වරාය තදබදය ලිහිල් කිරීමට ඩිජිටල් ක්‍රමවේදවල අවශ්‍යතාව
වසරකට කන්ටේනර් මිලියන ලක්ෂ හතරක් පැටවීමේ හා ගොඩබෑමේ ඉලක්කයක්
දෙරට අතර නැව් ගමනාගමනයට අලුත් ඇළ මාර්ගයක් තැනීමේ යෝජනාව
සාරා කන්දෙගොඩ
2025 වසර සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කරන ලද ආණ්ඩුව අලුත් ආයෝජන අවස්ථා ගණනාවක් ගැන එහි සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා සලකා බලන පසු ආයෝජන අවශ්‍යය. පිටතින් ධනය රටට ඇතුළුවිය යුතුව තිබේ. වේගයෙන් දියුණු කරන ඉලක්කයක් සඳහා මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම වැදගත්වේ. කොළඹ වරායේ කටයුතු පුළුල් කිරීම ගැන අයවැය යෝජනාවල කරුණු දැක්වීය. නැගෙනහිර හා බටහිර පර්යන්තවල පමණක් නොව බටහිර දෙවැනි අදියර ද ඉදිරියට ගෙන යන බව දැක්වීය.
කොළඹ වරායේ උතුර පර්යන්තය සංවර්ධනය කිරීමට යෝජනා කැඳවන්නට සූදානම් බව හෙළි කරන ලදී. වරාය පුළුල්වන අතර කන්ටේනර් පරීක්ෂා කරන ක්‍රමවේද නවීකරණයටත්, ගබඩා පහසුකම් දියුණු කිරීමටත් ආණ්ඩුව සූදානම්ය. වරාය තදබදය ලිහිල් කිරීම සඳහා පරික්ෂා කිරීමේ ඩිජිටල් ක්‍රමවේද ඇති කරන බව හෙළි කළේය.
කොළඹ වරායෙන් කෙරෙන කන්ටේනර් මෙහෙයුම් වලින් සියයට හැට පහක් ඉන්දියාවට කරන ප්‍රති අපනයන බව දැක්වේ. විශාල නැව්වලින් මෙරටට ගෙන එන භාණ්ඩ නැවත කුඩා නැව්වලින් ඉන්දියාවේ වරායවලට යොමු කෙරේ. ඉන්දියාව සතු ගැඹුරු වරාය නොමැතිකම මෙයට හේතුවකි. ඉන්දියාව වටා විශාල වරාය දොළහක් මධ්‍යම ආණ්ඩුව පාලනය කරයි. තවත් වරාය පහළොවක් අදානි සමූහ ව්‍යාපාරයට අයත්ය. කෙසේ වෙතත් ඉන්දියාවෙන් යැවෙන කන්ටේනර්වලින් සියයට විසිපහක් යාබද රටවල වරායවලට යවා එහි සිට විදේශ රටවල් කරා අපනයනය කරන බව එරට නිල වාර්තා දක්වයි. මෙහි දී වැය කෙරෙන කාලය හා ධනය පාලනය කිරීම ඉන්දියාවේ අභිමතය වී ඇත. ශ්‍රී ලංකාව වරාය සංවර්ධනය කරන සැලැස්ම තුළ ජාත්‍යන්තර තරගකාරී තැනට කොළඹ වරාය තවත් පියවරකින් ඉදිරියට තැබීම වැදගත් වේ.
නිකොබා හා අන්දමන් දූපත් හි ඉන්දියන් වරායක් ගොඩනැගීම
නිකොබා හා අන්දමන් යන දූපත් පන්සිය හැත්තෑ දෙකකින් යුතු වපරිසය ඉන්දියාවට අයිති කොටසකි. එහි සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් තිබේ. දූපත් අවට වරාය කැනීම් සඳහා පහසුකම් තිබේ. මෙම දූපත් සමූහය ආසියානු රටවල් විශාල ප්‍රමාණයකට ආවරණය සපයයි. එහි කාලගුණ සංකීර්ණතා සහ මූලික පහසුකම් දුබලවීම හැරුණු කොට වෙනත් ගැටලු නැත. 2023 වසරේ දී ඉන්දීය මධ්‍යම රජය නිකෝබා හා අන්දමන් දූපත් ආශ්‍රිතව ගැඹුරු වරායක් ඉදිකර එරටට අවශ්‍ය මුහුදු ප්‍රවාහන පහසුකම් තරඟකාරී ලෙස පවත්වා ගෙන යන්නට අදහස් කරන බව නිල වශයෙන් නිවේදනය කළේය. අදානි සමූහ ව්‍යාපාරය මෙම වරාය ඉදිකිරීම සඳහා අභිලාශය පළකර ඇති අතර, ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් එයට ආයෝජනය කරන බව දැක්වේ. එක පැත්තකින් ශ්‍රී ලංකාවේ වරායක් දියුණු කරන එම සමාගම අනෙක් පැත්තෙන් ඉන්දියාවට අවශ්‍ය පරිදි නිකොබා හා අන්දමන් දූපත්වල ආයෝජනය කර අලුත් වරායක් තනන්නට සූදානම්ය.
