වත්මන් ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික දර්ශනය පැහැදිලි නැත. ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කළ යුතුව තිබේ. විවෘත ආර්ථික ක්‍රමය අනුගමනය කරන නමුත් ආණ්ඩුව එය අවස්ථාවාදී ලෙස හසුරුවයි. ක්‍රමය තුළ අවස්ථා පමණක් නොව අභියෝග ඇත.
නිවැරදිව සලකා පුරවැසියන්ට සාධාරණය ඉටු කිරීම ආණ්ඩුවේ වගකීමකි. හොඳ නිෂ්පාදන හා සේවා පහසු මිලකට සපයන පිළිවෙළක් ඇති කරන්නට අවශ්‍යය. රජයට හෝ පෞද්ගලික අංශයට එය කළ හැකිය. පවතින ස්වභාවය අනුව රජයට පමණක් කරන්නට පුළුවන්කමක් නැත. පෞද්ගලික අංශයට පමණක් පැවරීම ද නුසුදුසුය රජය හා පෞද්ගලික අංශය අතර සහයෝගයකින් ව්‍යාපාර හා සේවා කරගෙන යා හැකිය. එහි දී තරඟයක් තිබිය යුතුය. නියාමනය ඉතාම වැදගත්ය. නීති රීති පැනවිය යුතු අතර පාරිභෝගිකයා හා පාරිභෝගික සංවිධාන ශක්තිමත් කළ යුතුව තිබේ. මෑත කාලය තුළ එකී අංශ සංවිධානාත්මක නැත.
පෞද්ගලික ව්‍යවසාය ශක්තිමත් කරන පියවරක වැදගත්කම
විවෘත ආර්ථික ක්‍රමය තුළ ධනය බිහිකරන වගකීම පෞද්ගලික අංශය සතුව තිබේ. පෞද්ගලික අංශය කරගෙන යන කාර්මික, කෘෂිකාර්මික හෝ සේවා අංශ මගින් ආර්ථිකය සක්‍රීය කරයි. රැකී රක්ෂා බිහි කරන අතර එතැනින් බිහිවන ධනයෙන් කොටසක් රජය අත්පත් කරගනී. එය බදු වශයෙන් අය කරන බව පෙන්වා දිය යුතුව ඇත. අය කරන බදු වලින් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන අතර ජනතාවට සේවයක් වශයෙන් කරගෙන යන අංශ වලට යෙදවේ. මහජන සුබසාධනය සඳහා යෙදවෙන්නේ ද මෙම බදු ආදායම බව පෙන්වා දිය යුතුව ඇත. ව්‍යවසාය ජාලය ශක්තිමත් කරන තරමට රජයකට පහසුවක් ලැබේ. මැදි ආදායම් රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ව්‍යවසායකයා වැදගත්ය. ව්‍යවසායකත්වය දියුණු කළ යුතුය. නිදහස ලැබුණ දිනයේ සිට ස්වදේශික ව්‍යවසාය දියුණු කරන අදහස ආණ්ඩුවලට තිබුණි. වරින් වර බලයට පත්වන ආණ්ඩු අනුගමනය කරන ලද ප්‍රතිපත්ති නිදහස් සහ ශක්තිමත් ලාංකික ව්‍යවසාය පරපුරකට බාධා කර ඇති බව පෙනේ. දේශපාලන හාදකම් සහ පලිගැනීම් එහි ලා බෙහෙවින් බලපෑවේය. බලයේ ඉන්නා අවස්ථාවේ දී වාසි ලබන අතර විපක්ෂයට ගියවිට පලිගන්නා බවට සාක්ෂි තිබේ.
පවතින අභියෝග මැඩගෙන අලුත් අනාගතයක් ගැන අපේක්ෂා කරන්නේ නම් පැහැදිලි ස්ථිර ප්‍රතිපත්තිවලට යා යුතුය.
ව්‍යවසායක අදහස් ඇති පරපුරක් බිහි කළ යුතු අතර එයට අවකාශ සලසන ව්‍යවසායකත්ව බැංකු ක්‍රමය හඳුන්වා දීම සුදුසුය.
එවැනි බැංකු අදහස් ඇපයට තබා ප්රාග්ධනය සපයන අතර එය අවදානමකි. සාර්ථකත්වය සමග ලැබෙන ප්රතිලාභ අවදානම අවම කෙරේ. අද ලෝකයේ සාර්ථකම ව්‍යවසාය වලට පදනම අලුත් අදහස් ක්‍රියාවට නැගීම වන අතර ඒවා දියුණු කරන්නට ඉඩක් නොතිබුණේ නම් ලෝක ආර්ථිකය සංකීර්ණ තැනකට පත්වන්නේ නැත. අද පවතින තාක්ෂණික හා විද්‍යාත්මක දියුණුවට එකම හේතුව ව්‍යවසාය බව පෙන්වා දිය යුතුව තිබේ.
