IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ  (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසියේදී රටේ සෙරමික් සහ වීදුරු කර්මාන්ත බලගැන්වීම සඳහා සිය ප්‍රමුඛ  භූමිකාව අවධාරණය කළේය.

ලිට්‍රෝ ගෑස් විසින් අනුග්‍රහය දක්වන ලද මෙම තාක්ෂණික සැසියේදී, ඉතා වැදගත් අංශ වන බලශක්ති කාර්යක්ෂමතාව, තිරසාරභාවය සහ නවෝත්පාදන යන මාතෘකා කෙරෙහි අවධානය යොමු කරන ලදී. ලිට්‍රෝ හි සහයෝගීතාව, විශේෂයෙන්ම ආර්ථික අර්බුද සහ අඛණ්ඩ සැපයුම් ලබාදීමේ අභියෝග පවතින කාල පරාස තුළ අඛණ්ඩ බලශක්ති සැපයුම සහතික කිරීම සහ බලශක්ති අත්‍යවශ්‍ය කර්මාන්තවල වර්ධනයට සහාය වීම සඳහා එහි දිගුකාලීන කැපවීම අවධාරණය කරයි.

2024/2025 ධුර කාලය සඳහා සභාපති ධූරය සඳහා අත්දැකීම් සම්භාරයකින් පිරිපුන් සහ නව දැක්මක් සහිත අරවින්ද පෙරේරා මහතා පත් කිරීම ද මෙම රැස්වීමේදී සිදු කරනු ලැබීය.

ගෑස් කර්මාන්තයේ ප්‍රවීණයකු වන ඉන්දියාවේ පූනේ ගෑස් සහ ලංකා ගෑස්ටෙක් සභාපත ජයිසීන් සම්පට් මහතා අනාගත තරඟකාරිත්වය පවත්වා ගැනීම සඳහා බලශක්ති සංරක්ෂණයේ වැදගත්කම අවධාරණය කළේය. ඔහු ඛඡ ගෑස් භාවිතයේ නව ප්‍රවණතා ඉස්මතු කළ අතර, දිගුකාලීනව කර්මාන්තයේ සාර්ථකත්වය සඳහා වඩාත් තිරසාර බලශක්ති භාවිතයන් වෙත මාරුවීම අවධාරණය කළේය.

වසර ගණනාවක් පුරා, සෙරමික් සහ වීදුරු අංශය ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද ගෝලීය වෙළෙඳපොළේ ස්ථාවරව පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ අපනයන ඉපැයීම් සඳහා ප්‍රධාන දායකයකු ලෙස මතු වී ඇත. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත වෙළඳ භාණ්ඩ අපනයනයෙන් දළ වශයෙන් සියයට 2-3 ක් පමණ මෙම ක්ෂේත්‍රවලින් වන අතර, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය  සඳහා මෙම කර්මාන්ත සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත.

මෑත කාලීන මූල්‍ය අර්බුදය තුළ නිෂ්පාදන මෙහෙයුම් ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ලිට්‍රෝ ගෑස් මහඟු‍ දායකත්වයක් ලබාදීමත් සමඟ අභියෝගාත්මක කාලවලදී විශ්වාසනීය බලශක්ති සැපයුම්කරු ලෙස කර්මාන්තයේ ස්ථාවරත්වයට ප්‍රබල ලෙස සහාය වී ඇත. මෙම ස්ථාවරත්වය නිසා නිෂ්පාදකයන්ට අපනයන කටයුතු තිරසාරව පවත්වා ගැනීමටත් ජාත්‍යන්තර ඉල්ලු‍ම සපුරාලීමටත් හැකි විය.

ලිට්‍රෝ ගෑස් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා පැවසුවේ ලිට්‍රෝ සමාගම සෑම විටම කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත් විශේෂයෙන් සෙරමික් සහ වීදුරු අංශ ජාතික ආර්ථිකයට ප්‍රධාන දායකත්වය සපයන්නන් වන බැවින් ඔවුන් කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් බවත්ය. ජාතික ඛඡ ගෑස් සැපයුම්කරු ලෙස, අපි ස්ථාවර ගෑස් සැපයුමක් සහතික කරන අතර බාධාවකින් තොරව නිෂ්පාදනයට සහ වර්ධනයට සහාය වීම සඳහා තාක්ෂණික උපදේශ ලබා දෙන බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.

(සී මුණසිංහ)



අදහස් (0)

ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 48 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


Mercedes-Benz EQවිද්‍යුත් රථ පෙළති DIMO
2024 ඔක්තෝබර් මස 03 695 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු මෙන්ම ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වනDIMOසුඛෝපභෝගී වාහන වෙළෙදපොළේ නව යුගයක් සනිටුහන් කරමින් Mercedes-Benz EQ ව


Canon Image Square කොළඹ ලිබර්ටි ප්ලාසාහි දී විවෘත වේ
2024 ඔක්තෝබර් මස 01 123 0

Canon Image Square සමාගමේ ශ්‍රී ලංකාවේ බලය ලත් එකම අලෙවි නියෝජිත ආයතනය වන Metropolitan ආයතනය ආරම්භ කළ නවතම මාදිලියේ Canon Image Squareප්‍රදර්ශනාගාරය පසුගියදා කොල්ලු‍පිටිය ලිබර්ටි


එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්
2024 සැප්තැම්බර් මස 27 220 0

කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි


වඩාත් ඇගැයීමට ලක් වූ නව්‍යකරණ හා තාක්ෂණ සමාගම I O N
2024 සැප්තැම්බර් මස 06 401 0

මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්


සදාහරිත, මැලේසියාව සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයකට
2024 අගෝස්තු මස 22 475 0

වසර 22කට වඩා වාණිජ වන වගාවේ අත්දැකීම් බහුල, අගාවුඩ් ඇතුළු නැවුම් හරිත ආයෝ​ජ​න සැලසුම් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් Sadaharitha Plantations Limited (සදාහරිත) සමාගම, ඉතා වැදගත් ස


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 395 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 448 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1409 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site