IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘වත්තේගමින් නවසීලන්තයට අපේ කෑම’

නවසීලන්තයේ දකුණු දිවයිනේ නැගෙනහිර වෙරළබඩ පිහිටි ක්‍රයිස් චර්ච් නුවර එම රටේ ප්‍රසිද්ධව ඇත්තේ රමණීය ගෙවතු නුවරක් ලෙසයි. නගරය මැඳින් ගලායන නීලවර්ණ සුපිරිසිදු ජලයෙන් පිරි එවොන් ගංගාවත්, හරිත වර්ණයෙන් පිරීගිය සුවිසල් බිම් පෙදෙසත් ක්‍රමානුකුලව ඉදිකර ඇති හැග්ලි මල්වත්ත, ක්‍රයිස් චර්ච් උද්භිද උද්‍යානය ඇතුළු විවිධාකාර උයන්වතු, දෙපස මලින් පළින් බර ගහකොළින් වටවූ ඇළ දොළ, බයිසිකල් මාර්ග, පදික වේදිකා ආදිය මේ නගරයේ සුන්දරත්වය රඳවා ගැනීමට සමත්වී ඇත.

1948 දී යුරෝපීයන්ගේ පදිංචිය ආරම්භ වීමෙන් අනතුරුව සියවස් එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ මෙවන් ශිඝ්‍ර සමෘද්ධියක් උදාකර ගැනීමට මේ කුඩා දිවයින් දෙකෙහි ජනතාවට හැකිවීම අගය කළ යුතුය.

 

යුරෝපීයන් පැමිණීමට කලින් මේ පළාතේ ජීවත්වූ මෞරි ජාතිකයින් එය හැඳින්වුයේ "ඔටාඋටාහි" යනුවෙනි. එහි තේරුම වුයේ "ටඋටාහිගේ ගම" යන්නයි. එවකට "ටේ පොටිකි ටඋටාහි" ඒ ගමේ ප්‍රධානියා විය.

ක්‍රයිස් චර්ච් නුවර ප්‍රධාන මාර්ගයක් නම් කර ඇත්තේ "කොළඹ පාර" යනුවෙනි. නගරයේ දකුණේ සිට උතුරු ප්‍රදේශය දක්වා ආසන දෙව් මැදුර පසුකර දිවෙන මෙම මාර්ගය කිලෝමීටර් 6ක්  දිගය. මෙම මාර්ගයෙහි තැනින් තැන කඩසාප්පු සහ ආපනශාලා පිහිටා ඇත.

ඒ එක් ජනප්‍රිය භෝජන ශාලාවක් හඳුන්වනුයේ "සිලෝන් කිචන්" නමිනි. මෙම සුන්දර මුළුතැන්ගේ හිමිකරු මෙන්ම ප්‍රධාන අරක්කැමියා සුදත් විජේවර්ධන නම්වූ ශ්‍රී ලාංකික තරුණයෙකි. වත්තේගම ඉපැදී හැදුන වැඩුණ සුදත් නවසීලන්තයට ගියේ මීට වසර දහසයකට පෙරය. ක්‍රයිස් චර්ච් සම්මේලන මධ්‍යස්ථානයේ ප්‍රධාන අරක්කැමියකු ලෙස වැදගත් රැකියාවක නිරතව සිටින අතරවාරයේදී ඔහු තමන්ගේම භෝජනාගාරයක් ආරම්භ කළේය. ඒ මීට වසරකට ඉහතදීය. 

කොළඹ වීදියේ අංක 620 දරන ස්ථානයේ පිහිටි "සිලෝන් කිචන්" ආපනශාලාවට ඇතුළුවන තැන අලංකාර තොරණක හැඩය ගත් නාම පුවරුවකි. එතැන සිට ආපනශාලාව තෙක් මේස පුටු තබා ඇති ලස්සන මල් වත්තකි. අවශ්‍ය නම් එහිදී  ආහාර අනුභව කිරිම කළ හැකිය. 