සියතට ගැනීමට වඩා අනුබලය සැපයීම
ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් රථ ප්‍රමාණය හය දහස ඉක්මවන්නේ නැත. මෙම බස් රථ සංඛ්‍යාව පාලනය කරගැනීමට ඇමැතිවරු, පළාත් අමාත්‍යංශ හා නිලධාරී විශාල පිරිසක් සිටිති. එහෙත් අවුරුද්ද අවසානයේ විශාල පාඩුවක් ලබා තිබේ. පොදු ප්‍රවාහනය කරගෙන යා නොහැකි ආණ්ඩුව කාර්යාල ප්‍රවාහන සේවා ආරම්භ කිරීම ගැන අවධානය යොමු කිරීම සුදුසු නැත.
දැනට මෙරට සුළු ව්‍යවසායකයෝ පිරිසක් ඉතා අසීරුවෙන් ලීසිං පහසුකම් ලබා ගෙන බස් රථ යොදවා කාර්යාල ප්‍රවාහනය කරගෙන යති. පාසල් සේවාව ද එයට නොදෙවෙනිය. එම අංශ හෙයින් රැකියා බිහි වී තිබේ. ලිසිං සමාගම් ආදායම් උපයයි. ඒවායෙන් ආණ්ඩුව බදු අය කරන අතර කර්මාන්තයේ තරඟකාරීත්වය හේතුවෙන් දැන්වීම් හා මාධ්‍ය ප්‍රචාරණයට ද ඉඩ ලැබී ඇත. රජයේ ප්‍රවාහන සේවාවේ පාඩු පියැවීමට මෙම ව්‍යවසායකත්වය අඩපණ කළ යුතුද?
මුවෝ පැන හේන පාළු කළ විට ගෙදර ඇති මුව හමට තලන්නා සේ රට තුළ හදිසියේ මතුවන අර්බුද අවසානයේ දී මෙරට පෞද්ගලික ව්‍යවසායකයෝ වරදකරුවෝ බවට පත් වෙති. වෙළෙඳාම මාෆියාවකි. ව්‍යාපාරික අංශය ජාවාරම්කාරයෝය.
අතරමැදියන් නාඩියාකරුවන් වන අතර කලුකඩ මුදලාලිලා වශයෙන් හඳුන්වන පැලැන්තියක් සිටිති. මෙම නිර්වචන හැම අවස්ථාවකම ඇත්ත නොවේ. මතු පිටින් කරන කර්කශ විවේචනයට වඩා යමක් පෞද්ගලික ව්‍යවසාය රටට සපයයි. ව්‍යාපාර කිරීමේ දී ආණ්ඩුව අසමත්ය. රජයට අයත් ව්‍යවසාය පාලනය කරගත නොහැකි වී තිබේ. තිස් හත්දහසකට වැඩි රජයට අයත් දෙපාර්තමේන්තු, සංස්ථා හා මණ්ඩලවලින් සෑහෙන කොටසක් අකාර්යක්ෂම බව රජයේ වාර්තා සනාථ කරයි. මෙවැනි ව්‍යුහයකින් ගමනක් නැත. පෞද්ගලික අංශය රටට බරක් නොවේ. කරගෙන යන්නට අසමත්නම් ව්‍යාපාරය විකුණා වෙනත් යමකට හැරේ. මෙවැනි පැති ගැන අලුතින් හිතන්නට අවශ්‍යය. පසුගිය දශක ගණන තුළ එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති හා මතවාද වලින් ලැබුණ වාසි අවාසි ගණන් බැලීම සුදුසුය. නිෂ්පාදන සහ සේවා අංශ සම්පූර්ණයෙන් ආණ්ඩුවට පමණක් කරගෙන යන්නට හැකියාවක් නැත. ක්‍රමය තුළ ගැටලු පැන නැගෙන විට ආයතන රජයට පවරා ගන්නා බව සහ අලුත් ආයතන රාජ්‍ය අනුග්‍රහයෙන් අරඹන බවට ප්‍රකාශ කිරීම සුදුසු නැත. වෙළෙඳ පොළ සමබර කරන අතර තරඟකාරීත්වයකින් පාරිභෝගිකයාට වාසි අත්පත්වන රටාවක් අවශ්‍යය.
