්‍රකාශය ඇතුළත් අයැදුම්පත්‍රය බැංකු හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි වුවත් ටින් අංකය නොමැති බොහෝ අඩු ආදායම්ලාභීන් විධිමත් බදු ක්‍රියාවලියට සම්බන්ධවීමට පසුබට වීමක් හෝ නොදන්නා කමක් පෙන්නුම් කරන බව ශාන්ත මහතා ප්‍රකාශ කළේය.

ටින් අංකය සැදීමෙන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එය අයැදුම්කරුට මෙන්ම අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනය වෙතද ලැබීමට සලස්වන බව නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවැසුවේය.

කෙසේ නමුත් ස්වයං ප්‍රකාශයේ වැරදි තොරතුරු ඇතුළත් කර ඇති පුද්ගලයන්ට එරෙහිව දේශීය ආදායම් පනත යටතේ නීතිමය පියවර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගනු ඇති බවද ශාන්ත මහතා ප්‍රකාශ කළේය.



අදහස් (0)

රුපියල් බිලියන 2,195ක දේශීය ආදායම් ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රුපියල් බිලියන 2,195ක දේශීය ආදායම් ඉලක්කයක්
2025 අප්‍රේල් මස 29 31 0

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,195 ක් වුවත් එම ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් බදු ගෙවන්නන් පිරිසක් සොය


2024 දී ලාංකික ශිෂ්‍යයෝ විදෙස් අධ්‍යාපනයට ඩො. මි. 194ක් වියදම් කරලා
2025 අප්‍රේල් මස 29 29 0

ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් විසින් 2024 වසරේදී විදේශ අධ්‍යාපනය සඳහා දැරූ වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 194.4ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. බැංකු පද්ධතිය ඔ


සතිය ආරම්භයේදී කොටස් වෙළෙඳ පොළ ඉහළට
2025 අප්‍රේල් මස 29 18 0

අප්‍රේල් මාසයේ අවසන් සතියේ ආරම්භක දිනය වූ ඊයේ (28) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් යම් ඉහළ යාමක් පෙන්නුම් කළේය. ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI)


අප්‍රේල් මුල් දින 24ට සංචාරකයෝ 144,320 ක්
2025 අප්‍රේල් මස 29 38 0

මෙම මස පළමු දින 24 තුළදී මෙරටට සංචාරකයන් 144,320 ක් පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ අප්‍රේල් මස පළමු දින 24ට සාපේක්ෂව සියයට 22.1 ක ඉහළ යාමක් බවත් සංචාරක සංවර්ධන අධික


රුපියල සියයට 2.4 කින් අවප්‍රමාණය වෙලා
2025 අප්‍රේල් මස 29 12 0

මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට අප්‍රේල් මස 23 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.4 කින් අවප්‍රමාණය වී


නීති විරෝධී සිගරට් සැලකිය යුතු මට්ටමකින් ඉහළට
2025 අප්‍රේල් මස 29 8 0

පසුගිය වසරේදී මෙරට නීත්‍යානුකූල සිගරට් අලෙවිය පහත ගොස් ඇතත් නීති විරෝධීව මෙරටට ගෙන්වන සිගරට් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි ලංකා දුම්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 95 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 27 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1060 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site