IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර හවුල්කාරිත්ව කාර්ය රාමුවක්

 නිමල කොඩිතුවක්කු


ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය (ISA) වෙත වාර්ෂික දායකත්ව ගාස්තු ගෙවීම සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාමුවට (CPF) අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සූර්ය බල ශක්තිය භාවිතය ප්‍රවර්ධනය කිරීමට සාමාජික රටවල් ගෙන ඇති පියවර සඳහා සහාය වීමේ අරමුණින් ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය පිහිටුවා තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 75 ක් එහි සාමාජිකත්වය ලබා ඇති අතර රටවල් 54ක් හවුල්කාරිත්ව කාර්යරාමු ගිවිසුම අපරානුමත කර ඇත.

ශ්‍රී ලංකාව අයත් වන කාණ්ඩය අනුව ස්වේච්ඡා දායකත්ව ගාස්තුව වශයෙන් වාර්ෂිකව ඇමෙරිකා ඩොලර් 25,000 ක දායකත්ව ගාස්තුවක් ගෙවිය යුතු වේ. සූර්ය බල ශක්ති ක්ෂේත්‍රයට අදාළව සුර්ය තාක්ෂණ යෙදවුම් සම්පත් මධ්‍යස්ථාන (STAR - C) හරහා ධාරිතා වර්ධනය, ප්‍රතිපත්ති සංවර්ධනය, අරමුදල් සඳහා ප්‍රවේශය, ගෝලීය ජාලකරණය, දැනුම හුවමාරු කර ගැනීම ආදී ප්‍රතිලාභ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය වෙතින් අත් කර ගැනීමට එහි සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවට හැකියාව පවතී.

ඒ අනුව, බල ශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: 2024/25 මූල්‍ය වර්ෂයේ සිට ඇමෙරිකා ඩොලර් 25,000 ක් වූ වාර්ෂික දායකත්ව මුදල් අඛණ්ඩව ගෙවීම. ශ්‍රී ලංකාවේ තාක්ෂණ යෙදවුම් සම්පත් මධ්‍යස්ථානයක් (STAR - C) පිහිටුවීම. රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාමුව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර අත්සන් තැබීම එය ඇතුළත්ය.



අදහස් (0)

ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර හවුල්කාරිත්ව කාර්ය රාමුවක්

ඔබේ අදහස් එවන්න

 

ව්‍යාපාරික විත්ති

ලංකාවේ බදු පරිපාලනය නවීකරණය වෙන්න ඕනෑ
2025 මාර්තු මස 14 30 0

මූල්‍ය විනයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පසුගියදා පැසැසුමට ලක් කළේ


ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට JICA සහාය
2025 මාර්තු මස 14 13 0

පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාවේ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද


ආසියානු සංවර්ධන බැංකුවේ නව සභාපති වැඩ අරඹයි
2025 මාර්තු මස 14 15 0

ආසියානු සංවර්ධන බැංකුවේ 11 සභාපතිවරයා ලෙස මසාටෝ කන්ඩා මහතා පසුගියදා වැඩ බාර ගත්තේය. ජපානයේ ජාත්‍යන්තර කටයුතු සඳහා නියෝජ්‍ය මුදල් ඇමැති ධුරය දරා ඇති මස


‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ආයෝජක හමුව මාර්තු 27 - 28 කොළඹ දී
2025 මාර්තු මස 14 13 0

කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව පවත්වනු ලබන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ප්‍


මහජන බැංකුවේ සභාපති - ප‍්‍රධාන විධායක මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැක
2025 මාර්තු මස 14 4 0

මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරු, මහා විහාර වංශික ස්‍යාමෝපාලී ම


ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර හවුල්කාරිත්ව කාර්ය රාමුවක්
2025 මාර්තු මස 14 5 0

ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය (ISA) වෙත වාර්ෂික දායකත්ව ගාස්තු ගෙවීම සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 242 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 559 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 256 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site