IMG-LOGO

2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා


වී මිලට කඹ ඇදිල්ලක්


 

  • ගොවි සංවිධානවල ඉල්ලීම කිලෝවකට රු. 130 ත් 140 ත් අතර මිලක්
  • සියලු‍ වියදම් එකතු කළ විට කිලෝවට රුපියල් 146.10 ක්
  • සාධාරණ සහතික මිලක් අවශ්‍යයි
  • සහතික මිලක් වෙනුවට ආණ්ඩුවෙන් අවම මිලක්
  • ගොවීන්ට ශුද්ධ ලාබයක් ලැබෙන සේ අවම මිලට වී මිලදී ගන්න රජය සූදානම්
  • ප්‍රමිතියට වී සපයන ගොවීන්ට අමතර රුපියල් දෙකක්
  • තෙත වී කිලෝවක් රුපියල් 110 ත් 115 ත් අතර මිලක
  • සහල් කිලෝවක් රුපියල් 230 ට

යොහාන් භාසුර
වී කිලෝවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර ‘සහතික’ මිලක් ලැබිය යුතු යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
වී පොහොර බෑගයකට යන තෙක් වන වියදම ලෙස රුපියල් 116.93 ක මිලක් ගණනය කර ඇති බවත් එම රුපියල් 116.93 ට ලාබය ලෙස සියයට 25 ක් එකතු කළ විට රුපියල් 146.10 ක මිලක් ලැබුණු බවත් ඒ මහතා කීය.
එම මිලෙන් රුපියල් 6.10 ක් ද අඩු කර වී කිලෝවක් සඳහා රුපියල් 140 ක සහතික මිලක් ලැබිය යුතු බව කියන අනුරාධ තෙන්නකෝන් මහතා වී කිලෝවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර පරාසයක සාධාරණ සහතික මිලක් අවම වශයෙන් බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ඉදිරියේදී ප්‍රකාශ කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති ආයතන පහක් සම්බන්ධ වී නිෂ්පාදන වියදම සකස් කරන බව කී නාමල් කරුණාරත්න මහතා එම නිෂ්පාදන පිරිවැයට පොහොර සහනාධාරය ඇතුළත් නොවන බව ද සඳහන් කළේය.
ගොවීන්ට ශුද්ධ ලාබයක් ලැබෙන සේ අවම මිලට රජය වී මිලදී ගන්නා බවත් අදාළ ප්‍රමිතියට වී සපයන ගොවීන්ට අමතර රුපියල් දෙක බැගින් ගෙවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රජය මිලදී ගන්නා වී අලෙවි නොකරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එම වී සහල් කර සාධාරණ මිලට ජනතාවට අලෙවි කරන බව පැවසීය.
මේ අතර ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මොල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පැවසුවේ තෙත වී කිලෝවක් රුපියල් 110 ත් 115 ත් අතර මිලක මේ වන විට පවතින බවත් ලබන සතියේ වී කිලෝවක මිල රුපියල් 100 ත් 110 ත් අතර මිලකට අඩු වේ යැයි බලාපොරොත්තු වන බවත්ය.
එම මිලට වී මිලදී ගතහොත් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහල් කිලෝවක් රුපියල් 230 ට දීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
නැගෙනහිර පළාත සමඟ දිස්ත්‍රික්ක කිහිපයක මාස් කන්නයේ වී අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ වී ඇති අතර අතර වීවලට සාධාරණ මිලක් දෙන ලෙස අස්වැන්න නෙළමින් තිබෙන දිස්ත්‍රික්කවල ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.



අදහස් (0)

වී මිලට කඹ ඇදිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

අයි.එම්.එෆ් පුරෝකථනය පහසුවෙන් පසුකරන්න පුළුවන්
2025 ජනවාරි මස 30 11 0

ණය තිරසරභාවය ඇති කර ගැනීම සඳහා රජයේ වියදම් පියවා ගැනීමට සහ ණය ගෙවීමට අවශ්‍ය මුළු මුදල (දළ මූල්‍ය අවශ්‍යතාව) මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක මට්ටම ද


​ආයතන පවත්වාගෙන ගිය පරිපාලනය ආසාර්ථකයි දූෂිතයි
2025 ජනවාරි මස 30 13 0

රජයට පරිබාහිරව ඉතා ශක්තිමත් කාර්යක්ෂම ඉදිකිරීම් සමාගම් රැසක් බිහි වී තිබෙන බැවින් රජයේ ඉදිකිරීම් සමාගම් තවදුරටත් පවත්වාගෙන යා යුතු දැයි කල්පනා කරන බ


පරිවර්තනීය වර්ධනයක් සැලැසුම් කිරීමට කාලය එළැඹිලා
2025 ජනවාරි මස 30 7 0

මෙරට දේශපාලන ස්ථාවරත්වය ඇති වීමත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමත් සහ දීර්ඝ කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යෑමත් සමග අග්නිදිග ආසියාවේ රටවල්වල ද


මෙරට සරසවි විදෙස් සරසවි අතර අවබෝධතා ගිවිසුම් 10 ක්
2025 ජනවාරි මස 30 6 0

මෙරට විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් 10කට එළඹීමට රජය තීරණය කර ඇතැයි, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය,


සංශෝධන සහිතව ආර්ථික පරිවර්තන පනත ඉක්මනින්
2025 ජනවාරි මස 30 3 0

ආර්ථික පරිවර්තන පනත ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන්නේ, වැඩි ආයෝජන ආකර්ෂණයක් ඇති කර ගැනීමට යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පොලී අනුපාත වෙනසක් නෑ
2025 ජනවාරි මස 30 4 0

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවැති රැස්වීමේද


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 56 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 675 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 700 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site