IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


වෙළෙඳපොළේ තරමක පිබිදීමක්

ගනුදෙනු (පෙබරවාරි 06) අවසානයේ දී කලින් දිනයේ දී පසුබෑම වළකා තරමක් දුරට ආපසු ආවරණය වූ බවක් නිරීක්ෂණය කළ හැකිය. මෙහි වර්ධනකාරී ස්වභාවයක් අද දිනයේ ද අපේක්ෂා කළ හැකි බව සඳහන් කළ යුතුය. 

කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අවසානයේ දී මෑත භාගය තුළ එක් දිනයකදී සිදු වූ දරුණුම පසුබෑම හේතු කොටගෙන වෙළෙඳපොළේ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 5,861 ක් දක්වා අඩු වී තිබුණි.යම් සාධනීය ප්‍රාග්ධනයක් දක්වා ඉහළ ගිය නමුත් සම්පූර්ණයෙන් ආවරණයවීමක් වාර්තා නොකළේය.

 ගනුදෙනු ප්‍රමාණය හා පිරිවැටුම කලින් දිනවලට සාපේක්ෂව අඩුය. අලුත් මිල දී ගැනීම් සඳහා ආයෝජකයන් පරෙස්සම්වන ආකාරයක් පවතී. පසුගිය දිනකිහිපය තුළ යාපනයේ සිද්ධි, ආණ්ඩුවට විරුද්ධ උද්ඝෝෂණ හා විදේශ විනිමය අනුපාතිකය සම්බන්ධ කරුණු වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා වක්‍ර ආකාරයේ බලපෑමක් කර ඇත.

ගනුදෙනු ආරම්භයේ සිට දර්ශක ක්‍රමයෙන් ඉහළ ගිය අතර ඊයේ මධ්‍යහ්නයේ දී සුළු පහත වැටුණු නමුත් අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය 16,506.73 ක් වශයෙන් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 50.63 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,937.79ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 39.75 ක ඉහළ යාමක් සේ දැක්විය හැකිය. 

දිනයේ පිරිවැටුම රු. බිලියන 5.18 වූ අතර දිනය අවසානයේ දි ගනුදෙනු 27,565 ක් සිදුවී තිබේ. ලැයිස්තුගත සමාගම් 29 ක පමණක් කොටස් මිල ඉහළ ගියේය. ඔප්ටියුම් අරමුදල, කාර්ගිල්ස් බැංකුව, කලම්බු සිටි, යූ. බී. ෆිනෑන්ස් ඒසියා ඇසෙස්ට් යන සමාගම්වල කොටස් සති පනස් දෙකකට වඩා මිල ඉහළ ගිය ප්‍රවණතාවක පැවැතිණ. 

නේෂන් ලංකා, රීෆ් සහ එස්.එම්.බී. ෆිනෑන්ස් යන සමාගම්වල කොටස් මිල සති පනස් දෙකක අඩුම ස්ථානය දක්වා පහත වැටිණි. 

සිංගර් ශ්‍රී ලංකා සියයට 7.6 කින්, කොත්මලේ හෝල්ඩිං සියයට 6.52 කින්, සිලෝන් ටී බ්‍රෝකර්ස් සියයට 5.41 කින් කලම්බු ඉන්වෙස්ට්මන් ෆන්ඞ් සියයට 4.52 කින්, සතොස මෝටර්ස් සියයට 12.64 කින්, එස්.ඊ.එම්.පී. ෆිනෑන්ස් සියයට 12.5 කින් සහ ඔටෝ ඩ්‍රෝම් සියයට 4.40 කින් කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් පහත වැටුණ සමාගම් අතර වේ. 

යූ. බී. ෆිනෑන්ස් සියයට 14.29කින්, සිගිරිය විලේජ් සියයට 9.09 කින්, නුවරඑළිය හොටෙල් සියයට 10.12 කින්, සතොස මෝටර්ස් සියයට 9.57 කින්, සිලෝන් ප්‍රින්ටර්ස් සියයට 9.22 කින් කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් ඉහළට නැගුණ අවස්ථා විය. 
නිරීක්ෂක



අදහස් (0)

වෙළෙඳපොළේ තරමක පිබිදීමක්

ඔබේ අදහස් එවන්න

 

ව්‍යාපාරික විත්ති

ව්‍යවසායකයන්ට ලෝක වෙළදපොළ ඇල්ලීමට රජයෙන් සැලසුම් ජනපති තරුණ ව්‍යවසායකයන්ට කියයි
2025 මාර්තු මස 12 50 0

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය දීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.


කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනයට පියවර
2025 මාර්තු මස 12 23 0

කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊ


පැවති ණය පියවීමට අලු‍තින් ණය නොගත්තා නම් රට බංකොලොත් වන්නේ මීට කලින්
2025 මාර්තු මස 12 112 0

ශ්‍රී ලංකා ජාතන්තර ස්වෛරීත්ව බැදුම්කර හරහා සිදු කළ ණය ගැනීම් සිය ධුර කාලයේදී ඉහළ ගිය බවටත්, එය රටේ විදේශ විනිමය අරබුදයට හේතුවක් වූ බවටත් එල්ල වන චෝදනා ප


තේ පාලන පනතත් සංශෝධනයට
2025 මාර්තු මස 12 18 0

තේ පාලන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (11) කොළඹද


කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය මෙහෙයුම් අරඔයි
2025 මාර්තු මස 12 15 0

සංවර්ධනය කළ කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය මෙහෙයුම් ආරම්භ කළ බව වරාය අධිකාරිය පැවසීය.


කුලී රථකරුවන්ගේ ගැටුම් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට බාධාවක්
2025 මාර්තු මස 12 19 0

දේශීය කුලී රථකරුවන් සහ යෙදුම් පාදක කරගත් කුලී රථකරුවන් අතර පවතින ගැටලු‍කාරී තත්වය ඉහළ යෑම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට බාධාවක් වී ඇති


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site