සූර්යා විම් සහ ශ්‍රී ලංකා තරුණ කවුන්සිලය එක්ව මෙරට දක්‍ෂතා දක්වන තරුණයන් ඇගැයීම උදෙසා සංවිධානය කෙරුණු තරුණ සම්මාන උළෙලක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පසුගියදා පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් වශයෙන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්න්කෝන් මහතා හා සූර්ය සන්නාම තානාපතිනී යශෝධා විමලධර්ම මහත්මිය සහභාගී වූහ.
මෙහිදී විවිධ ක්ෂේත්‍රවල ජයග්‍රහණ සහ නායකත්වය වෙනුවෙන් කැපවූ තරුණ තරුණියෝ 40 දෙනෙක් ඇගැයීමට ලක් වූහ.
මෙහිදී 2024 සූර්ය යොවුන් නායකයා ලෙස අධ්‍යාපනයෙන් සහ ක්‍රිකට් ක්‍රීඩාවෙන් දැක්වූ දක්‍ෂතා මත සජිත විතානගේ, සම්මාන දිනා ගත්තේය.
ඊට අමතරව කලාපීය ජයග්‍රාහකයන් ලෙස මධ්‍යම පළාතෙන් කනිෂ්ඨ මයිකල් ද නැගෙනහිර පළාතෙන් ජයන්ත් අමලනාදන්ද, උතුරු මැදින් මිණිනුවන් බණ්ඩාරද, වයඹින් ලිලාන් උදයංගද, සබරගමුවෙන් රචිකා අංජනද, දකුණෙන් භාග්‍යා ලියනගේද, ඌවෙන් චමෝදි ප්‍රබෝධා සහ බස්නාහිරින් රන්දිල් පෙරේරා යන අය සම්මාන දිනා ගත්හ.
සන්මැච් සමාගමේ අධ්‍යක්‍ෂිකා ගෞරි රාජන් මහත්මිය මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ ඉදිරි පරම්පරාවේ නායකයන් සහ නවෝත්පාදකයන් පෝෂණය කිරීම සහයෝගය ලබාදීමට හැකිවීම ගැන සතුටට පත්වන බවයි.
එසේම මෙම සම්මාන උළෙලේ ආරම්භයේ සිටම රැඳී සිටීමට හැකිවීම ගැන ආඩම්බරවන බවද ඇය සඳහන් කළාය.
අමිල චින්තක ගමගේ
මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්
වසර 22කට වඩා වාණිජ වන වගාවේ අත්දැකීම් බහුල, අගාවුඩ් ඇතුළු නැවුම් හරිත ආයෝජන සැලසුම් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් Sadaharitha Plantations Limited (සදාහරිත) සමාගම, ඉතා වැදගත් ස
නෙස්ලේ ලංකා සමාගම ‘Good Food Good Life’ තේමාව සමඟින් එක්ව සිටින ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ඇගයීම වෙනුවෙන් පසුගිය ‘Connect@Nest’24’ උත්සවය පවත්වන ලදී. රසයෙන් හා ගුණයෙන් ස
ශ්රී ලාංකීය නව නිපැයුම්කරුවන් සහ නවෝත්පාදනයන් සඳහා පැවැත්වෙන ජාතික තරඟාවලියක් වන “සහසක් නිමැවුම්” ව්‍යාපෘතියට NDBබැංකුව ශ්රී ලංකා නව නිපැයුම්කරුව
ශ්රී ලංකාව පුරා විහිදුණු පාසැල් 3,500 ක් කරා ළඟාවෙමින්, ආවරණය සමස්ත පාසැල් වලින් සියයට 35 ඉක්මවයි.
මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවකුගේ අවධානය යොමු වී නොතිබුණු මහල් නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට Westbury Residenciesසමාග
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
විවිධ දක්ෂතා දැක්වූ තරුණ තරුණියෝ 40ක් ඇගැයෙති