IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


වාහනවලට ෆුල් ලීසිං නැතිවෙයි

අලුතින් මිලදී ගන්නා වාහන සඳහා ලීසිං වටිනාකම 70%ක උපරිම සීමාවකට යටත් කරමින් ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට නව චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි පවසයි.

මේ අනුව මෙතෙක් ලබාදුන් වාහනයේ සම්පූර්ණ වටිනාකම සඳහා වන කල්බදු පහසුකම වාහනයේ වටිනාකමින් 70%ක ප්‍රමාණයක් සඳහා පමණක් ලබාදෙනු ඇත.

මෙරටට ගෙන්වන වාහන ප්‍රමාණය වැඩිවීම නිසා මෙම තීරණය ගන්නට ඇතැයි මහ බැංකු ආරංචි කියයි.

 



අදහස් (0)

වාහනවලට ෆුල් ලීසිං නැතිවෙයි

කපිල Tuesday, 15 September 2015 12:21 PM

මට නම් මේ තීරණය ගැන සතුටු වෙන්න බැහැ (නි)

:       0       0

කේසර Tuesday, 15 September 2015 12:22 PM

වාහන ගෙන්වීම වැඩි නම් කරන්න ඕනෑ වෙන දෙයක්. මේකෙන් බැංකු සේවකයින්ගේ වාහන ණයත් සීමාවෙනවා නේද? (නි)

:       0       0

නිශාන්ත Friday, 18 September 2015 02:53 AM

අපිට වාහනයක් ගන්න මේ ආත්මෙදි නම් බැරිවෙයි (නි)

:       0       0

චූලක Friday, 18 September 2015 02:54 AM

කවුරු ආවත් නැති කෙනාටම තමයි පහර වදින්නේ (නි)

:       0       0

සුමිත් Tuesday, 15 September 2015 07:20 AM

හොඳයි හොඳයි ඔහොම යමු. (නි)

:       0       0

සුමිත් Wednesday, 16 September 2015 09:05 AM

මේක ගත්තේ වාහන වැඩි නිසා ට්‍රැෆික් වැඩි නිසා නෙමේ.සල්ලි ප්‍රස්නයක් නිසා.ට්‍රැෆික් වැඩි නිසා වාහන වින්කුනන අඩු කරලා හරියන්නේ නෑ පාරවල් හදනවා මිසක්. (අ)

:       0       0

හිමාල් Wednesday, 16 September 2015 03:11 AM

මහ බැංකුවට අයිතියක් තිබෙනවා කාලෙන් කාලෙට ප්‍රසාරණාත්මක හෝ නිශේධනාත්මක ප්‍රතිපත්ති වලට යන්න. (නි)

:       0       0

අනිල් Wednesday, 16 September 2015 03:35 AM

හොඳ වැඩේ එ්කනම් .ලංකාවේ වැඩිපුරම ඉන්නේ පස්ස බිම ඇනිලා හිටියත් අනනුන්ගේ සල්ලිවලින් වාහන අරන් බොරුවට ෂෝ දාන අය .( ලීසිං ආයතන වල වැඩ කරන අය තමයි ඕක දන්නේ ) දැන්වත් එ්ක අඩුවෙවිනේ . ඕක 60% විතර කළානම් හරි (බ)

:       0       0

අනිල් Wednesday, 16 September 2015 03:52 AM

හොඳ වැඩේ ඒක නම්. ඕක 60% විතර කළා නම් හරි (නි)

:       0       0

වික්‍රම Tuesday, 15 September 2015 03:07 PM

පොදු ප්‍රවාහන සේවය හරියට තියෙනවා නම් ඔය මුකුත් ඕනි නැහැ. මිනිස්සුන්ට වෙලාවට සැප පහසුව යන්න විදියක් හැදුවනම් හරිනේ. මන්ද මටනම් හිතෙන්නේ එහෙමයි (හේ)

:       0       0

කපිල Tuesday, 15 September 2015 03:07 PM

අනේ අපොයි මම මේ මාසේ වාහනයක් ගන්න හිටියේ.(හේ)

:       0       0

සාලිය Tuesday, 15 September 2015 03:07 PM

බලන් යද්දි මොන ආණ්ඩුවත් එකයි.(හේ)

:       0       0

හරිත Tuesday, 15 September 2015 03:07 PM

බලමු මොකක්ද වෙන්නේ කියලා ඉදිරියට.(හේ)

:       0       0

රංජිත් Tuesday, 15 September 2015 03:07 PM

සියල්ල හොද විදියට විසදෙයි.(හේ)

:       0       0

මලිත් Friday, 18 September 2015 04:23 PM

චූලක කියපු දේ හරි. නැති එකා කබලෙන් ලිපට වැටෙනවා විතරයි. පාලකයන්ගේ සාක්කු පිරුණොත් ඒ ඇති. (අ)