කොළඹ වරායේ බටහිර පර්යන්තය අදානි සමුහ ව්‍යාපාරය, ජෝන් කීල්ස් හා වරාය අධිකාරියට කොටස් හිමි ඒකකයක් වශයෙන් සංවර්ධනය වෙමින් පවතී. මෙහි ආයෝජනය අනුව අදානි සමාගමට සියයට පනස් එකක අයිතියක් තිබේ. එහි වැඩ කටයුතුවලින් සැලකිය යුතු කොටසක් අවසන් වී ඇති අතර ඉදිරි මාස දෙක තුන ඇතුළත වාණිජ මෙහෙයුම් ආරම්භ කරනු ඇති බව දැක්වේ.
නිකොබා සහ අන්දමන් දූපත් හි ඉදිකරන වරාය පළමු අදියර 2028 වසරේ දී මෙහෙයුම් සඳහා විවෘත වන අතර අවුරුද්දකට කන්ටේනර් මිලියන ලක්ෂ හතරක් දක්වා පැටවීම් හා ගොඩබෑම් ඉලක්ක කරයි. මියන්මාරය, තායිලන්තය සහ ඉන්දුනීසියාව වැනි රටවලට ආසන්නයෙන් පිහිටන මෙම වරාය ඉදිකිරීමත් සමග කොළඹ වරායේ තදබදයට එල්ලවන බලපෑම කුමක්ද යන්න පර්යේෂකයෝ විමසිල්ලෙන් සිටිති.
බහාලුම් මෙහෙයුම්වලට වැඩි ආයෝජනයක්
කොළඹ හා හම්බන්තොට වරායවල මෙහෙයවන බහාලුම්, එනම් කන්ටේනර්වලින් රට ඇතුළට එන ප්‍රමාණය ඉතාම අඩුය. ප්‍රතිඅපනයන කන්ටේනර් සැලකිය යුතු ප්‍රමාණයකි. ඒවා ගොඩබෑම, නිසි පිළිවෙළට ගබඩා කිරීම හා කුඩා නැව් පැමිණි පසු ඒවායෙන් පිටත්කර හැරීම රටට ධනය උපයන මාර්ගයකි. වරාය හා ගුවන් තොටුපොළ මෙරට ආනයන හා අපනයන අංශවලට ඉතාම වැදගත් වන අතර ඒවායේ දියුණුවට තීන්දුගත යුතුව තිබේ. මෙරට කරන නිෂ්පාදනය ඉතාම වේගයෙන් වර්ධනය වනතෙක් වරාය හා ගුවන් තොටුපොළ පහසුකම් ප්‍රතිඅපනයන මධ්‍යස්ථාන වශයෙන් පමණක් කේන්ද්‍ර ගත වනු ඇත.
හම්බන්තොට වරාය ගැඹුරු කරන ව්‍යාපෘතියක් ද නොබෝදා ආරම්භ කළේය. නැගෙනහිර හා බටහිර පර්යන්තවල මෙහෙයුම් දියුණු කරනු පමණක් නොව බටහිර දෙවැනි අදියර ද ඉදිරියට ගෙන යන සැලැස්මක් රටට ඇත. දැනට පෞද්ගලික අංශය මෙහෙයවන සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් කොටස වසර 2029 තෙවැනි කාර්තුවේ දී ශ්‍රී ලංකාවට අත්පත් වේ. ඉදිකිරීම, මෙහෙයවීම හා පසුව රජයට අයිතිවන පදනම මත අවුරුදු තිහකට ගිවිසුම් අත්සන් කරන ලද මෙම වරාය රජයට ලැබීම සමග ජය වරාය පර්යන්තය හා සවුත් ඒෂියා කොටස තරගකාරීව ඉදිරියට ගෙන යන්නට සිදුවේ. මෙයට අමතර වශයෙන් කොළඹ වරායේ උතුර පර්යන්තය සංවර්ධනය කිරීමට යෝජනා කැඳවන්නට සූදානම් බව ආණ්ඩුව නොබෝදා හෙළි කරන ලදී.
