IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වී මිලදී ගැනීම - සහල් පාරිභෝගිකයාගේ අර්බුදය

 

  • නවීන ක්‍රමවේදවල අවශ්‍යතාවනාඩු - රතු කැකුළු වගාව අඩුවෙලා
  • පොහොර සහනාධාරයට එහා ගිය සැලැස්මක් ඕනෑ
  • පෞද්ගලික අංශය වෙළෙඳපොළ අත්පත් කර ගැනීම
  • තීරණ ගැනීමේදී පැරැණි රාමුවට යාමේ වරද
  • ගොවියන්ට දියයුතු අලුත් දැනුම

සාරා කන්දෙගොඩ


සාමාන්‍ය පාරිභෝගිකයන් ඉමහත් පීඩාවකට පත්කරමින් සහල් වෙළෙඳාම ව්‍යාකූල වී තිබේ. මාස කිහිපයකට පෙර සාමාන්‍ය මිලක තිබුණු සහල් මිලගණන් අසාමාන්‍ය මට්ටමක පවතී. දේශීය සැපැයුම සීමා වී ඇති අතර සහල් ආනයනය කර පාරිභෝගික අවශ්‍යතා සම්පාදනය කිරීමට රජයට සිදුවිය. 
විනිමය හිඟයක පසුවන අතර පිටරටින් සහල් ආනයනය කරන පියවර සඳහා තීන්දු ගැනීම පහසු නැත. පසුගිය කන්නයේ වගා හානි සලකා ඊළඟ කන්නයේ දී නැවත අස්වනු ලබාගැනීමට සැලසුම් අවශ්‍යය. කෘෂි අංශයේ ක්‍රියාකාරීත්වය සලකන පසු තීන්දු ගැනීම වේගවත් නැත. වී කෘෂිකර්මාන්තයට සිදුවූයේ කුමක්ද යන්න බලධාරීන්ගේ තියුණු අවධානයට පත් විය යුතුව තිබේ. 
වී කර්මාන්තයේ නිරත මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයන් බලවත් සේ විවේචනය කරන ආණ්ඩුව ඇතුළු බලධාරීන් ආණ්ඩුවේ වෑයමෙන් වී මිල දී ගෙන තරගකාරී සහල් සැපයුමක් සඳහා සූදානම්වන බව නිරීක්ෂණය කළ හැකිය. අත්හැර දමන ලද ඇතැම් ගබඩා නැවතත් පිළිසකර කිරීම ආරම්භ කොට තිබේ. සුළු හා මධ්‍ය පරිමාණ වී ව්‍යවසායකයන් ශක්තිමත් කරන්නට තීරණය කර ඇති අතර ඔවුන්ට ණය යෝජනා ක්‍රම ඉදිරිපත් කරන්නට සූදානම් බව දැක්වේ. රටට අවශ්‍ය සහල් කාර්යක්ෂම ක්‍රමවේදයකට නිපදවීම හා ඒවා පාරිභෝගිකයන්ට පහසු මිලකට ලබාගත හැකි පරිදි වෙළෙඳ පොළට සැපැයීම අරමුණු කරගත් නවීන ක්‍රමවේද සූදානම් කිරීම සුදුසුය.


 වී නිෂ්පාදනය ඉහළ බව කෘෂිකර්ම තොරතුරු සනාථ කරයි 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව මෙරට වී නිෂ්පාදනය ඉහළ ගොස් තිබේ. 2000 වසරේ දී මෙට්‍රික්ටොන් මිලියන 2,859 ක් නිපදවා ඇති අතර එය 2023 වසරේ දී මෙට්‍රික්ටොන් මිලියන 4,513 තෙක් වර්ධනය වී ඇත. 2024 වසරේ දී අපේක්ෂා කරන ලද අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 4,428 කි. සුළු ප්‍රමාණයකින් අපේක්ෂිත අස්වැන්න අඩු වූ නමුත් දශක දෙකක ඉතිහාසය අනුව වී නිපැයුම සියයට හතළිහකින් පමණ ඉහළ ගොස් තිබේ. 


