අංජුල මහික වීරරත්න
ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය දීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
තිරිංග යොදා සිර කර තිබූ ආර්ථිකය වෙනුවට තරමක නිදහස් චලනයක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා මෙවර අයවැයෙන් මුලපුරා ඇතැයිද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ආර්ථිකයෙහි නිදහස් චලනයක් ඇති කිරීමෙන් යම් සංවර්ධන වේගයක් අත්පත් කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට සරිලන පරිදි ආර්ථිකයට විශාල කම්පනයක් නොදැනෙන ලෙස' අයවැය සකස් කළ බවද කීය.
දිසානායක මහතා මෙසේ පැවැසුවේ, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පෙරේදා (10) පැවති තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26 වැනි සමුළුවේදීය.
තානාපතිවරුන් සහ ව්‍යවසායකයන් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියක් යටතේ ලෝක වෙළෙඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී රුපියලට දරා ගත නොහැකි තෙරපුමක් ඇති නොවන සේ කටයුතු කිරීමට වත්මන් රජය සංවේදී වූ බව කී ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුකූලවද යම් යම් තීන්දු ගැනීමට සිදු වූ බව සදහන් කළේය.
ආර්ථික පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු රාජ්‍යයක එම විශ්වාසය යළි ඇති කිරීම සඳහා වත්මන් රජය නිවැරැදි තීන්දු තීරණ ගෙන ඇතැයිද බංකොලොත් වූ රාජ්‍යය නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට හැකි වී යැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කළේය.
ජනතාවගේ සෑම රුපියලක්ම භාවිත කිරීමේදී දේව කාර්යයක් ලෙස සලකා කටයුතු කරන බවට තම රජය සහතික වන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ජපන් රජයෙන් නවතා තිබූ ආර්ථිකමය වශයෙන් වැදගත් වන' ව්‍යාපෘති 11ක සහ චීන රජයෙන් නවතා තිබූ ව්‍යාපෘති 76ක වැඩ රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා නැවත ආරම්භ කිරීමට කටයුතු කර ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
සැලකිය යුතු ප්‍රමාණයකින් ආර්ථික ස්ථායිත්වයක් ආයෝජකයන් වෙත ලබා දීමට වත්මන් රජය මේ වන විටත් කටයුතු කර ඇතැයි අනුර දිසානායක මහතා පැවසීය.
මන්නාරමේ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමටත්, පුනර්ජනනීය බල ශක්තිය වෙනුවෙන් මහා පරිමාණ ආයෝජන රැගෙන ඒමටත් වත්මන් රජයට හැකි ව තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ආයෝජකයන්ට කිසිදු කොමිස් මුදලක් ලබා දීමෙන් තොරව ආයෝජනය කළ හැකි පරිසරයක් නිර්මාණය කර ඇතැයි පෙන්වා දුන්නේය.
එසේම, තරුණ ව්‍යවසායකයන්ට ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළටත් පියමං කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට වත්මන් රජය සූදානම් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
ලංකාවේ ප්‍රබලතම දේශපාලන ස්ථාවරත්වය සහිත පාලනය සිය රජය විසින් ගොඩනඟනු ලැබ තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, මෙතෙක් කල් බිහි වූ පාර්ලිමේන්තු තුළ මෙරට පුරවැසියා දුටුවේ වරෙක විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා පසුව ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීමත්, වරෙක ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයා හිටි හැටියේ විපක්ෂය නියෝජනය කිරීමත් වැනි තත්වයන් බව පැවසීය.
එවැනි තත්වයක් වත්මන් පාර්ලිමේන්තුවේ නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආණ්ඩුව හා විපක්ෂය යනුවෙන් නිශ්චිත වෙන්වීමක් ඇති බවද පෙන්වා දුන්නේය.
එය දේශපාලන ස්ථාවරභාවය පෙන්වීමට හොඳම නිදසුනක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ආදර්ශවත් දේශපාලනයක් ශ්‍රී ලංකාවේ මේ වන විට ආරම්භ කර ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සිහිපත් කළේය.
එබැවින් වත්මන් රාජ්‍ය පාලනය අවසානයේදී විනාශකාරී දේශපාලනයක් නැවත ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී තහවුරු කර සිටියේය.
ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය දීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊ
ශ්රී ලංකා ජාතන්තර ස්වෛරීත්ව බැදුම්කර හරහා සිදු කළ ණය ගැනීම් සිය ධුර කාලයේදී ඉහළ ගිය බවටත්, එය රටේ විදේශ විනිමය අරබුදයට හේතුවක් වූ බවටත් එල්ල වන චෝදනා ප
තේ පාලන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (11) කොළඹද
සංවර්ධනය කළ කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය මෙහෙයුම් ආරම්භ කළ බව වරාය අධිකාරිය පැවසීය.
දේශීය කුලී රථකරුවන් සහ යෙදුම් පාදක කරගත් කුලී රථකරුවන් අතර පවතින ගැටලුකාරී තත්වය ඉහළ යෑම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට බාධාවක් වී ඇති
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ව්‍යවසායකයන්ට ලෝක වෙළදපොළ ඇල්ලීමට රජයෙන් සැලසුම් ජනපති තරුණ ව්‍යවසායකයන්ට කියයි