භානුක අමරසිංහ
ශ්‍රී ලංකාව 2024දී සිය වෙළෙඳ ගිවිසුම් යටතේ සිදුකළ මුළු අපනයනවල වටිනාකම එ.ජ.ඩොලර් මිලියන 4,972.5ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2023 වසරේදී එම ගිවිසුම් යටතේ සිදු කළ මුළු අපනයනවල වටිනාකම වූ ඩො.මි. 4,7773.4 හා සැසඳීමේදී සියයට 4.2ක වර්ධනයකි.
ශ්‍රී ලංකා මහ බැංකුව එළිදැක් වූ වාර්ෂික ආර්ථික විවරණය 2024 තුළ ශ්‍රී ලංකාව වරණීය සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් යටතේ සිදුකළ අපනයන මගින් ලැබුණු ආදායම් පිළිබද දත්ත තුළ මේ බව ඇතුළත්ව තිබේ.
මේ අතරින් වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රම හෙවත් GSP ක්‍රම ඔස්සේ සිදු කළ වෙළෙඳ අපනයනයේ වටිනාකම ඩො.මි. 3,985 කි. එය 2023 දී හිමි වූ ඩො.මි. 3,803 හා සැසඳීමේදී සියයට 4.8 ක වර්ධනයකි. එසේම මේ ඔස්සේ සිදු කළ අපනයනයේ දායකත්වය වෙළෙඳ ගිවිසුම් යටතේ සිදු කළ සමස්ත අපනයනවලින් සියයට 80ක්ද වෙයි.
“යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය පිරිනමනු ලබන වරණීය වෙළෙඳාම පිළිබඳ පොදු ක්‍රමවලින් (GSP) ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිලාභ ලැබ ඇත. 2024 දී ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ විශේෂ ප්‍රතිලාභ සහිත වරණීය වෙළෙඳාම පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී.+) යටතේ අඛණ්ඩ ප්‍රතිලාභ ලබා ගනිමින් මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කර තිබේ.“ මහ බැංකුව පවසයි.
මේ අතර ශ්‍රී ලංකාව විවිධ රටවල් සමගින් ඇති කරගෙන ඇති වෙළෙඳ ගිවිසුම් සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් යටතේ සි කළ අපනයන ආදායම් 2024දී ඉහළ පහළ යෑමක් වාර්තා කර තිබේ.
ඒ අතරින් ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේදී (ISFTA) ඩො.මි. 490.3ක් ලෙස සියයට 8.6ක අඩුවීමක්ද. ආසියා - ශාන්තිකර වෙළෙඳ ගිවිසුමේදී (APTA) ඩො.මි. 209.9ක් ලෙස සියයට 1.9ක අඩුවීමක්ද පවතී. එසේම පාකිස්තාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේදී (PSFTA) ඩො.මි. 46.2ක් ලෙස එය සියයට 0.3ක ඉහළ යාමක් සටහන්ව ඇත. දකුණු ආසියානු වෙළෙඳ වරණයේදී (SAFTA) ඩො.මි. 169ක් ලෙස සියයට 81.3ක වර්ධනයකි. එසේම සාර්ක් වරණීය වෙළෙඳ ගිවිසුමේදී (SAPTA) ඩො.මි. 1.3ක් ලෙස සියයට 22ක වර්ධනයක් පවතී.
“දකුණු ආසියානු වෙළෙද වරණය (SAFTA) යටතේ ඉන්දියාව වෙත කළ අපනයන ඉහළ ගියද, ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISFTA) යටතේ සිදුකළ අපනයන පහත වැටුණි.“ මහ බැංකුව පවසයි.
මේ අතර බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව පිළිබද බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මූලාරම්භයේ (BIMSTEC) ප්‍රඥප්තිය 2024 මැයි මාසයේදී බලාත්මකවීමත් සමගින්ම එයද අපනයන වෙත දායකත්වයක් ලබා දෙනු ඇතැයි අදහස වී තිබේ.
මේ අතර ශ්‍රී ලංකාව සහ තවත් රටවල් කිහිපයක් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් කිහිපයක් සඳහා පිවිසීම් මෙන්ම සාකච්ඡාද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අතරින් ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම 2025 ජනවාරි 01 වැනි දින බලාත්මක විය.
ඉන්දියාව සමඟ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA ) පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව ක්‍රියාත්මකවෙමින් පවතී. එසේම බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව සමග වරණී වෙළෙද ගිවිසුම් යටතේ සාකච්ඡාද අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි. කෙසේ වෙතත් චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ සාකච්ඡාවල ප්‍රගතිය මන්දගාමී වී ඇතැයිද මහ බැංකුව සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
ශ්රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර පවතින විස්තීර්ණ ණය අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ වන හතරවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එක
මේ වසරේ මාර්තු මාසයේදී මෙරට තේ ඵලදාව තේ කිලෝග්‍රෑම් මිලියන 24.4ක් ලෙස සටහන් වන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් නිකුත් කළ දත්ත පෙන්වා දෙයි.
ශ්රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) එක්ව සංවිධානය කරනු ලබන “සංචාරක උදාව 2025“ සංචරණ සහ සං
දකුණු ආසියානු රටවල ගුවන් නිරුපද්‍රිතතාව වර්ධනය කිරීම උදෙසා පිහිටුවා ගනු ලැබූ COSCAP - South Asia (Cooperative Development of Operational Safety and Continuing Airworthiness Program – South Asia) සංවිධානයේ 32 වන සමුළුව ඉකුත
ශ්රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා පළාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් දකුණු පළාත මූලික කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිර
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වෙළඳ ගිවිසුම් යටතේ අපනයනවල සියයට 4.2ක වර්ධනයක්