IMG-LOGO

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා


වන අලි ගැටලුවෙන් වැනසෙන මාතලේ කෘෂිකර්මාන්තය

  • හෙක්ටයොර 38,903ක ගෙවතු වගාව
  • අස්වද්දන කුඹුරු හෙක්ටයාර් 23,013ක්
  • හෙක්ටයාර් 8,754ක කාලීන බෝග වගා
  • මහා ධනයක් වැයකර අලි වැට සැදුවත් වැඩක් නෑ
  • අලි එළවලා ප්‍රශ්නය විසඳන්න බෑ
  • රටට අවශ්‍ය එළවළු පලතුරු සැපයුවත් ගොවීන්ගේ ප්‍රශ්න විසඳන්න කෙනෙක් නෑ
  • ගැටලු දිගටම තිබුණොත් මාතලේ එළවළු වගාව නවතින්නත් පුළුවන්

නාඋල - ඉන්දික අරුණ කුමාර

වනජීවි දෙපාර්තමේන්තුවේ ඇලහැර වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ආර්.එම්.සී. බණ්ඩාරනායක

අඹන ගොවි සංවිධානයේ ක්‍රියාකාරි සාමාජික වයි.එම්.එස්. බණ්ඩාර

 

වර්ග කිලෝමීටර් 1993.9 ක් පුරා පැතිර පවත්නා මාතලේ දිස්ත්‍රික්කයේ වසර ගණනාවක් තිස්සේ පවත්නා වන අලි ගැටලු‍වට  විසඳුම් ඉල්ලා ගොවි ජනතාව නගන හඩට නිසි විසඳුමක් ලැබී තිබේ ද ? එය කිසිවකුගේ බලපෑමෙන් ඉදිරියට නොයන ව්‍යාපෘතියක් ද ? රටේ ආහාර අවශ්‍යතාවට ඝෘජුවදායක වන මාතලේ ගොවි ජනතාවට වන අලි හේතුවෙන් ඇතිවී තිබෙන බලපෑම් කවරේද? යන්න විමසා බැලීම මේ ලිපියේ අරමුණ වේ.
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය දත්තවලට අනුව මාතලේ දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය 522316 කි.
මාතලේ දිස්ත්‍රිකයේ වනාන්තර හෙක්ටයාර් 69,513 කි. ඒ අතර ගෙවතු වගා කටයුතු සිදුකරන හෙක්ටයාර් ගණන 38,903 කි. අස්වද්දන ලද කුඹුරු හෙක්ටයාර් ගණන 23,013 කි. ප්‍රධාන ආර්ථික වැවිලි අතර තේ රබර් හා පොල් වගා හෙක්ටයාර් 10,185 කි. කාලීන බෝග හෙක්ටයාර් 8,754 කි.
අභ්‍යන්තර විශාල ජලාශ හෙක්ටයාර් 10,260 ක් පුරා පැතිර පවතියි.
මුඩු හා අත්හැර දමන ලද ඉඩම් ප්‍රමාණය හේක්ටයාර් ගණන 711 කි.
ලදු කැළෑ හා හේන් හෙක්ටයාර් 21,789 ක පුරා පැතිර පවත්නේය.
වනජීවි දෙපාර්තමේන්තුවට අනුව වන අලි ගම් වැදීම වැළැක්වීමට ඉදිකර ඇති අලි වැටේ දිග කිලෝමීටර්  110 කි. 