:       0       0

වික්‍රම Tuesday, 15 September 2015 03:07 PM

දැන්නම් මිනිස්සු වාහන ගන්න එක අඩු කරනවා.(හේ)

:       0       0

ඉන්දික Tuesday, 15 September 2015 08:51 AM

අර ඡන්දෙ කාලේ ඇඩ් එකක හිටිය ජෝඩුව මතක්වෙනවා. පව්, ඒ දෙන්න ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් ආවම කාර් එක්කක් ගන්න හිටියේ! (අ)

:       0       0

දසුන් Tuesday, 15 September 2015 03:07 PM

දැන් වාහන ගන්න ප්‍රමාණය ගොඩක් අඩු වෙයි.(හේ)

:       0       0

කුමාර Tuesday, 15 September 2015 03:06 PM

මේ ක්‍රමය හොදයි.(හේ)

:       0       0

ලලිත් Tuesday, 15 September 2015 03:07 PM

ලංකාවේ වාහන වැඩියි ඒ නිසා මේක හොදයි.(හේ)

:       0       0

මදුර Tuesday, 15 September 2015 03:06 PM

මොකක්ද මේකට හේතුව.(හේ)

:       0       0

ආසිරි Tuesday, 15 September 2015 03:06 PM

මිනිස්සුන්ට වෙලාවට සැප පහසුව යන්න විදියක් හැදුවනම් හරිනේ. (හේ)

:       0       0

සදුන් Tuesday, 15 September 2015 03:06 PM

එකෙන් අපි අනාතයි.(හේ)

:       0       0

මලිත් Friday, 18 September 2015 04:23 PM

චූලක කියපු දේ හරි. නැති එකා කබලෙන් ලිපට වැටෙනවා විතරයි. පාලකයෝ මුන්ගේ සාක්කු පිරුණොත් ඒ ඇති. (බ)

:       0       0

විකි Tuesday, 15 September 2015 03:07 PM

පොදු ප්‍රවාහන සේවය හරියට තියෙනවනම් ඔය මුකුත් ඕනි නැහැ. (හේ)

:       0       0

මලිත් Friday, 18 September 2015 04:27 PM

චූලක කියපු දේ හරි. නැති එකා කබලෙන් ලිපට වැටෙනවා විතරයි. පාලකයෝ මේ අයගේ සාක්කු පිරුණොත් ඒ ඇති. (අ)

:       0       0

සමිත් Tuesday, 15 September 2015 08:59 AM

ජයවේවා! ජහපාලනය සහ ලෙච්චමී පාලනය නැගල යනවා. අතිසාරේට අමුඩ ගහනවා කියන්නේ ඔය වගේ යෝජනා වලට තමයි. (අ)

:       0       0

කැටවල Wednesday, 16 September 2015 05:11 PM

මට වාහනයක් ගන්න බැරි හින්දා කියනවා නෙමෙයි, වාහන වලට බදු ගහලා හරි අපේ බඩුමිල අඩු කරන්න (නි)

:       0       0

විකුම් Tuesday, 15 September 2015 03:22 PM

අද වාහනයක් ගන්න හිටපු අයට මොනවා හිතෙන්න ඇද්ද?(හේ)

:       0       0

විනිතා Tuesday, 15 September 2015 03:22 PM

ලොකු ලොකු අයට ප්‍රශ්නයක් නෑ ඒත් පොඩි අපි වගේ මිනිස්සුන්ට මේක ගොඩක් තදින් බලපනවා.(හේ)

:       0       0

සදුන් Tuesday, 15 September 2015 03:22 PM

මෙහෙම ගියොත් අපිට වාහනයක් ගන්න වෙන්නේ නෑනේ.(හේ)

:       0       0

ජනක Tuesday, 15 September 2015 03:22 PM

මේකද යහපාලනය කියන්නේ.(හේ)

:       0       0

චන්දි Friday, 18 September 2015 05:20 PM

හොඳ වෙලාවට මම අවුරුද්දේ මුලදීම වාහනය ගත්තේ (නි)

:       0       0

හරිත Tuesday, 15 September 2015 03:23 PM

මේක යහපාලනයද නැත්නම් නියම ඒකාදිපති වාදයද. එහෙම ප්‍රතිපත්තිමය තීරණ යහපාලනය ගන්නේ කුමන පදනමකින්ද මෙම තීරණ හා ගිය ආණ්ඩුවේ තීරණ අතර වෙනස ? (හේ)

:       0       0

නලීන් Tuesday, 15 September 2015 03:23 PM

බලන් යද්දි හැමෝම එකයි.(හේ)

:       0       0

දිමුත් Tuesday, 15 September 2015 10:16 AM

එතකොට අර බයික් එකේ ගිය ජෝඩුව කොහොමද කාර් එකක් ගන්නේ? (ම)

:       0       0

දිමුත් Tuesday, 15 September 2015 10:16 AM

එතකොට අර බයික් එකේ ගිය ජෝඩුව කොහොමද කාර් එකක් ගන්නේ? (බ)