සුදත් විජේවර්ධන නවසීලන්තයේ ජනප්‍රිය ආහාරපාන සකස් කිරීමෙහි මනා පරිචයක් ලබා ඇති දක්ෂ සුපවේදියෙකි. එසේ වුවද ශ්‍රී ලාංකික අවන්හලක් ආරම්භ කිරීමේදී ඔහු මුලසිටම තම අවන්හලේ කෑම වට්ටෝරුවට ශ්‍රී ලාංකික ආහාරපාන පමණක් යොදා ගත්තේය. ඔහුගේ අවන්හලේ ඇත්තේ ඉඳි ආප්ප, ආප්ප, පිට්ටු, කොත්තු රොටි, කිරිබත්, කිරිහොදි, පොල් සම්බෝල, කුකුල් මස්, පරිප්පු, අල බැදුම්, වඩේ වැනි ලාංකීය වර්ග වේ. ශ්‍රී ලංකාවේ ආහාරපාන පිළිබඳ නවසීලන්ත ජාතිකයින් තුළ කිසිම වැටහීමක් නැත. ඒ නිසා ඔවුන් අතර ඒවා ජනප්‍රිය කිරීම සුදත් මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය විය. ඒවා පිළියෙළ කිරීමේදී සහ පිසීමේදී ඔහු කටයුතු කළේ ලංකාවේ ගමේ ගෙදරදී මෙන් අත්‍යාවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය එපරිද්දෙන්ම යොදා ගනිමිනි. සුද්දාට අවශ්‍ය පරිදි රස හෝ සැර බාලකිරීමක් සිදු නොකර රසබර ව්‍යංජන පිසීමෙන් ඒවාට තම පාරිභෝගිකයින්ගේ රසාංකුර හුරුකර ගැනීම ඔහුගේ උත්සාහය විය. සුපවේදියකු ලෙස සුදත් දැක්වූ පරිණතභාවය නිසා ඔහුගේ ආහාරපාන වැඩිකල් නොයාම ක්‍රයිස් චර්ච් නගරයේ බොහෝදෙනාගේ සිත් දිනාගැනීමට සමත්විය. ඒ මුළු ප්‍රදේශයේම ශ්‍රී ලාංකික ආහාර ලබාගත හැකි එකම ස්ථානයද සුදත්ගේ අවන්හල පමණය.

ඒ සමඟම කොළඹ වීදියේ "සිලෝන් කිචන්" භෝජනාගාරය තුළින් ශ්‍රී ලංකාවේ ආහාරපාන නවසීලන්තයට ගෙනයාමට වත්තේගම සුදත් විජේවර්ධන සමත්විය. කොළඹ වීදියේ සිලෝන් කිචන් ප්‍රධාන අවන්හලට අමතරව සුදත් සති අන්තයේදී  ආසන දෙව්මැදුර පිහිටි චතුරශ්‍රයේ තාවකාලික අවන්හලකද පවත්වා ගෙන යයි. 

ඔහුගේ උදව්වට අජිත් බණ්ඩාර සහ දීපානි සෙනෙවිරත්න කටයුතු කරති. අජිත් මාතලේ තරුණයෙකි. කලක් ඔහු ලන්ඩන් නුවර ඊස්ට්හැම් ප්‍රදේශයේ ජීවත් වුවෙකි. දීපානි කැන්ටබරි පළාත් සභාවේ සේවය කරන අතරවාරයේ සති අන්තයේ සුදත්ගේ අවන්හලේ කටයුතු සඳහා උදව් කරන්නීය.