නියාමනය සාර්ථක මෙවලමක් විය හැකිය
කර්මාන්ත හා ව්‍යාපාර කරගෙන යන පුද්ගලික අංශය පාලනය සඳහා ශක්තිමත් නියාමනයක් ඇති කළ හැකිය. වරින් වර කඩා පැන අපහසුතාවට පත්කිරීමෙන් පලක් නැත. ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට බැංකු හා මුල්‍ය ආයතන සම්බන්ධයෙන් සාර්ථක නියාමනයක් කරගෙන යයි. එහි අවිධිමත් භාවය ගැන ද චෝදනා තිබේ. එය නිසි මගට ගැනීම කළ හැකිය. විදුලිය, ජලය හා ගෑස් සම්බන්ධයෙන් රජයේ නියාමන පණතක් තිබේ. එය රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසාය සම්බන්ධයෙන් සොයා බලා ප්‍රමිති හඳුන්වා දෙයි. අනෙක් අංශ වලට ද නියාමනය ඇතිකළ හැකිය. වී මිල දී ගැනීම හා සහල් නිෂ්පාදනය තුළ ඒකාධිකාරයක් තිබිය යුතු නැත. සහතික මිල ක්‍රමයක් රජය හඳුන්වා දී තිබේ. නිෂ්පාදන පිරිවැය ගැන පර්යේෂණ වාර්තා තිබේ. මේවා පදනම් කරගෙන නියාමනයක් ගොඩනැගීම පහසු කාරණයකි. වී මිල දී ගැනීම, ගබඩා කිරීම හා සහල් නිකුත් කිරීම ගැන තොරතුරු එකතු කිරීම අපහසු නැත. සුළු, මධ්‍ය හා මහා පරිමාණ මෝල් හිමියන් ගේ පසුබිම ගැන නිරවද්‍ය තොරතුරු අනුව වෙළෙඳ පොළ ශඛ්‍යතාව ඇතිකළ හැකිය. එය ගොවියාට පමණක් නොව පාරිභෝගිකයාට ද සහන ගෙන දෙන පියවරක් වනු ඇත.
ආනයනකරුවන්, තොග බෙදා හරින්නන් සහ සුපිරි වෙළෙඳ සැල් යනාදිය සඳහා ද අලුතින් නියාමන පද්ධති හදන්නට පුළුවන්කමක් තිබේ. දැනට පවතින නියාමන ක්‍රම අනුව එක් එක් අංශ වලට ප්‍රතිපත්ති සකස් කර නීතිගත කිරීම ප්රමාණවත්ය.
ඒකාධිකාරයකින් කිසිම ප්‍රයෝජනයක් නැත
තිරසාර සංවර්ධනය සම්බන්ධ පර්යේෂණ සලකා බලා ඇති ලෝක ආර්ථික සංසදය රාජ්‍ය හෝ පෞද්ගලික ඒකාධිකාරයකින් පලක් නැති බව අවධාරණය කර තිබේ. එම සංසදය පෙන්වා දෙන පරිද ලෝකයේ නිෂ්පාදනයට පෞද්ගලික අංශය සපයන දායකත්වය සියයට අසූව ඉක්මවයි. එවැනි ඉහළ ප්‍රතිශතයකට ගියේ ආණ්ඩු අසමත්වීම හා පුද්ගලීකකරණය නිසි පිළිවෙළක් බව කල්පනා කරන ලද 1990 ගණන් වල පැවැත්ම බව දක්වයි. සංවර්ධන අභිප්‍රාය ඉදිරියේ පෞද්ගලික අංශය බැහැර නොකර හවුල්කරුවන් කරගැනීමේ ඉතාම ඵලදායී ක්‍රමය ගැන ජාත්‍යන්තරයේ විද්වත්හු සාකච්ඡා කරමින් සිටිති. රජය හෝ පෞද්ගලික අංශයේ ඒකාධිකාරය කිසිම පලක් නැති දෙයක් බව අවධාරණය කරන කාරණයකි. ප්‍රමාණවත් සේ පෞද්ගලික අංශය දිරිමත් කරන අතර එයින් ජනනයවන ශක්තියෙන් සාමාන්‍ය ජනතාවට සහන සැපයෙන සේවා සඳහා ආණ්ඩුව බදු උපයාගත යුතු බව දක්වයි.
ඒකාධිකාරය තුරන් කරන අතර ජනතාව කේන්ද්‍රීය කරගත් වෙළෙඳ පොළ ප්‍රතිපත්ති සඳහා වැදගත් වන නියාමනය වෙත නැඹුරුවීම ඉතාම අවශ්‍ය බව පෙනේ. ශ්‍රී ලංකාවේ හුරුව අනෙකකි. ව්‍යාපාරිකයන්ට ඉදිරියට එන්නට අවස්ථාව දෙන අතර එක්තරා අවස්ථාවක දී මාෆියාවක් හැසිරෙයි. නිසි නියාමන ක්‍රම ඇති කිරීමෙන් ආණ්ඩුවලට බැහැරව තත්ත්වය පාලනය කරනු හැකි බව පෙන්වා දිය යුතුව ඇත.
- *** සාරා කන්දෙගොඩ
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ව්‍යාපාර මාෆියා පාලනයට නිසි ක්‍රමවේද