වරාය ඉදිකිරීම පමණක් නොව බහාලුම් ගබඩා ඇති කිරීම, ඒවා තාක්ෂණිකව පරීක්ෂා කිරීම, ප්‍රමාදයකින් තොරව පිටත්කර හරින්නට පසුබිම සකස් කිරීම වැනි පුළුල් කාර්ය භාරයක් හසුරුවන්නට ආණ්ඩුවට සිදු වී තිබේ. පසුගිය කාලයේ දී වරාය තුළ සිදුවූ අකටයුතුකම් හේතු කොටගෙන වර්ජනයක් ද එහි ප්‍රතිඵලයක් වශයෙන් කන්ටේනර් මෙහෙයුම් දින ගණන් ප්‍රමාද වන බවක් ද අනාවරණය විය. අනවශ්‍ය ප්‍රමාද වළක්වනු සඳහා තෝරාගත් කන්ටේනර් වහාම නිදහස් කරන්නට ගත් ක්‍රියාමාර්ග ද වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂවල නොසතුටට හේතු වූ බව මතක් කළ යුතුය.
උතුරු නැගෙනහිර ව්‍යාපෘති ආර්ථික කෝණයකින්
ලංකා ඉතිහාසයට අනුව නැගෙනහිර පළාත ජාත්‍යන්තර මුහුදට විවෘත වී තිබුණි. විදේශවලින් පැමිණි වෙළෙඳ හා වෙනත් නියෝජිතයන් රැගත් නැව් දිවයිනේ නැගෙනහිර ප්‍රදේශයේ ස්වාභාවික වරාය ප්‍රයෝජනයට ගෙන ඇත. ඉන්දියාව, ඉරානය, ඇෆ්ගනිස්ථානය හා චීනය වැනි රටවලින් විශේෂයෙන් වාරි කර්මාන්තය, කලා ශීල්ප හා වෙළෙඳාම වෙනුවෙන් මෙරටට පැමිණ තිබේ. අධිරාජ්‍යවාදීන් ලංකාව යටත් කර ගැනීමෙන් පසු ඔවුන්ගේ පාලනයට මුහුදු මාර්ග හා වරාය පහසුකම් නතු කර ගත්තේය. අධිරාජ්‍යවාදී ව්‍යවසායක අංශ කොළඹ වරාය වඩාත් ගැඹුරු හෙයින් වාණිජ කටයුතු සඳහා තෝරා ගනී. ත්‍රිකුණාමලයේ ස්වාභාවික වරාය තිබිය දී කොළඹ වරාය තෝරා ගැනීම පර්ෙ ය්ෂකයන්ගේ අවධානයට ලක්විය යුතු පැත්තකි.
අධිරාජ්‍යවාදීන් බිහිකළ රාමුවෙන් පිටට පැමිණ කලාපයේ ආර්ථීකයක් බිහි කරන්නට නම් අතීත උරුමය හා වර්තමාන ලෝක අවශ්‍යතා එකට ගළපා ගත යුතුය. අධිරාජ්‍යවාදීන් ස්ථාපිත කළ ඔවුන්ගේ පාලන රාමුව වෙනුවට අපට ගැළපෙන ආර්ථිකයක් බිහිකිරීම අවශ්‍යය. ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය ද ඉතාම වැදගත් පියවරකි. යුද තත්වය තුරන් කරන ලද නමුත් උතුරු නැගෙනහිර ජන කොටස් විශාල පීඩනයක පසු වෙති. ත්‍රස්තවාදය දක්වා නැගී විනාශ වූ ජන ජීවිත ගැන අවධානය යොමු කළ යුතුය. බලය බෙදා දේශපාලනඥයන් නගා සිටුවීම වෙනුවට ආර්ථිකය නගා සිටුවා ජනතාව ඉහළට ඔසවා තැබීම අවශ්‍ය කෙරේ. වත්මන් ආණ්ඩුව කෙරෙහි එම පළාත්වල වැසියෝ මහත් බලාපොරොත්තු තබා ගෙන පසුවෙති. ඛනිජ තෙල් කේන්ද්‍රස්ථානයක්, සංචාරක පහසුකම් සපයන වරායක් හා භාණ්ඩ ප්‍රතිඅපනයනය සඳහා සූදානම් කිරීමක් ඉතාම වැදගත්ය.