සුදත්ගේ අවන්හලේ පාරිභෝගිකයින් සියල්ලම නවසීලන්ත ජාතිකයින්ය. ඔවුන් දැන් කටට රහට ලුණු ඇඹුල් සහිතව පිසෙන අපගේ ආහාර භුක්තිවිදින්නේ ඉතාමත් සතුටිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රයිස් චර්ච් නුවරට පැමිණෙන අවස්ථාවල ඔවුනට ලංකාවේ ආහාර සැපයීම කෙරෙන්නේ සුදත් විසිනි. එමෙන්ම ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන් සහ මැති ඇමතිවරුන්ද ක්‍රයිස් චර්ච් නුවරට පැමිණෙන හැම අවස්ථාවකම ශ්‍රී ලාංකික ආහාර වේලක රස විඳීම සඳහා ඔහුගේ අවන්හලට පැමිණීමට අමතක නොකරන බවද සුදත් කියයි.

 

Colombo_160108 CEYLON_KITCHEN14[1]_160108 CEYLON_KITCHEN13[1]_160108 CEYLON_KITCHEN11[1]_160108 CEYLON_KITCHEN9[1]_160108 CEYLON_KITCHEN_1[1]_160108 CEYLON_KITCHEN2[1]_160108 CEYLON_KITCHEN4[1]_160108 CEYLON_KITCHEN7[1]_160108

 



අදහස් (0)

‘වත්තේගමින් නවසීලන්තයට අපේ කෑම’

විජිත් Friday, 08 January 2016 09:27 AM

සුදත්, ඔබගේ දිරිය,ශක්තිය සහ ආත්ම ශක්තිය කෙරෙහි තැබූ විශ්වාසයට මගේ සුබ පැතුම්. ජයම වේවා. (බ)

:       0       0

අබය Tuesday, 26 January 2016 01:20 AM

වත්තේගම තිබෙන්නේ ලංකාවේ දකුණු පළාතේ නේද? (නි)

:       0       0

නාලක Tuesday, 02 February 2016 11:06 AM

පාර්ට් ටයිම් කරන්න ජොබ් එකක් එහෙම නැතිවෙයිද ඔහේ (කෞ)

:       0       0

නෙතලී Thursday, 04 February 2016 11:37 PM

සුබ පැතුම්! (නි)

:       0       0

මංගල Sunday, 10 January 2016 02:00 AM

උණුසුම් සුබපැතුම්! (නි)

:       0       0

නලින් සංජීව Sunday, 24 January 2016 07:17 AM

නිව්යෝක්වල තියන ලිට්ල් ශ්‍රී ලංකා ගැන ලිපියක් පළ කරන්න. ස්ටේටන් අයිලන්ඩ් කියන්නේ නිව්යෝකවල ලංකාවේ රෙස්ටුරන්ට් 7ක් තියන කඩ 4ක් තියන ගොඩක් ලංකාවේ අය ඉන්න තැනක් (බ)

:       0       0

නයන Wednesday, 27 January 2016 11:29 PM

වත්තේගම තියෙන්නේ නුවර පැත්තේ. දකුණේ තියෙන්නේ බද්දේගම. පටළවාගන්න එපා. බද්දෙගමත් ප්‍රසිද්ධ පළාතක්. බද්දේගමවාදය ඉතිහාසයේත් සඳහන් වෙනවා. (නි)

:       0       0

ගවින්ද Thursday, 28 January 2016 12:42 AM

ආඩම්බරයි ඔබ ගැන (නි)

:       0       0

කොඩිකාර . Thursday, 14 January 2016 03:59 PM

මල්ලි ඔයාට බුදුසරණයි දෙවි පිහිටයි, ජයවේවා (බ)

:       0       0

නීල් සිල්වා Monday, 11 January 2016 04:57 AM

ඔබට උණුසුම් සුබ පැතුම් ! (බ)

:       0       0

සරත් Thursday, 21 January 2016 03:54 AM

ඔබට ජය(අ)

:       0       0

සමන් Monday, 25 January 2016 02:19 AM

මමත් වත්තේගම. මටත් හරිම ආඩම්බරයි. (නි)