 මෙම වී ප්‍රමාණයට සිදුවූයේ  කුමක්ද? 
අනෙක් අතට ගොවියන් වී වගාකරන ක්‍රමවේදය වෙනස් කොට ඇත. බහුලව අවශ්‍යවන නාඩු හෝ රතු කැකුළු වගා කිරීම ප්‍රතිශතයක් වශයෙන් අඩු කොට තිබේ. සම්බා හා කීරි සම්බා වගා කරන ඉඩම් ප්‍රමාණය ඉහළ ගොස් ඇත. වෙළෙඳ පොළ ඉල්ලුම එයට බලපා ඇත. නාගරික අලෙවියේ දී ආහාර පිටතින් ගන්නා අවස්ථාවල සම්බා හා කීරි සම්බාවලට ඉල්ලුමක් තිබේ. මෙකී වී වර්ගවලට සහතික මිල ඉක්මවා මිලක් ලැබෙන අතර එය ගොවියන්ට ද ආදායමකි. කැකුළු හා නාඩු නිෂ්පාදනය පහත වැටී ඇත. අනෙක් අතට සුළු ප්‍රතිශතයකින් කාබනික වී වගාව දියුණු වී තිබේ. කැකුළු හා නාඩු වගාකරන ගොවියන්ගේ ඉඩම් වලින් කොටසක් එයට යෙදැවී ඇති බව පෙනේ. 
ආණ්ඩුව විද්‍යාත්මක ක්‍රමවේද ගැන අවධානය යොමු කරන අතර තාක්ෂණය බහුලව භාවිතකරන්නට සූදානම් වේ. කෙසේ වෙතත් වී වගාවේ නවෝත්පාදනය හා එය නැඹුරු කළ යුතු පැති කෙරෙහි විචාරාත්මක දෘෂ්ටියක් නැත. තොරතුරු තාක්ෂණය භාවිතකර වී වගා කරන ප්‍රබේධ වෙන්කිරීමට හා වගා කරන කලාප සූදානම් කොට අපේක්ෂිත වෙළෙඳපොළ සූදානම් කිරීම අවශ්‍යය. හුදෙක් නොමිලේ පොහොර සහනාධාර හා වී ගබඩා පිරිසුදුකිරීම ඉක්මවා ගිය සැලැස්මක් රටට අවශ්‍යය.


 පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් වී මිල දී  ගැනීමේ ක්‍රමවේදය 

පසුගිය කන්නයේ වී වගා කරන අතරවාරයේ මෙරටට පැමිණි පොහොර නැවක් සම්පූර්ණයෙන් මිලදී ගැනීමට මෙරට ප්‍රධාන පෙළේ වී ව්‍යවසායකයකු තීරණය කළේය. ඔහු මිල දී ගත් පොහොර තොග ඔහුට වී සපයන ගොවියන්ට කිසිම බලපෑමක් නොකර බෙදා දුන් බව නොරහසකි. වී ගොවියන් ගේ අවශ්‍යතා හෙතෙම අවබෝධ කරගෙන සිටී. හුදෙක් වී අස්වැන්න නෙළන කාලයට පමණක් ගොවියන් ඇසුරු කරන්නේ නැත. වී ගොවිතැන හා ගොවියන්ගේ අවශ්‍යතා හඳුනාගෙන තීරණ ගන්නා මෙම ව්‍යවසායකයා ඇතුළු පෞද්ගලික අංශය වී වෙළෙඳපොළ අයිති කරගෙන සිටී. 
ආණ්ඩුවේ නිලධාරීන්ට මෙම සංස්කෘතිය හුරු නැත. විවිධාකාරයේ නීති හා වක්‍ර ලේඛවලින් ආවරණය කොට තිබේ. නිලධාරීන් මුණ ගැසෙන්නේ අස්වනු නෙළන කාලයටය. අනෙක පෞද්ගලික ව්‍යවසායකයන් කුඹුරට පැමිණ වී තොග මිල දී ගන්නා අතර ගොවීන් ට්‍රැක්ටර්වලින් ගබඩාවට ගෙනැවිත් තෙතමනය පරීක්ෂා කර විකිණිය යුතුවේ. වී මිල දී ගැනීම සඳහා හා ඒවා ආරක්ෂා කරගැනීමට මණ්ඩලය සතු ගබඩා 323 ක් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දක්වයි. මෙයට අමතරව වී තොග ටොන් ලක්ෂ ගණනක් ගබඩා කිරීම සඳහා සමුපකාර සමිති ආශ්‍රිතව සුළු ගබඩා තිබේ. මහා පරිමාණ ගබඩා අත්හරින තීන්දු ගැනීමට පැවැති ආණ්ඩුවලට සිදුවූ අතර එයට හේතු පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාව සහ වී මිල දී ගැනීම සඳහා පිරිවැය සීමාසහිත වීම බව පෙනේ. වී අලෙවි මණ්ඩලය ඉතාම කාර්යක්ෂමව ක්‍රියා කළ කාලයේ පවා මෙරට නිෂ්පාදනයෙන් සියයට දහය ඉක්මවන ප්‍රමාණයක් මිල දී ගැනීමට අසමත් වූ බව මහ බැංකුවේ වාර්තා සනාථ කරයි. පසුගිය කාලයේ වී මිල දී ගැනීමට දිසාපතිවරුන්ට මුදල් නිදහස් කරන ලද අතර එම මුදල් පවා කාර්යක්ෂමව යොදවන්නට අසමත් වූ බව දැක්වේ. මෙම අවස්ථාවේ දී ආණ්ඩුව වී කෘෂිකර්මාන්තයේ පැරණි පාඩම් හැදෑරිය යුතු අතර තීරණ ගැනීමේ දී නැවත නැවතත් පැරණි රාමුවට ඇතුළුවීම වරදකි. 


