විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 25 ක් කෘෂි කර්මාන්තයට සම්බන්ධ බවත් එහෙත් කෘෂි කර්මාන්තය මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබා දෙන්නේ සියයට 7 කින් බවත් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ මහතා ඊයේ (13) ප්‍රකාශ කළේය. අඩු ඵලදායිතාව සහ ගෝලීය වෙළෙඳපොළේ අඩු තරඟකාරීත්වය ඉන් පිළිබිඹු කරන බවද කඩෝනෝ මහතා පැවැසුවේය.
ග්‍රාමීය ආර්ථිකයේ දුප්පත්කමින් මිරිකී සිටින ජනතාව ඉන් මුදා ගැනීමට මේ සඳහා විසඳුමක් සෙවිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය. ඵලදායිතාව ඉහළ නංවා ගැනීම සඳහා වෙනස් විය යුත්තේ කෘෂිකර්මය සඳහා භාවිත කරන තාක්ෂණයද, ජලය තවත් කාර්යක්ෂම ලෙස භාවිත කිරීමද, එසේත් නැතිනම් නව බෝග හඳුන්වා දීමට අවශ්‍යතාවක් තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ කණ්ඩායමක් සාකච්ඡා පවත්වමින් සිටින බව කඩෝනෝ මහතා ප්‍රකාශ කළේය.
මෙම වසරේදී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 900 ක මූල්‍ය සහායක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව බලාපොරොත්තු වන බවත් රජය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඊට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වනු ඇති බවත් එහිදී අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී චොල්පන් මම්බෙටෝවා මහත්මිය සඳහන් කළාය.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය, බලශක්තිය, කෘෂිකර්මය, මූල්‍ය, සංචාරක සහ කුසලතා සංවර්ධනය මුල්කරගත් ව්‍යාපෘති මෙම වසරේදී රජයේ ප්‍රමුඛතාව මත ආරම්භ කිරීමට ආසියානු සංවර්ධන බැංකුව බලාපොරොත්තු වන බව ඇය පැවැසුවාය. එසේම මිලියන 900ක මූල්‍ය සහායට ප්‍රතිපත්ති මත පදනම්ව ලබාදෙන ණයද ඇතුළත් වන බවත් ලබාදෙන ණය මුදලේ ප්‍රමාණය තවම තීරණය කර නොමැති බවත් ඇය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව පසුගිය ජූනි මාසයේදී සී කණ්ඩායමේ සිට බී කණ්ඩායමට පැමිණි බවත් දැන් ශ්‍රී ලංකාවට සහනදායි පොලී අනුපාත යටතේ ගන්නා ණය මෙන්ම සාමාන්‍ය පොලී අනුපාත යටතේ ගන්නා ණය ලබා ගැනීමට හැකියාව තිබෙන බව ඇය පැවැසුවාය.
ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන අරමුණ වන්නේ තිරසාර ලෙස ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ එන බව සහතික කිරීම, ඔරොත්තු දීමේ හැකියාව ගොඩ නැගීම සහ ආර්ථික වර්ධනය බව ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාව නගා සිටුවීම සඳහා වන ආසියානු සංවර්ධන බැංකුව පළමු උපාය මාර්ගික ඉලක්කය වන්නේ මහජන මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම බව කඩෝනෝ මහතා ප්‍රකාශ කළේය.
එසේම ශ්‍රී ලංකාව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව බලාපොරොත්තු වන බව ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය 541 ක් තිබෙන බවට අසන්නට ලැබුණු බවත් එය නිවැරදි නම් 541 ක් යනු විශාල සංඛ්‍යාවක් බවත් ඔහු ප්‍රකාශ කළේය. බොහෝ රාජ්‍ය ව්‍යවසායවල තිබෙන අඩු කාර්යක්ෂමතාව, අඩු ඵලදායිතාව, විනිවිදභාවය අවමවීම සහ අවම වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියා මාර්ග ගත යුතු බවද ඔහු පැවැසුවේය.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටියදී සහාය දැක්වූ එකම බහු පාර්ශ්වික මූල්‍ය ආයතනය ආසියානු සංවර්ධන බැංකුව බවද කඩෝනෝ මහතා ප්‍රකාශ කළේය.
ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේ සිදුකළ මෙහෙයුම් සහ මෙම වසරේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන මෙහෙයුම් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ මහතා සහ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී චොල්පන් මම්බෙටෝවා මහත්මිය මෙම අදහස් පළ කළහ.
පසුගිය ජනවාරි 1 වැනිදා වනවිට ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහාය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති 27 ක් සක්‍රීය තත්වයේ පැවැති බවත් එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක් බවත් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී චොල්පන් මම්බෙටෝවා මහත්මිය එහිදී අදහස් දක්වමින් පැවැසුවාය.
ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් ණය 36 ක් සහ ප්‍රදාන 4 ක් යටතේ එම ව්‍යාපෘති 27 ක්‍රියාත්මක වන බව චොල්පන් මහත්මිය පැවැසුවාය. ඇමෙරිකානු ඩොලර් මිලියන 869 ක් වටිනා බලශක්ති ව්‍යාපෘති 6 ක්, ඩොලර් මිලියන 823 ක් වටිනා මානුෂීය සංවර්ධන ව්‍යාපෘති 4ක්, ඩොලර් මිලියන 393 ක් වටිනා නගරබද ව්‍යාපෘති 4 ක්, ඩොලර් මිලියන 203 ක් වටිනා රාජ්‍ය අංශයේ ව්‍යාපෘති 1ක්, ඩොලර් මිලියන 422 ක් වටිනා කෘෂිකාර්මික ව්‍යාපෘති 3 ක්, ඩොලර් මිලියන 859 ක් වටිනා මහා මාර්ග ව්‍යාපෘති 6ක් සහ ඩොලර් මිලියන 466 ක් වටිනා මූල්‍ය ව්‍යාපෘති 3 ක් ඊට අයත් වන බව චොල්පන් මහත්මිය ප්‍රකාශ කළාය.
වහළ මත සවිකළ සූර්ය බලශක්ති පද්ධතිවලින් උත්පාදනය කරනු ලබන විදුලිය සඳහා ගෙවන ගාස්තුව තවදුරටත් අසාධාරණ ලෙස අඩු කිරීමෙන් වළකින ලෙස සූර්ය බලශක්ති කර්මාන්
පසුගිය සතියේදී කොළඹ කොටස් හුවමාරුවේ පෙන්නුම් කළ පහළ බැසීමේ ප්‍රවණතාව තවදුරටත් පෙන්නුම් කරමින් ඊයේ (10) දිනය සඳහා ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර
භානුක අමරසිංහ 2025 ජනවාරි මාසයේදී වාණිජ බැංකු හරහා පෞද්ගලික අංශය කළ ණය ගැනීම් 2024 දෙසැම්බර් මාසයේදී පැවැති ප්‍රවණතාවට සාපේක්ෂව යම් ප්‍රමාණයකින් අඩු වී ඇ
මත්පැන් සඳහා පනවා තිබූ සුරා බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය. එහෙත් රජයේ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව රුපියල් බිලියන 10ක් වටිනා ණයකර නිකුතුවක් කිරීමට සූදානමින් සිටින බව පවසයි
කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල කාන්තා නියෝජනය සියයට 54කට වඩා කැපීපෙනෙන ලෙස ඉහළ යාමක් වර්තමානයේදී දක්නට ලැබෙන බව කොළඹ කො
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ලංකාවේ කෘෂිකර්මාන්තය ඵලදායක නෑ