:       0       0

විකී Wednesday, 20 January 2016 02:35 AM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

අබේරත්න Wednesday, 27 January 2016 09:56 AM

දකුණේ මිනිහෙක් හැටියට මමත් ආඩම්බරයි වත්තේගම දකුණේ නිසා.(බ)

:       0       0

සුනිල් Saturday, 16 January 2016 06:40 AM

ඔබට තව තවත් ඉදිරියටම යන්න අපි හදවතින්ම සුබ පතනවා! ඔබට ජය! (නි)

:       0       0

රසික කරුණාරත්න Thursday, 14 January 2016 09:22 AM

සුදත් ඔර්යට සුබ පැතුම්....(බ)

:       0       0

නිමල් Thursday, 14 January 2016 10:07 AM

ඔබලාට මාගේ උත්තමාචාරය. (ර)

:       0       0

සිසිර Thursday, 14 January 2016 10:02 AM

ඔබගේ උත්සාහය අගය කරමි. (ර)

:       0       0

සුකිරි Thursday, 14 January 2016 10:02 AM

ජයවේවා සහෝදරයා... (ර)

:       0       0

සුමුදු Thursday, 14 January 2016 10:02 AM

ජයවේවා සහෝදරයා... එත් එක්කම කියන්න ඕන ඔය කලම්බෝ කියන නම සුද්දාගෙන් අපු නමක්. කලම්බෝ කියන්නේ සුද්දෙක්ගේ නමක්.කලම්බෝ කියලා ගම දැන්වූ නගර ලෝකේ ගොඩක් තියනවා...(හේ)

:       0       0

ආසිරි Thursday, 14 January 2016 10:08 AM

අපේ උණුසුම් සුබ පැතුමයි.(හේ)

:       0       0

එරංජන් Thursday, 14 January 2016 10:02 AM

ඔබගේ වැඩ කටයුතු සාර්ථක වේවා.(හේ)

:       0       0

මංජුල Thursday, 14 January 2016 10:08 AM

ගොඩක් සතුටුයි ඔබ දුටුවාම.(හේ)

:       0       0

යසිරු Thursday, 14 January 2016 10:02 AM

ජයවේවා සහෝදරයා..(හේ)

:       0       0

සුදත් Monday, 11 January 2016 07:53 PM

ක්‍රිෂාන්ත, ඒ මොන කාලෙද? (නි)

:       0       0

ජගත් කැප්පෙටිපොළ Friday, 08 January 2016 10:52 PM

සුදත්, ඔබට තව තවත් ඉදිරියටම යන්න අපි හදවතින්ම සුබ පතනවා! (නි)

:       0       0

අනුර Tuesday, 02 February 2016 12:01 AM

මගේ සුබ පැතුම්! (නි)

:       0       0

ක්‍රිෂාන්ත Sunday, 10 January 2016 05:11 AM

සුදත්, ගොඩක් සතුටුයි ඔයා ගැන. එකම ගමේ එකම හෝටලයක එදා අපි එකට වැඩකළේ. ඔයාගේ අනාගතයට මම හදවතින්ම සුබ පතනවා! (නි)

:       0       0

නිලුපුල් Wednesday, 13 January 2016 10:35 AM

තෙරුවන් සරණින් දෙව් රැකවරණින් නිදුක් වේවා නිරෝගී වේවා ......! දියුණුවෙන් දියුණුවටම පත්වේවා........! ශ්‍රී ලාංකීය නාමය ඉහලටම රැගෙන යාමට තව තවත් හැකි වේවා......! (බ)

:       0       0

කිත්සිරි Friday, 15 January 2016 12:16 AM

ඔබට ජය! (නි)

:       0       0

මුතු-කටුනායක Friday, 15 January 2016 12:10 AM

වත්තේගමින් දියුණු වුණ සාධාරණ හොඳ කෙනෙක් ඔබ. හැබැයි පිටරට වලට ගිහින් අද අසාධාරණව දියුණු වු අයත් ඔය අතර ඉන්නවා (නි)

