IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


විදේශ විකිණීම් ප්‍රවණතාවක් සනිටුහන් වූ සතියක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉකුත් සිකුරාදා අවසන් වන විට එදින පමණක් විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 103 ක ශුද්ධ විකිණීම් වාර්තා කළේය. මිලදී ගැනීම් රු. මිලියන 114. ක වූ අතර විදේශ විකිණීම් රු. මිලියන 217.8 ක් විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් හතරවැනි වාරිකය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 344 ක මුදලක් ලබාගත හැකිවනු ඇත. 

එහෙත් මෙම වාරිකය සමග මෙතෙක් ආයෝජන සඳහා ලබාදී ඇති සහන නැවත සලකා බලන්නට එකඟ වී ඇති බව දැක්වේ. විශේෂයෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිරි ආයෝජන සඳහා අයහපත් සේ බලපාන බවට විශ්වාස කරමින් විදේශ ආයෝජන අංශ හැසිරෙන බව පෙනේ. කෙසේ වෙතත් හතරවැනි වාරිකය සමග රට තුළ විදේශ වත්කම් වැඩි දියුණූවීම පදනම් කරගෙන දේශීය ගනුදෙනුකරුවන් සක්‍රීය වනබව සඳහන් කළ හැකිය. 

ඉකුත් 23 දා ගනුදෙනු 17,651 ක් වාර්තා වූ අතර සමාගම් 187 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 51 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 2,435.1 ක් වශයෙන් විය. මේ අතර මැදහත් වාර්තා දක්වන පරිදි මිල දී ගැනීමේ උනන්දුව මෙම සතියේ තව දුරටත් අපේක්ෂා කළ හැකිවේ. 

සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,742.04 ක් වු අතර එය දර්ශක 126.41 ක වර්ධනයකි. ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,632.51 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 27.80 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. 

සන්ෂයින් හෝලිඩිං රු. මිලියන 173 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 123 ස්වශක්ති රු. මිලියන 116 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 59 ක්, ඇලුමෙක්ස් රු. මිලියන 100 ක්, ආගරලතන වැවිලි රු. මිලියන 100 ක්, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි. 

නිරීක්ෂක



අදහස් (0)

විදේශ විකිණීම් ප්‍රවණතාවක් සනිටුහන් වූ සතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රුපියල් බිලියන 2,195ක දේශීය ආදායම් ඉලක්කයක්
2025 අප්‍රේල් මස 29 21 0

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,195 ක් වුවත් එම ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් බදු ගෙවන්නන් පිරිසක් සොය


2024 දී ලාංකික ශිෂ්‍යයෝ විදෙස් අධ්‍යාපනයට ඩො. මි. 194ක් වියදම් කරලා
2025 අප්‍රේල් මස 29 19 0

ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් විසින් 2024 වසරේදී විදේශ අධ්‍යාපනය සඳහා දැරූ වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 194.4ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. බැංකු පද්ධතිය ඔ


සතිය ආරම්භයේදී කොටස් වෙළෙඳ පොළ ඉහළට
2025 අප්‍රේල් මස 29 12 0

අප්‍රේල් මාසයේ අවසන් සතියේ ආරම්භක දිනය වූ ඊයේ (28) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් යම් ඉහළ යාමක් පෙන්නුම් කළේය. ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI)


අප්‍රේල් මුල් දින 24ට සංචාරකයෝ 144,320 ක්
2025 අප්‍රේල් මස 29 29 0

මෙම මස පළමු දින 24 තුළදී මෙරටට සංචාරකයන් 144,320 ක් පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ අප්‍රේල් මස පළමු දින 24ට සාපේක්ෂව සියයට 22.1 ක ඉහළ යාමක් බවත් සංචාරක සංවර්ධන අධික


රුපියල සියයට 2.4 කින් අවප්‍රමාණය වෙලා
2025 අප්‍රේල් මස 29 11 0

මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට අප්‍රේල් මස 23 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.4 කින් අවප්‍රමාණය වී


නීති විරෝධී සිගරට් සැලකිය යුතු මට්ටමකින් ඉහළට
2025 අප්‍රේල් මස 29 8 0

පසුගිය වසරේදී මෙරට නීත්‍යානුකූල සිගරට් අලෙවිය පහත ගොස් ඇතත් නීති විරෝධීව මෙරටට ගෙන්වන සිගරට් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි ලංකා දුම්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 24 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 15 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1051 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site