එය නාඋල - ගල්බොඩ ග්‍රාමයෙන් ආරම්භ වී මොරගොල්ල, කෝන්ගහවෙල, පුබිබිලිය, හැලඹගහවත්ත, හාඩුව, නයාකුඹුර, අගුණවෙල් පැලැස්ස, වෑවල සහ සීගිරිය දක්වා ව්‍යාප්තව පවතින්නේය.
වසර ගණනාවක් පුරා පැවැති ආණ්ඩු මගින් මහා ධනස්කන්දයක් වැයකර ඉදිකර ඇති අලි වැටෙන් ප්‍රයෝජනයක් නැතැයි පවසන ගොවි ජනතාවගේ මැසිවිලි නැගීම් සම්බන්ධයෙන් අප පළමුව විමසීම් කළේ වනජීවි දෙපාර්තමේන්තුවේ ඇලහැර වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ආර්.එම්.සී. බණ්ඩාරනායක මහතාගෙනි.
වසර ගණනාවක් තිස්සේ ඒ මහතා වන අලි ගැටලු‍ව සම්බන්ධයෙන් ඝෘජුව කරුණ ඉදිරිපත් කරයි. 
 මම මොරගහකන්ද ජලාශය හදන වෙලාවේ ඉදලම කිව්වේ ජලාශයට ආසන්න ගම්මාන වන ගල්බොඩ හා මොරගොල්ල ගම්මානවල ජනතාව ඉවත් කරලා වන අලින්ට ඉන්න තැනක් නිර්මාණය කරන්න කියලා. ඒ කාලේ හිටපු ප්‍රාදේශීය පාලකයන්ට තිබුණේ වෙන අවශ්‍යතාවක්. ඒ අයගේ ඡන්ද පදනමට මේ පිරිස් ඉවත් කිරීමෙන් බාධා වෙනවා කියලා තමයි හිතුවේ.
එහෙත් අද වන විට මේ ගම්මානවල ජීවත් වන ජනතාව අලින්ගෙන් පීඩා විඳිනවා. මම පැහැදිලිව කියනවා වන අලි පලවා හැරලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ. කොපමණ දුරකට වන අලි පැන්නුවත් ඒ අලි නැවත හිටපු තැන්වලට එනවා ඒක තමයි තත්වය. ඔය ජලාශ හදන්න ගිහිල්ලා අලි මංකඩවල් ඇහුරුණා. ඒ අයගේ ආහාර රටාව වෙනස් වුණා. අදටත් මින්නේරියට වන අලි යන්නේ මින්නේරියේ වැවේ තාවුල්ලේ වැවෙන කුඩා පැළෑට් කන්න.
ගම්මානවල කොස්, පොල්, අඹ, එළවළු පලතුරු වැවෙන්න පටන් ගත්තු නිසා වන අලි ඒවා කන්න ගම්වලට එනවා. අපි එදත් කීවා මේ සම්බන්ධයෙන් වෙනස් විදිහට හිතන්න ඕනේ කියලා. ඉතිරිවෙලා තියෙන වනාන්තර ටිකේ වන අලින්ට කන්න පුළුවන් කොස්, අඹ වගේ පලතුරු හදලා වතුර ටික ලැබෙන්න සැලැස්සුවානම් අලි ගම්වලට එන්නේ නෑ.
අනිත්කාරනේ තමයි අලි වැට. මේ අලිවැට නිසි ආකාරයෙන් නඩත්තු වෙන්නේ නැහැ. 
මේ පිරිස වෙනුවෙන් වැයකරන අති විශාල මුදල ගමේ ගොවි සංවිධානවලට දීලා අලි වැට නඩත්තු කරවන්න පුළුවන්. 
අනිත් කාරණේ තමයි අලි වැට නිතරම නඩත්තු වෙන්න ඕනේ. එහෙම ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවෙන්නේ නෑ. දැවැන්ත ප්‍රදේශයක් ආවරණය කරන්න ප්‍රමාණවත් නිලධාරීන් නැතිවුණාම ගැටලු‍ රැසක් පැන නගිනවා. ඒ විතරක් නෙවෙයි අනෙකුත් යටිතල පහසුකම් නොතිබීම මේ සඳහා බලපාලා තියෙන කාරණා අතර කරුණු කිහිපයක් පමණයි.
මාතලේ දිස්ත්‍රික්කයේ දෛනිකව වැඩිම එළවළු ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සපයනු ලබන්නේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අඹන ගොවි සංවිධානය විසිනි. එහි වගා වපසරිය අක්කර පන්සීයකට ආසන්නය.