:       0       0

ප්‍රදීප් Friday, 29 January 2016 06:26 PM

මමත් වත්තේගම තමා ඉපදුනේ. සුදත් අපිත් එක්ක අමතර පන්ති ගිහින් තියෙනවා වගේ මතකයි. ඔබට ජය වේවා!! (නි)

:       0       0

අනුර Tuesday, 02 February 2016 12:15 AM

ලෝකේ කොහේ ගියත් අපේ කොල්ලෙක් ඉදිරියෙන් ඇති (නි)

:       0       0

ධර්මසිරි Wednesday, 13 January 2016 05:07 AM

සුදත්, ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

අබේරත්න Thursday, 28 January 2016 09:33 AM

කවදාවත් අහල නැති වුණාට "බද්දේගම" වාදයට ජයවේවා!! (බ)

:       0       0

බර්නාඩ් Sunday, 10 January 2016 06:31 AM

අපි ඔබට සුභ පතනවා! (නි)

:       0       0

අමල් Friday, 08 January 2016 02:19 PM

උණුසුම් සුබපැතුම්.! (ර)

:       0       0

ගුනවර්දන Friday, 08 January 2016 02:14 PM

අපේ කොල්ලන්ගේ දිරිය ගැන ආඩම්බර වෙනවා , සුදත් ඔබලාට මම ජය පතනවා නෙදර්ලන්තයේ සිට. (ර)

:       0       0

සංජීවනී Sunday, 10 January 2016 07:10 AM

සුබ පැතුම් ඔබට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

වඩාත් ඇගැයීමට ලක් වූ නව්‍යකරණ හා තාක්ෂණ සමාගම I O N
2024 සැප්තැම්බර් මස 06 81 0

මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්


සදාහරිත, මැලේසියාව සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයකට
2024 අගෝස්තු මස 22 344 0

වසර 22කට වඩා වාණිජ වන වගාවේ අත්දැකීම් බහුල, අගාවුඩ් ඇතුළු නැවුම් හරිත ආයෝ​ජ​න සැලසුම් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් Sadaharitha Plantations Limited (සදාහරිත) සමාගම, ඉතා වැදගත් ස


නෙස්ලේ ලංකා දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරීත්වයට උපහාර
2024 අගෝස්තු මස 13 175 0

නෙස්ලේ ලංකා සමාගම ‘Good Food Good Life’ තේමාව සමඟින් එක්ව සිටින ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ඇගයීම වෙනුවෙන් පසුගිය ‘Connect@Nest’24’ උත්සවය පවත්වන ලදී. රසයෙන් හා ගුණයෙන් ස


NDB බැංකුව නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමඟ අත්වැල් බැඳ ගනී
2024 අගෝස්තු මස 12 125 0

ශ්‍රී ලාංකීය නව නිපැයුම්කරුවන් සහ නවෝත්පාදනයන් සඳහා පැවැත්වෙන ජාතික තරඟාවලියක් වන “සහසක් නිමැවුම්” ව්‍යාපෘතියට NDBබැංකුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුව


LOLC දිවිසවිය දිවයින පුරා අඛණ්ඩව
2024 අගෝස්තු මස 09 94 0

ශ්‍රී ලංකාව පුරා විහිදුණු පාසැල් 3,500 ක් කරා ළඟාවෙමින්, ආවරණය සමස්ත පාසැල් වලින් සියයට 35 ඉක්මවයි.


campbell Avenue හි මහල් නිවාස ව්‍යාපෘතිය නිම කිරීමට Westbury ඉදිරිපත් වෙයි
2024 අගෝස්තු මස 06 393 0

මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවකුගේ අවධානය යොමු වී නොතිබුණු මහල් නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට Westbury Residenciesසමාග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site