:       0       0

ශෂී Thursday, 17 September 2015 07:00 AM

ප්‍රවාහන මූලික කරගත්තු ව්‍යාපාර පටන් ගන්න ඉන්න අයට අමාරු වෙයි, කල් බදු පාසුකම් දෙද්දී පොඩි බඩි ලොරි වලට සහනයක් දුන්නොත් හොඳයි (බ)

:       0       0

ශෂි Thursday, 17 September 2015 07:08 AM

ප්‍රවාහන මූලික කරගත්තු ව්‍යාපාර පටන් ගන්න ඉන්න යට අමාරු වෙයි, කල් බදු පහසුකම් දෙද්දී පොඩි බඩි ලොරි වලට සහනයක් දුන්නොත් හොදයි (ම)

:       0       0

දිශාන්ත ජයවර්දෙන Monday, 21 September 2015 10:52 AM

තීරු බදු රහිත පහසුකම් නැවත දැම්මා නම් මේ සැමගේ වඩාත් සාර්ථකය. (අ)

:       0       0

සුධාර Tuesday, 15 September 2015 11:29 AM

බුද්ධිමත් තීරණයක්. ඔහොම යමු! (නි)

:       0       0

කුමාර් Tuesday, 15 September 2015 11:30 AM

බොහොම නිවැරදි තීරණයක් (නි)

:       0       0

ඇල්පිටිය Tuesday, 15 September 2015 11:38 AM

ඇත්තටම හොඳයි (නි)

:       0       0

නවරත්න Friday, 18 September 2015 11:15 PM

මේ ක්‍රමය හොඳයි. දැන් වාහනයක් ගන්න අතගහන්නේ මුදල් වියදම් කරන්න පුළුවන් අය විතරයි (නි)

:       0       0

පියසේන Tuesday, 15 September 2015 11:38 AM

මේකෙන්වත් මිනිස්සු වාහන ගන්න එක සීමාවුණොත් හොඳයි (නි)

:       0       0

චම්පි Tuesday, 15 September 2015 11:39 AM

බොහොම හොඳ තීරණයක් (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 19 September 2015 09:32 AM

මුදල් තියෙන ධනපති අයත් ආදායම් බදු නොගෙවා සිටීමට සල්ලි තියාගෙන වාහන ෆුල් ලීසිං කරනවා, (ම)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 19 September 2015 09:32 AM

මුදල් තියෙන ධනපති අයත් ආදායම් බදු නොගෙවා සිටීමට සල්ලි තියාගෙන වාහන ෆුල් ලීසිං කරනවා, (ම)

:       0       0

පිටබැද්දර ජයා Friday, 18 September 2015 11:23 PM

අපි හැමදාමත් කළේ ණයට අරන් මඟුල් කාලා මුළු ජීවිත කාලෙම ණයගෙවපු එකනේ (නි)

:       0       0

නිහාල් Friday, 18 September 2015 11:23 PM

බොහොම හොඳ තීරණයක් (නි)

:       0       0

මධූකා Wednesday, 16 September 2015 07:57 AM

මම නං දන්නා තරමට මේ ක්‍රමය මීට පෙරත් ක්‍රියාත්මක වුනා. එකම වෙනස දැන් ඒක මහ බැංකුව විසින් ගැසට් නිවේදනයක් මගින් නීති ගත කරලා තියෙනවා. මොකද මම මීට පෙර දෙපාරක්ම වාහන ගන්න ගියාම ලීසිං කොම්පැනිය වාහනයේ වටිනාකමින් 30% අවම වශයෙන් ගෙවන්න කිව්වා. අපි නං බලාපොරොත්තු වුනේ ජනතාවට මීට වඩා හිතකර යහ පාලනයක් ඇති වෙවී කියලා . බලන් ගියාම මුන් ඔක්කොම එක බෝට්ටුවේ. සල්ලි කාරයන්ට විතරයි වැඩි සැලකිලි. (බ)

:       0       0

පියල් Tuesday, 15 September 2015 11:39 AM

මමත් මරුටි ඇල්ටෝ එකක් ෆුල් ලීස් එකක් දාලා ගන්න හැදුවේ. දැන් මාර ප්‍රශ්නේ (නි)

:       0       0

ගමගේ Friday, 18 September 2015 11:23 PM

අන්තිමට ඒකෙනුත් තැළෙන්නේ දුප්පත් අපි (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 18 September 2015 11:23 PM

වාහන ගන්න බැරි නම් නිකන් ඉන්න. ෆුල් ලීසිං දාල වාහන අරන් ගෙවාගන්න බැරි වුණාම ගිනිතියා ගන්නවා. ඒකටත් වැරදි ආණ්ඩුව. ඊට නරකද ලෝකේ හොඳම පොදු ප්‍රවාහන සේවයක් තියෙන අපේ රටේ එය ප්‍රයෝජනයට ගත්තොත්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 423 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 148 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 150 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 140 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 40 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 24 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 322 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site