අඹන ගොවි සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු වන වයි.එම්.එස්. බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ වන අලි ගම් වැදීමට  මොරගහකන්ද - කළු ගඟ ජල ව්‍යාපෘති සෘජුව බලපා ඇති බවයි.
වසරකට කන්න තුනක් වගා කටයුතු සිදුකරනු ලබන අඹන මහ වෙල්යායේ වී වගාවට අමතරව බතල ඇතුළු එළවළු වර්ග රැසක් වගා කරයි.
‘ වගා කරලා තියෙන බෝග සේරම වගේ වන අලි විනාශ කරනවා. අලි විතරක්ම නෙවෙයි රිළව්, මොනරු, දඬුලේන්නු වගේ සත්තුත් දැන් වගාවලට කරන හානිය වැඩියි. අපි සංවිධානයක් විදිහට මේ සම්බන්ධයෙන් හෑම රජයකට කිව්වත් ඒවා ගණන් ගන්න කෙනෙක් නැහැ.
අලි වැටක් හරියට නෑ. අලි වෙඩිල්ලක් දෙකක් දීලා වනජීවි මහත්තුරු යනවා. ඒ මහත්තුරුන්ටත් කරන්න දෙයක් නෑ. පැවැති  ආණ්ඩුවල අය මහා පරිමාණ විදිහට අලි වැටවල්වලට මුදල් වියදම් කළා. දැන් ඒ වැටවල් අක්‍රීයයි.
මේ දිස්ත්‍රික්කයේ වැවෙන එළවළු පලතුරු රටේ අනිත් පළාත්වලටත් ප්‍රවාහනය කරනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය රටේ ආර්ථිකයට බලපෑම් කරන්නේ අපි හදන එළවළු නිසා. මේ කාරණේ පාලකයන්ට තේරෙන්නේ නැහැ. මේ අලි වැටට අමතරව ගොවි බිම් ආරක්ෂා කරන්න ක්‍රමෝපාය රාශියක් ගොවි මහත්තුරුන් ළඟ තියෙනවා. එහෙත් ඒවට ඇහුන් කන්දෙන පාලකයෝ මේ රටේ නෑ.
මේ අලි ගැටලු‍ව දිගින් දිගටම තවදුරටත් පැවතුණොත් ටොන් ගණනක් එළවළු නිෂ්පාදනය වන මාතලේ දිස්ත්‍රික්කයේ වගා කටයුතු ඇන හිටිනවා. එහෙම වුණොත් රටටම ඒ ගැටලු‍ව බලපානවා. මාතලේ දිස්ත්‍රික්කයේ මහා පරිමාණයෙන් බී ලූනු වගා කරනවා. බෝංචි, කරවිල, මෑ කරල්, වැටකොළු, මිරිස්, බණ්ඩක්කා, බතල, වම්බොටු වගේ එළවළු ප්‍රධාන වශයෙන් වගා කරනවා. හැම කන්නෙකම වී වගා කෙරෙනවා. ඒ විතරක් නෙවෙයි හේන් ගොවිතැන හරහා මුං, බඩ ඉඟුරු, කව්පි, උඳු, කුරක්කන් වගේ ධාන්‍ය වර්ග බහුලව මාතලේ දිස්ත්‍රික්කයේ වගා කෙරෙනවා. මේ හැම වගාවකටම වන අලි ඇතුළු වෙනත් සතුන්ගෙන් හානි සිදුවනවා. ඒ නිසා වහ වහා මේ වන සත්ව හානි සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වෙනවා.‘
වසර ගණනාවක් තිස්සේ මින්නේරිය හා ගිරිතලේ සොබා රක්ෂිතවලින් මොරගහකන්ද ජලාශය හරහා මාතලේ දක්වා ගමන් කළ වන අලින්ගේ සංචරන රටාව කෙරෙහි අවධානය යොමු නොකිරීම, අලි මංකඩ ඇහිරීම වැනි කාරණා හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් නොව රටේම වන අලි ගැටලු‍ව මේ වන විට ඔඩු දුවා ඇත. මේ සඳහා තිරසාර  විසඳුම් ලබාගැනීමට ගොවීන්ගේ ගැටලු‍ සම්බන්ධයෙන් පසුගිය සමය් දිගින් දිගටම අරගල කළ පිරිස් අද වන විට රටේ පාලක පක්ෂ බවට පත්ව සිටිති.
දැන් කළ යුත්තේ අතීතයට දොස් නැගීම පසෙක ලා ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට ආණ්ඩුව පිළිතුරු සැපයීමය.

 



අදහස් (0)

වන අලි ගැටලුවෙන් වැනසෙන මාතලේ කෘෂිකර්මාන්තය

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

සමාජ ආරක්ෂණ බද්දෙන් ඉදිකිරීම් කර්මාන්තය කොට උඩ
2025 ජනවාරි මස 23 12 0

ඉදිකිරීම් කර්මාන්තයට බලපා ඇති සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද එම කෂේත්‍රයට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන් වෙත දැඩි ලෙස බලපා අතැයි ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය


ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් 28 වැනිද‌ා ඇරඹේ
2025 ජනවාරි මස 23 8 0

ලංකා වාණීජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව (Sri Lank Economic Summit) ලබන 28 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැ


ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක්
2025 ජනවාරි මස 23 14 0

ග්‍රාමීය සංවර්ධනය, අධ්‍යාපනය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර මුල්කරගත් මෙරට ප්‍රධාන ව්‍යාපෘති තුනක් සඳහා ඉදිරි මාස තුනක කාලයේදී ඇමෙරිකානු ඩොලර්


චිකන් පාර්ට්ස් අපනයනයට චීන දොර ඇරේ
2025 ජනවාරි මස 23 22 0

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත චිකන් පාර්ට්ස් (කුකුලන්ගේ බෙලි සහ කකුල් කොටස්) චීනයට අපනයනය කිරීම සඳහා මෙතෙක් ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිව නොතිබූ බවත් ජනාධිපති


හැටන් නැෂනල් බැංකුව රුපියල් බිලියන 6.5කට ඇක්විටි පාට්නර්ස් මිලදී ගනී
2025 ජනවාරි මස 23 10 0

මෙරට ප්‍රමුඛතම ආයෝජන කළමනාකරණ බැංකුවක් වන ඇක්විටි පාර්ට්නර්ස් (Acuity Partners) පෞද්ගලික සමාගමේ ඉතිරි සියයට 50ක කොටස් හිමිකාරීත්වයත් අත්පත් කරගත් බව හැටන් නැෂ


බිස්නස් හොඳයි වැඩිවීමක් තිබෙනවා: රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් ඉෂාඩ්
2025 ජනවාරි මස 23 7 0

පාරිභෝගික රුචිකත්වය සහ අතේ ඇති මුදලට විශාල පරාසයක සාරි සහ සල්වාර් ආදිය දෙවැනි හරස්වීදිය සහ ඊට යාබද වීදිවලින්ද මිලදී ගත හැකිය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 11 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 511 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 634 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site