විමුක්ති එස් රුද්‍රිගු
මෙරට රාජ්‍ය අංශය දුෂිත එකක් බවට පිටපිට 5 වැනි වතාවටත් තහවුරු කරමින් ‘2024 දූෂණ සංජානන දර්ශක ශ්‍රේණිගත කිරීමේ” ලකුණු 32 ක් ලබාගනිමින් එම ශ්‍රේණිගත කිරීමේ 121 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව අඛණ්ඩව පිරිහීමට ලක්වූ පස්වැනි අවස්ථාව මෙය වන අතර 2020 වසරේ සිට ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ පහළට පැමිණෙමින් හෝ ලකුණු සංඛ්‍යාව අඩුකර ගනිමින් සිටී. දූෂණ සංජානන දර්ශකය ලෝකයේ රටවල් කෙතරම් දුෂිතදැයි මැන බැලීමක් සිදුකරන අතර ව්‍යාපාරිකයන් සහ විශේෂඥයන්ට අනුව දූෂණ සංජානන දර්ශකය මගින් ලෝකයේ රටවල රාජ්‍ය අංශය කෙතරම් දූෂිතදැයි මැන බැලීමක් සිදුකරයි.
එම දර්ශකයේ ගෝලීය සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 43 ක් වන අතර එම මට්ටමට පහළින් සිටින රටවල් දුෂිතබව වැඩිම රටවල් ලෙස සැලකේ. ශ්‍රී ලංකාව 2023 වසරේ දූෂණ සංජානන දර්ශකයේ ලකුණු 34 ක් ලබා ගනිමින් 115 වැනි ස්ථානය හිමිකරගෙන තිබූ අතර ඒ අනුව පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ස්ථාන 6ක් පහළට පැමිණෙමින් 121 ස්ථානය හිමිකරගෙන ඇත.
ශ්‍රී ලංකාව 2020 වසරේ සිට නිකුත් වූ සෑම දූෂණ සංජානන දර්ශක ශ්‍රේණිගත කිරීමකදීම වසරින් වසර පිරිහී ඇති අතර 2020 වසරේ ලකුණු 38 ක් ලබා ගනිමින් 94 වැනි ස්ථානයත්, 2021 වසරේ ලකුණු 37 ක් ලබාගනිමින් 102 වැනි ස්ථානයත් හිමිකර ගෙන තිබිණි. එසේම 2022 වසරේදී ලකුණු 36 ක් ලබා ගනිමින් 101 වැනි ස්ථානයත්, 2023 වසරේදී ලකුණු 34 ක් ලබා ගනිමින් 115 වැනි ස්ථානයත් ශ්‍රී ලංකාව හිමිකර ගත්තේය.
පසුගිය වසරේ දූෂණ සංජානන දර්ශක ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව ලබාගත් ස්ථානය 2019 වසරේදී හිමිකරගත් ස්ථානය සමග සසඳා බලන විට පසුගිය වසරේදී ශ්‍රී ලංකාව දූෂණ සංජානන දර්ශකයේ ස්ථාන 27 ක් සැලකිය යුතු ලෙස පහළට පැමිණ ඇත. එය මෙරට රාජ්‍ය අංශයේ දූෂිත බව කියා පෑමට හොඳම නිදසුනක්ද වේ.
2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී ශ්‍රී ලංකාව දූෂණ සංජානන දර්ශකයේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණියත් එහිදී ශ්‍රී ලංකාවට එක් ලකුණක් අහිමි වී තිබිණි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වාර්ෂිකව නිකුත් කරන මෙම ශ්‍රේණිගත කිරීම රාජ්‍ය අංශයේ දූෂණ පිළිබඳ සංජානන මත පදනම්ව සැකසෙයි. දූෂණ සංජානන දර්ශකය සැකසෙන්නේ ලෝක බැංකුව, ලෝක ආර්ථික සංසදය, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම් හා උපදේශකයන්, ඇතුළු බාහිර මූලාශ්‍ර 13කින් නිකුත් කෙරෙන දත්ත භාවිත කරමිනි.
දූෂණ සංජානන දර්ශකයට අනුව ලකුණු 100ක් ගන්නා රාජ්‍යය දූෂණයෙන් තොරම රාජ්‍යය වන අතර, ලකුණු බිංදුව ලබාගන්නා රට දූෂණයෙන් වැඩිම රාජ්‍යයයි. මෙම දර්ශකයට ලෝකයේ රටවල් 180 ක් ඇතුළත් වේ.
ගියවර මෙන්ම මෙවරද දූෂණ සංජානන දර්ශකයේ පළමු ස්ථානය ඩෙන්මාර්කය හිමිකර ගනිමින් ලොව දූෂණය අවම රාජ්‍ය බවට පත්ව ඇත. මෙවර දර්ශකයේ දෙවැනි ස්ථානය ෆින්ලන්තයටත්, තෙවැනි ස්ථානය නගර රාජ්‍යයක් වන සිංගප්පූරුවටත් හිමිව තිබේ. මෙවර ඉන්දියාව ස්ථාන තුනක් පහළට පැමිණෙමින් 96 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.
ලෝකයේ 2012 වසරේ සිට මේ දක්වා රටවල් 32 ක් සිය රටවල දූෂණය අවම කරගෙන තිබෙන නමුත් රටවල් 148 තවමත් සිටි ස්ථානයේ හෝ එම ස්ථානයෙන් පහළට වැටී තිබෙන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පැවැසුවේය. තිරසාර ලෝකයක් ගොඩ නැගීමට දූෂණය ප්‍රධාන බාධකය වී තිබෙන බවද එම ආයතනය ප්‍රකාශ කළේය.
ආසියා ශාන්තිකර කලාපය පුරා රටවල නායකයන් දූෂණය තුරන් කිරීමට ලබාදී ඇති පොරොන්දු ක්‍රියාත්මක කිරීමට අසමත් වී තිබෙන බවත් ඒ හේතුවෙන් අසියා ශාන්තිකර කලාපයේ සාමාන්‍යය 44 දක්වා එක් ලකුණකින් වැඩිවී තිබෙන බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පැවැසුවේය.
මෙරට රාජ්‍ය අංශය දුෂිත එකක් බවට පිටපිට 5 වැනි වතාවටත් තහවුරු කරමින් ‘2024 දූෂණ සංජානන දර්ශක ශ්‍රේණිගත කිරීමේ” ලකුණු 32 ක් ලබාගනිමින් එම ශ්‍රේණිගත කිරී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන් ලෝක රාජ්‍ය සමුළුව (WGS) අතරතුර ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා මහ
ඉදිරිපත් කිරීමට නියමිත අයවැයේදී කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේස
මෙරට සමස්ත රජය ආදායම පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 4.14 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 22.7 ක ඉහළ යාමක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අ
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ යෝජිත ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ විධි විධාන පරිදි නිකුත් කරන ලද නියමය සහ සුරාබදු ආඥාපනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නිවේදනය පාර්ලිමේන්තුවේ අනුම
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ලෝක දුෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව තවත් පිරිහේ