කර්මාන්තවලට සියයට 30 ක් හෝටල්වලට සියයට 31ක අඩුවීමක්
විදේශ ආයෝජන ආකර්ෂණයට වඩාත් වැඳගත් පියවරක්
සුළු පරිමාණ ඇඳුම් කර්මාන්තයට ඉතාමත් හොඳ තත්වයක්
ලැබුණු සහනය පාරිභෝගිකයන් අතර බෙදාගැනීමට සූදානම්
දේශීය නිමිඇඳුම් මිල අඩුවන ලකුණු
ඒකක 10,000 ක් මසකට පාවිච්චි කරන කර්මාන්තකරුවෙක්ට රුපියල් 40,000 ක අඩුවීමක්
ඉදිකිරීම් කර්මාන්තය කඩාවැටීමට විදුලි ගාස්තු ඉහළ යෑම ප්‍රධාන සාධකයක්
ඡායාපිටපතක ගාස්තු රුපියල් 3 ත් 5 ත් අතර මුදලකින් පහළට
සංචාරක කර්මාන්තයට ලැබුණු ප්‍රසාද දීමනාවක්
ඉදිරියේදී කාමර ගාස්තුත් අඩුවෙයි
යොහාන් භාසුර
විදුලි ගාස්තු අඩු කිරීමේදී කර්මාන්ත සහ හෝටල් යන අංශ දෙකේ විදුලි ගාස්තුව පිළිවෙළින් සියයට 30 කින් සහ 31 කින් අඩුකිරීම මෙරට කර්මාන්තවල පැවැත්මට සහ විදේශ ආයෝජන ආකර්ශනයට වඩාත් වැඳගත් පියවරක් බව ව්‍යවසායකයෝ පවසති.
මහජන උපයෝගිතා කොමිසම පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව සමස්ත ලෙස සියයට 20 කින් අඩු කළ අතර, එම ගාස්තු අඩු කිරීම කර්මාන්ත සහ හෝටල් යන අංශවලට සියයට 30 ක් ඉක්මවා හිමිවිය.
සුළු පරිමාණ ඇඳුම් නිෂ්පාදකයන්ගේ සංගම්වල නියෝජිතයන් පවසන්නේ විදුලි බිල අඩුවීම බලාපොරොත්තුවෙන් සිටි අතර, එය මේ වන විට සියයට 30 ක් වැනි ඉහළ මට්ටමකින් ලැබී ඇති බවත්, එම විදුලි බිල අඩුවීම ඇඳුම් කර්මාන්තයට ඉතාමත් හොඳ තත්වයක් බවත්ය.විදුලි බිලෙන් ලැබුණු සහනය පාරිභෝගිකයන් අතර බෙදාගැනීමට සූදානම් බව කියන සුළු පරිමාණ ඇඳුම් නිෂ්පාදකයෝ, ඉදිරියේදී දේශීය නිමිඇඳුම් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළහ.
සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ කැඳවුකරු නිරුක්‍ෂ කුමාර මහතා පැවසුවේ, විදුලි ඒකක 10,000 ක් පමණ මසකට පාවිච්චි කරන කර්මාන්තකරුවෙක්ට මෙම විදුලි ගාස්තු අඩු කිරීමෙන් රුපියල් 40,000 ක් පමණ විදුලි බිල අඩු වන බවත්, ඒ අනුව මෙම විදුලි ගාස්තු අඩුකිරීම නිර්දේශ කළ මහජන උපයෝගිතා කොමිසමට හිසනමා ආචාර්ය කරන බවත්ය.
විදුලි ගාස්තු අඩු කිරීමෙන් වන යෙදවුම්පිරිවැය අඩුවීම අනිවාර්යෙන්ම පාරිභෝගිකයාට දීමට කටයුතු කරන බව ද නිරුක්‍ෂ කුමාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ඉදිකිරීම් සංගම් එකමුතුවේ ලේකම් සුපුන් අබේසේකර මහතා පැවසුවේ, ඉදිකිරීම් කර්මාන්තයේ සියලුම යන්ත්‍ර විදුලියෙන් ක්‍රියාත්මක වන ඒවා නිසා විදුලි ගාස්තු ඉහළ යෑම එම කර්මාන්තයට සෘජුවම බලපෑ බවත්, ඉදිකිරීම් කර්මාන්තය කඩාවැටීමට විදුලි ගාස්තු ඉහළ යෑම ප්‍රධාන සාධකයක් බවට පත්වූ බවත්ය.
සමස්ත ලංකා කොමියුනිකේෂන්කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පැවසුවේ, විදුලි බිල අඩුවීමේ වාසිය ජනතාවට දෙමින්, ඡායාපිටපතක ගාස්තු රුපියල් 3 ත් 5 ත් අතර මුදලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවත්, කඩදාසි සහ ටෝන ආනයනය කරන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ඒවායේ මිල ද අඩු කරන ලෙස ආණ්ඩුව මැදිහත්ව බලපෑම් කරන ලෙස ඉල්ලා සිටින බවත්ය.
මෙරට මහා පරිමාණ හෝටල්කරුවන් කීපදෙනෙක්ගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ, හෝටල්වල විදුලි ගාස්තු සියයට 31 කින් පහළ දැමීම සංචාරක කර්මාන්තයට ලැබුණු ප්‍රසාද දීමනාවක් බදු බවත්, හෝටල් ක්ෂේත්‍රයේ කාමර කුලිය ඉහළ යෑමෙන් සංචාරකයන් වෙනත් රටවලට හැරී යෑමේ තත්වයක් තිබූ බවත්ය.
විදේශ සංචාරකයන්ට අඩු මුදලකට හෝටල් කාමර සැපයිය හැකි නම් මීට වඩා සංචාරකයන් ආකර්ශනය කළ හැකි බව කියන මහා පරිමාණ හෝටල් කර්මාන්තකරුවෝ, ඉදිරියේදී හැකි උපරිමයෙන් කාමර ගාස්තුව අඩු කර සංචාරකයන් ප්‍රමාණය වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළහ. අපනයන කර්මාන්තකරුවන් පවසන්නේ ද විදුලි ගාස්තු අඩු කිරීමෙන් නිෂ්පාදන පිරිවැය අඩුවීමෙන් මෙරටින් අපනයනය කරන භාණ්ඩ මිල අඩුවීමෙන් අපනයන පරිමාව ඉහළ දැමීමේ අවස්ථාව ඇති බවයි.
ශ්‍රී ලංකාව කිසි විටෙකත් ඩොලර් බිලියන 2 ක සෘජු විදේශ ආයෝජනයක් (FDI) ලබාගෙන නැති බවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2කටවත් සමාන ගලා ඒමක් ලබා ගැනීමට ඓතිහාසික
වාහන ආනයන සීමා කොන්දේසි සහිතව රජය විසින් ඉවත් කරනු ලැබුවද සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයි ලංකා වාහ
ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අ
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
චීනයෙන් රෙදිපිළි ආනයනය කිරීම ඇතුළු විවිධ කරුණු හේතුවෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත දහසකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ බරපතළ අවදානමට ලක්ව ඇතැයි
ඉන්දියාව ගියවර අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන්කර තිබූ ඉන්දීය රුපියල් කෝටි 245 ක මුදල මෙවර අයවැයෙන් කෝටි 300 දක්වා වැඩිකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
විදුලි බිල අඩු වීම : කර්මාන්ත වර්ධනයට තල්ලුවක්