කිසියම් වෙනස්කමක් මගින් සිදුවූ සමාජ විපර්යාසයක් වේගයෙන් දියුණු වූ රටවලට ශක්තිමත් පදනමක් විය. අධිරාජ්‍යවාදීන් සිය වෙළෙඳ අවශ්‍යතා වෙනුවෙන් කොළඹ ගොඩනැගූ නමුත් නිදහස් ලංකාව මෙකී අරමුණට විකල්ප ක්‍රමයකට අවධානය යොමු කළ යුතුව තිබේ. උතුර දකුණ වෙනසක් නැතිව වේගයෙන් දියුණු කළ යුතු අවස්ථාවක මෙවැනි ත්‍රිකුණාමලය වරාය හා කන්කසන්තුරේ ආශ්‍රිත ප්‍රදේශවල ඇති කළ හැකි අලුත් දේ ගැන අධ්‍යයනය කිරීම සුදුසුය.
ත්‍රිකුණාමලය නාගරික සංවර්ධන සැලැසුම අනුමත කරන්නේ 1978 වසරේ දීය. වසර 2030 දක්වා දීර්ඝ සහ සියලු පැති ආවරණය කරන සැලසුම අනුමත කරන නමුත් වෙනස්කම් සිදුවී නැත. දේශපාලනය මෙහි තීන්දු ගැනීමට හරස් වී ඇත. දීර්ඝ කාලයක් ත්‍රස්තවාදී ගැටුම් හෙයින් බැට කෑ මෙම ප්‍රදේශය ආයෝජනයට ධනය රහිත තත්වය මත පවතින බව පෙනේ. අවධානයට ලක් නොවූ සම්පත් ප්‍රමාණයක් සහ එම සම්පත් දියුණු කිරීමෙන් පසු රැකියා විශාල ප්‍රමාණයක් සහිතව රට තුළ ආර්ථික මර්මස්ථාන බවට උතුර නැගෙනහිර පත් කරන්නට ඇති හැකියාව අවධානයට ගත යුතුව ඇත.
සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ගැන දකුණු ඉන්දියාව
තමිල්නාඩු ප්‍රාන්ත පාර්ලිමේන්තුව පසුගිය කාලයේ සම්මත කළ යෝජනාවක් අනුව සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය වහාම ආරම්භ කරන ලෙස ඉන්දීය රජයට යවා ඇත. ඉන්දියාව හා ලංකාව අතර ඇති පටු මුහුදු තීරය ඔස්සේ නාවික ගමනාගමනයට සුදුසු පරිදි ගැඹුරු කළහොත් ලංකාව වටා යන නැව්වලට ගමන් මාර්ගය කෙටිවන බව එහි දී ප්‍රකාශ වී ඇත. ඉන්දු ශ්‍රී ලංකා දේශපාලන මත ගැටුම්, සමාජ විශ්වාස අන්තවාදී අදහස් සියල්ල එකතුවන පසු නැවු ගමනාගමනය සඳහා අලුත් ඇළ මාර්ගයක් රටවල් දෙක අතරින් තනන යෝජනාව පසෙක තබා තිබුණි. කෙසේ වෙතත් දකුණු ඉන්දියාව නැවතත් අවදි වී ඇත. මෙකී ඇළ මාර්ගය තැනුණහොත් ශ්‍රී ලංකාව වටා පැය තිහක ගමනක නිරත වන නැව්වලට අඩු කාලයකින් ඉන්දියන් සාගරය ඔස්සේ දෙපසට මාරු විය හැකි බව දැක්වේ. එයින් ඇති වන වාසි අවාසි, සංස්කෘතික හා පරිසර ප්‍රශ්න වෙන වෙනම සාකච්ඡා කර තීරණයක් ගත යුතුය.
