(නිමල කොඩිතුවක්කු)
රටතුළ ව්‍යාපාර සංවර්ධනය දිරිමත් කිරීම සඳහා මෙවර අයවැය යෝජනා සාධනීය පියවරක් බව ශ‍්‍රි ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති සුජීව සමරවීර මහතා අද (13) පැවසීය.
අයවැය යෝජනා මගින් රජය හදුන්වාදී ඇති ව්‍යවසායක ශ‍්‍රි ලංකා සංකල්පය ප‍්‍රශංසනීය වැඩපිළිවලක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ව්‍යවසායක ශ‍්‍රි ලංකා ණය යෝජනා ක‍්‍රමය සහ කෘෂි ක්ෂේත‍්‍රය සංවර්ධනය මෙන්ම කාන්තා සහ තරුණ ව්‍යවසාය සංවර්ධනය කිරීමට රජය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයේ මූල්‍ය අවශ්‍යතා සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කරමින් සංවර්ධන බැංකුවක් පිහිටුවීමටත් රජය යෝජනා කර තිබෙනවා.
මෙම සියළු කාරණාවලට අමතරව මෙවර අයවැයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය ලබාගැනීමේ ධාරිතාව පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ණය පහසුකම් අරමුදලක් ස්ථාපිත කිරීමටත් යෝජනා කර තිබෙනවා. ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා ගෙන ඇති හොඳ යෝජනා හැටියට මේවා හදුන්වාදිය හැකියි.
නීල ආර්ථිකය වැඩසටහන යටතේ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය සදහා වූ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ධීවර ක්ෂේත‍්‍රයට අමතරව වෙනත් ක්ෂේත‍්‍ර සදහාත් මෙවැනි යෝජනා හදුන්වා දී තිබෙනවා.
මහනුවර, ගාල්ල, අනුරාධපුරය සහ යාපනය යන නගර සදහා යෝජිත සංවර්ධන ව්‍යාපෘති මගින් එම කළාප සදහා ආර්ථික ප‍්‍රතිලාභ ඇතුළත් කර තිබෙනවා. එමගින් එම කලාපයන් සඳහා අවශ්‍ය සමාන සංවර්ධන අවස්ථා සැපයීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම රටතුළ ජාතික සංහිදියාව ස්ථාපිත කිරීම සදහාත් මෙය ඉවහල් වනවා.
මාර්ග පද්ධතිය සහ යටිතල පහසුකම් රටේ ආර්ථිකය කෙරෙහි බලපෑම් එල්ල කෙරෙනවා. රජය මෙවර අයවැයෙන් ඒ සදහාත් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති ඒ අතරින් සුවිශේෂයි. එමෙන්ම සියලූ විද්‍යුත් වාහන සඳහා බදු අඩුකිරීමට පියවර ගැනීම ඉතා සාධනීය තීරණයක්.
කෙටිකාලීන තාවකාලික ආදායම් ප‍්‍රතිපත්ති වලට වලට වඩා මධ්‍ය කාලීන ආදායම් ප‍්‍රතිපත්ති යෝග්‍ය බව අපේ අදහසයි. අමතර බදු ඉවත් කරමින් ආයෝජනය සදහා පැහැදිලි පසුතලයක් ඇති කිරීමට රජය ගන්නා උත්සාහය අගය කළ යුතුයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ව්‍යාපාර සංවර්ධනය දිරිමත් කරන්න අයවැය යෝජනා සාධනීයයි’