ඉකුත් වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාස 12ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආයතන ඉලක්ක කරගත් රැන්සම්වෙයා පරිගණක වෛරස ප්‍රහාර 2,803ක් හඳුනාගැනීමටත්, ඒවා වැළැක්වීමටත් Kaspersky සයිබර් ආරක්ෂණ විසඳුම්වලට හැකියාව ලැබී තිබේ. මෙය 2023 වසරට සාපේක්ෂව සියයට 6ක රැන්සම්වෙයා ප්‍රහාරවල වර්ධනයක් වන අතර මෙරට ව්‍යාපාරික ආයතන සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමුකළ යුතු බව ඉන් පිළිබිඹු වේ.
රැන්සම්වෙයා ප්‍රහාර අතිශය සූක්ෂම ලෙස ව්‍යාපාරවලට මූල්‍ය මෙන්ම කීර්තිනාම ඉලක්ක කරගන්නා බැවින් ලොකු කුඩා සෑම ව්‍යාපාරයක්ම සිය තොරතුරු තාක්ෂණ ආරක්ෂාව ශක්තිමත් කිරීමට අවධානය යොමුකළ යුතු බව Kaspersky සමාගමේ විශේෂඥයෝ පෙන්වා දෙති.
2024 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගම් මෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක් ද සයිබර් ප්‍රහාරවලට ගොදුරු විය. දේශීය වශයෙන් සයිබර් ආරක්ෂණයේ වැදගත්කම ඉන් මනාව පිළිබිඹුවන අතර, මෙම සයිබර් අපරාධකරුවන් ඉතාම සවේදී තොරතුරු දඩයම්කරන අතර, අතිශය වැදගත් තොරතුරු පද්ධති කරා ප්‍රවේශවීමේ අවදානම ද පවතියි.
වර්තමානය වනවිට මෙම රැන්සම්වෙයා ප්‍රහාරකයන් ශ්‍රී ලංකාවේ සෑම කර්මාන්ත ක්ෂේත්‍රයක්ම පාසා ඉලක්ක කරගනිමින් සිටින බව අපගේ අධ්‍යයන තුළින් පෙනීයනවා. සමස්ත ප්‍රහාර සංඛ්‍යාව දෙස බැලූ විට එය සාමාන්‍ය අගයක් ලෙස කෙනකුට අර්ථකථනය කළ හැකියි. එහෙත් අතිශය බරපතළ මූල්‍ය සහ කීර්තිනාම හානියක් කිරීමට එක් රැන්සම්වෙයා ප්‍රහාරයක් පමණක් ප්‍රමාණවත්. එමනිසා විධිමත් සහ රැන්සම්වෙයා වළක්වාගැනීමේ හැකියාවෙන් යුතු සයිබර් ආරක්ෂණ විසඳුම් වෙත ආයෝජනය කිරීමට ව්‍යාපාර කටයුතු කළයුතුයි, යනුවෙන් Kaspersky සමාගමේ ආසියානු නැගී එන වෙළෙඳපොළ විකුණුම් ප්‍රධානී සෑම් යන් මහතා ප්‍රකාශ කරයි.
Kaspersky සමාගම හඳුන්වා දී ඇති සයිබර් ආරක්ෂණ විසඳුම් අතරට Kaspersky Endpoint Security for Business, Kaspersky Small Office Security, සහ Kaspersky Standard අයත් වේ. අඛණ්ඩව සිදුකරන ඇගයීම් මගින් මෙම විසඳුම් හරහා සියයට 100ක් රැන්සම්වෙයා ප්‍රහාර වළක්වාගත හැකි බවට සහතිකකර තිබීම විශේෂත්වයකි.
තව ද 2016 වසරේදී පිහිටුවාගත් No More Ransom වැඩසටහන හරහා යුරෝපා පොලිසිය, නෙදර්ලන්ත ජාතික පොලිසිය සහ වෙනත් ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ හවුල්කරුවන් සමඟ එක්ව රැන්සම්වෙයා ප්‍රහාර වළක්වාගැනීමට මෙන්ම වින්දිතයන්ට සහාය වීමට ද Kaspersky ක්‍රියාකරයි.
