සීමාසහිත ලංකා පොහොර සමාගමට හා මිල්කෝ ආයතනයට නව සභාපතිවරුන් පත් කර තිබේ.
සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස සෝමචන්ද්‍ර ජයකොඩි මහතා පත්කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන ජයකොඩි මහතා රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් ද වේ.ශ්‍රී ලංකා රේගුවේ වසර 39 ක සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතා ජාතික පශු සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන් ද සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද මීට පෙර කටයුතු කර ඇත.
ලංකා පොහොර සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ජෙරම් සමරතුංග මහතා පත් කර ඇත
ජෙරම් සමරතුංග මහතා සමෘද්ධි මූල්‍ය බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයෙහි සහ සමූපකාර අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ උපදේශකයෙකු වශයෙන් මීට පෙර කටයුතු කර ඇත. ප්‍රමුඛ පුද්ගලික ව්‍යාපාර කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලයේ ද ජෙරම් මහතා කටයුතු කරනු ලබයි
සීමාසහිත මිල්කෝ පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස මීට පෙර මිල්කෝ සමාගමේ 2015 -2018 දක්වා සභාපතිවරයා ලෙස කටයුතු කළ කීර්ති මිහිරිපැන්න මහතා පත් කර ඇත. ඔහු මෙරට ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකි.
මිල්කෝ සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස එම්.එච්.එම්. පසාල් මහතා පත් කර ඇති අතර ඔහු මිල්කෝ සමාගමේ මෙන්ම සමාජ ආරක්ෂණ මණ්ඩලය, සමෘද්ධි මූල්‍ය මණ්ඩලය නියෝජනය කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස මීට පෙර කටයුතු කර ඇත.
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා මෙම පත්වීම් ප්‍රදානය සිදු
කළේය.
(36698)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකා පොහොර සමාගමට - මිල්කෝ සමාගමට නව සභාපතිවරු පත් කෙරේ