යෝජිත සේතු සමුද්‍රම් හරහා නැව් ගමනාගමනයට සැලැස්වුවහොත් ඉදිකරන ලද හම්බන්තොට වරාය සම්බන්ධයෙන් සංකීර්ණ තත්ව ඇතිවේ. ඈත නැනෙහිර හා බටහිර යා කරන නැව් තිස් එක් දහසක් පමණ වසරකට ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරය ඔස්සේ යාත්‍රා කරයි. මෙම නැව්වලින් කොටසක් හම්බන්තොට වරායට සේවා සඳහා ආකර්ශනය කර ගැනීම හම්බන්තොට වරාය ඉදිකිරීමේ සැලැස්මට අයත්ය. චීන වාණිජ ණය අනුව ඉදිකරන ලද වරාය කටයුතු වේගවත් නොවීම හා ණය ගෙවාගත නොහැකි පදනම මත එහි කොටස්වලින් බහුතරයක් චීන රජයට පවරන ශ්‍රී ලංකාව හම්බන්තොට ආශ්‍රිත ප්‍රදේශයේ අපේක්ෂිත සංවර්ධනය ගැන මිශ්‍ර ආකල්පයක පසුවේ. දකුණු ඉන්දියාව හම්බන්තොට වරායේ වාසිය අහිමි කරන පිළිවෙළක් වශයෙන් සේතු සමුද්‍රම් යෝජනා කරන බව පෙනේ.
විදේශ විනිමය අවශ්‍යම තැනක පසුවන ශ්‍රී ලංකාව අලුතින් ධනය උපයන අවස්ථා අත්හැර දැමිය යුතු නැත. සාම්ප්‍රදායික අංශ අනතුරකට පත්වෙමින් පවතී. තේ, රබර් හෝ පොල් අපනයනය පුළුල් කළ නොහැක. සංචාරක කර්මාන්තය විනිමය උත්පාදනය කරන ව්‍යාපාරයක් වුවද සීමා සහිතය. ඇඟලුම් කර්මාන්තයේ පවතින තරගකාරීත්වය රටට වාසිදායක නැත. වරාය මෙහෙයුම් අවසන් නොවන ආර්ථිකයකි. කොළඹ වරාය පුළුල්කරන අතර නිකොබා හා අන්දමන් දූපත්වල ඉන්දියන් වරායක් ඇති කළහොත් අපට මුහුණ පාන්නට සිදුවන අභියෝග තක්සේරු කළ යුතුවේ. දකුණු ඉන්දියානු දේශපාලනය යෝජනා කරන පරිදි සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ආරම්භ කළහොත් ලංකාව වටා යන නැව් ප්‍රමාණය අඩුවේ. මේවායෙන් ඇතිවන යහපත් හා අයහපත් බලපෑම ගැන පුළුල්ව සාකච්ඡා කර රටවල් දෙක අතර සහයෝගයෙන් මුහුදු ප්‍රවාහනය සම්බන්ධ ඉදිරි ප්‍රවණතා තීරණය කළහොත් වාසිදායකය.
2025 ජනවාරි මාසයේදී මෙරට සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන1,334.19ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත අනුසාරයෙන් මෙම කරු
ව්‍යාපාර ලෝකය තුළ යම් යම් සංවේදීතා තිබුණත් රටේ ආර්ථිකය පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව තුළ තිබෙන විශ්වාසය මෙම මාසයේදී සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇතැයි
ලොව ප්‍රමුඛතම සන්නාම තක්සේරු උපදේශන ආයතනය වන බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් නව වාර්තාවකට අනුව, 2025 වසර සඳහා බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ග්ලෝබල් සොෆ්ට් පවර් දර්ශකයේ, ලකු
මෙරට දිළිඳුකම පිටු දැකීම සඳහා බහු විධ ප්‍රවේශ ඇතුළත් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස“ප්‍රජා ශක්ති“ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සහ පිලිපීන ජන රජයේ විදේශ සේවා ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී
2025 වසර සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කරන ලද ආණ්ඩුව අලුත් ආයෝජන අවස්ථා ගණනාවක් ගැන එහි සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා සලකා බලන පසු ආයෝජන අවශ්‍යය.
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
වරාය සංවර්ධනයෙන් ශ්‍රී ලංකාවට අත්වන වාසි අවාසි