2024 වර්ෂය වනවිට වර්ෂ 8 කාලයක් ප්‍රධාන හවුල්කරුවකු ලෙස No More Ransom වැඩසටහනට දායක වීමට Kaspersky සමාගමට හැකිවී තිබේ. මෙම කාලපරිච්ඡේදය තුළ Kaspersky නොමිලයේ ලබාදෙන decryption tools එදදකි හරහා විවිධ රැන්සම්වෙයා කාණ්ඩ 42ක් හඳුනාගැනීමටත්, ගෝලීය වශයෙන් වින්දිතයන් මිලියන 2.3ක් ආරක්ෂාකරගැනීමටත් සමත්වී ඇති බව යුරෝපා පොලිසිය වාර්තා කරයි. ගෝලීය සයිබර් ආරක්ෂාව වෙනුවෙන් සහ රැන්සම්වෙයාවලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් Kaspersky හි කැපවීම ඉන් මනාව පිළිබිඹු වේ.
ඔබත්, ඔබේ ව්‍යාපාරයත් රැන්සම්වෙයා ප්‍රහාරවලින් ආරක්ෂා කරගැනීමට පහත දැක්වෙන ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස Kaspersky විශේෂඥයෝ පෙන්වා දෙති. එනම්, RDP, MSSQL ආදී desktop/management services අත්‍යවශ්‍යම මොහොතක හැරුණු විට පොදු පරිගණක/ අන්තර්ජාල ජාලවලට සම්බන්ධ නොකිරීම, සෑම අවස්ථාවකදීම ශක්තිමත් රහස් කේත භාවිත කිරීම, two-factor authentication භාවිත කිරීම, firewall භාවිතය ආදී පියවර අනුගමනය කිරීම වැදගත් වේ. තව ද නිවසේ සිට රාජකාරිකරන සේවකයන් වෙනුවෙන් අන්තර්ජාල ප්‍රවේශය ලබාදෙන වාණිජ VPN සේවාවල ආරක්ෂාව පිළිබඳව ද වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ඊට අමතරව සෑම මෘදුකාංගයක්ම නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම ද රැන්සම්වෙයා වළක්වාගැනීමට උපකාරී වනු ඇත.
අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රවේශවීම සහ දත්ත සොරාගැනීම පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමුකළ යුතුය. එමෙන්ම offline backup ක්‍රමෝපාය ගැන සැලකිලිමත්වීම ද වැදගත් ය. එතුළින් ඕනෑම හදිසි අවශ්‍යතාවකදී ක්ෂණයකින් දත්ත වෙත ප්‍රවේශවීමේ හැකියාව ඔබට ඇත. නීත්‍යනුකූල නොවන මෘදුකාංග ඩවුන්ලෝඞ් කිරීම හෝ නොදන්නා මූලාශ්‍රවලින් මෘදුකාංග ලබාගැනීමෙන් වැළකීසිටීම ද සයිබර් ආරක්ෂණයේ වැදගත් පියවරකි. සැපයුම් ජාලය ඇගයීමට සහ විගණනයට බඳුන් කර, ඔබේ තොරතුරු පද්ධතියට පිවිසීමට ඇති ඉඩකඩ අවුරාලීම ද වැදගත් ය. එමෙන්ම යම් හෙයකින් දත්ත කොල්ලයක් සිදුවුවහොත් එමගින් ඔබේ ව්‍යාපාරයට ඇතිවිය හැකි කීර්තිනාම හානිය වළක්වාගැනීමට ක්‍රියා සැලැස්මක් සැකසීම ද සයිබර් ආරක්ෂණයටම අයත් පියවරකි.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලාංකික ව්‍යාපාර ඉලක්ක කරගත් රැන්සම්වෙයා ප්‍රහාර යළිත් ඉහළට