IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලංකාවේ දරිද්‍රතාව අඩු කිරීමට වැඩි අවධානයක් අවශ්‍යයි- ලෝක බැංකුව

  • මෙරට ජනතාවගෙන් තුනෙන් එකක් දුගී භාවයෙන් හෝ දුගී භාවයට පත්වීමේ අවදානමක

විමුක්ති එස් රුද්‍රිගු


ඩේවිඩ් සිස්ලන්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙමින් පැවැතුණත් තවමත් මෙරට ජනතාවගෙන් තුනෙන් එකක් දුගී භාවයෙන් හෝ දුගී භාවයට පත්වීමේ අවදානමකින් පෙළෙන බව මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂක ඩේවිඩ් සිස්ලන් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

මෙරට ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි වේගයකින් වර්ධනය වීමේ වාසිය සියලු‍ දෙනාටම, විශේෂයෙන් දැඩි ලෙස අවදානමට ලක්වූවන්ට ලැබෙන බව සහතික කිරීම සඳහා රැකියා උත්පාදනය කරන සහ දුප්පතුන්ට සහාය වන ප්‍රතිපත්ති කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමුකළ යුතු බවද අධ්‍යක්ෂකවරයා පැවැසුවේය.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කලීන කිරීම නම් වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂක ඩේවිඩ් සිස්ලන් මහතා මෙම අදහස් පළ කළේය.

පසුගිය වසරේදී විදේශ විනිමය, ආර්ථික වර්ධනය සහ මූල්‍ය ශේෂ අපේක්ෂා ඉක්මවා යමින් මෙරට ආර්ථිකය ශක්තිමත්ව යථා තත්වයට පත්වෙමින් තිබුණත් තවමත් ශ්‍රී ලාංකික පවුලක ආදායම, මූල්‍ය නොවන සුබසාධනය තවමත් පවතින්නේ මෙරට මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය ඇතිවීමට පෙර පැවැති මට්ටමටත් වඩා අඩු මට්ටමක බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය. එසේම මෙරට දරිද්‍රතා අනුපාතය පසුගිය වසරේදී සියයට 24.5 ක් බවත් එය ඉතාමත් ඉහළ මට්ටමක් බවත් ලෝක බැංකුව පැවැසුවේය.

එසේම ශ්‍රම වෙළෙඳපොළ තවමත් යථා තත්වයට පත්ව නැති බවත් ඒ හේතුවෙන් පසුගිය වසරේදී ශ්‍රී ලාංකිකයන් විදේශයන්හි රැකියා අවස්ථා සෙවීම ඉහළ ගොස් ඇති බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් විදේශවලට සංක්‍රමණය වී ඇති බවද ලෝක බැංකුව පැවැසුවේය.

කෙසේ නමුත් මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 4.4 ක වේගයකින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකතනය කර තිබූ බවත් ශ්‍රී ලංකාවේ ඉතාමත් සතුටුදායක ලෙස එම පුරෝකථන ඉලක්ක පසුකර යමින් පසුගිය වසරේදී සියයට 5ක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබෙන බවත් ලෝක බැංකුව පැවැසුවේය.

කර්මාන්ත හා සේවා, විශේෂයෙන් ඉදිකිරීම් සහ සංචාරක ආශ්‍රිත සේවාවල ශක්තිමත් කාර්ය සාධනය මෙම වර්ධනයට හේතු වී තිබෙන බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් නතර වී තිබූ ඉදිකිරීම් කටයුතු ආරම්භ වීම හේතුවෙන් 2023 වසරට සාපේක්ෂව 2024 වසරේදී කර්මාන්තය සියයට 11 ක වර්ධනයක් වාර්තා කර තිබෙන බවද ලෝක බැංකුව පැවැසුවේය. සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සේවා පසුගිය වසරේදී කැපී පෙනෙන අයුරින් වර්ධනය වී ඇති බවත් ඒ හේතුවෙන් 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සේවා අංශය සියයට 2.4 කින් වර්ධනය වී තිබෙන බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

අපේක්ෂා පසු කරමින් මෙරට ආර්ථිකය යථා තත්වයට පත් වුණද මැදි කාලීන වර්ධනය මධ්‍යස්ථ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන ලෝක බැංකුව ප්‍රකාශ කළේය. මධ්‍ය කාලීන වර්ධනය සහ දරිද්‍රතාව අඩු කිරීමේ අපේක්ෂා අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම මත රඳා පවතින බවද ලෝක බැංකුව පැවැසුවේය.

 



අදහස් (0)

ලංකාවේ දරිද්‍රතාව අඩු කිරීමට වැඩි අවධානයක් අවශ්‍යයි- ලෝක බැංකුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site