 වී සහතික මිල සහ නිෂ්පාදන  පිරිවැය පලක් නැති තීන්දුවකි 
2015 මහකන්නයේ වී වගාවේ අස්වැන්න සඳහා කිලෝවකට රු. පනහක සහතික මිලක් එවකට තිබුණ ආණ්ඩුව නියම කළේය. ඒ වන විට අඩු මිලට වී මිල දී ගැනීම සිදුවෙමින් තිබුණි. නොබෝදා කරුණු දක්වන ලද ජාතික ගොවිජන එකමුතුව වී කිලෝවකට රුපියල් 130-140 අතර සහතික මිලක් අවශ්‍ය බව අවාධාරණය කර තිබේ. වී කිලෝවක් නිපදවීම සඳහා රුපියල් 116.93ක් වැය වන බව ඔවුහු දක්වති. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව වී කිලෝවක් නිපදවීම සඳහා වාරි සම්පාදන ඉඩම්වලට රුපියල් 23.16 ක් වැය වන අතර මෝසම් වැසිවලින් වී වගාකරන ප්‍රදේශවලට නිපැයුම් පිරිවැය රු. 32.38 කි. ජාතික ගොවිජන එකමුතුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පිරිවැය අතර බරපතළ වෙනසක් ඇත. මෙම වෙනස කෙසේ වෙතත් වී සඳහා හොඳ මිලක් පවතින බව ඉතාම පැහැදිලිය. වී මිල ඉහළ යන අතරවාරයේ එහි සෘජු පීඩනය පාරිබෝගිකයා වෙත එල්ලවන බව අමතක කළ යුතු නැත. 
නිෂ්පාදන වියදම අඩු කරගත යුතුව තිබේ. ලෝකයේ වැඩිම සහල් නිපදවන රටවල් වශයෙන් චීනය, ඉන්දුනීසියාව, බංගලාදේශය, වියට්නාමය, තායිලන්තය හා මියන්මාරය ඉදිරියෙන් සිටී. මෙම රටවල නිෂ්පාදන පිරිවැය සාපේක්ෂව අඩුය. ශ්‍රී ලංකාවේ ගොවියන්ට පොහොර සහනාධාර පමණක් නොව වාරි යෝජනාක්‍රම නඩත්තුව ද ආණ්ඩුවෙන් සැපයේ. එය ගෙවන්නේ පොදු ජනතාව බව අමතක කළ යුතු නැත. මෙම ක්‍රමවේදයෙහි නරක පැති පෙන්වා දුන් ලෝක බැංකුව වරක් ගොවියන්ගෙන් ජල බද්දක් අය කළ යුතු බව යෝජනා කළ නමුත් විශාල විරෝධතා හේතුවෙන් එය නතර කෙරිණ. වී කෘෂිකර්මාන්තයේ දී යෙදවුම් සඳහා පිරිවැය සම්පූර්ණ වියදමෙන් සියයට දහ නවයකි. ශ්‍රම කුලිය සඳහා සියයට හතළිස් තුනක් හා යන්ත්‍ර කුලිය සඳහා සියයට තිස් අටක් වැය කෙරෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු ගණනය කිරීම් දක්වයි. මෙම අභ්‍යන්තරය අනුව ගොවියන්ගේ ශ්‍රම අවශතා සහ යන්ත්‍ර සූත්‍ර සම්පාදනය කෙරෙහි සැලකිලිමත්වීම අවශ්‍යය. සමූපාකාර ක්‍රමයකට හෝ ව්‍යවසාය ක්‍රමයකට හෝ ශ්‍රමය හා වී ගොවිතැනට අවශ්‍ය යන්ත්‍ර සපයන ක්‍රමවේද සකස් කළ හොත් පිරිවරය අඩු කරගත හැකිවේ.


 වී ගොවිතැන ලාබදායක  ව්‍යවසායයක් බවට හැරවීම 
ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගෙන් තුනෙන් දෙකක් වී ගොවිතැනෙහි නිරත බව දැක්වෙයි. මෑත කාලයේ බලපෑම් වශයෙන් නියඟය සහ ඉන් පසුව ඇතිවූ හදිසි ගංවතුර වී වගාවට බලවත් හානි පමුණුවා ඇත. සහල් මිල ගණන් වේගයෙන් ඉහළ ගිය අතර දේශීය රතු කැකුළු සහල් හිඟ සහ මිල වැඩි තත්වයක් නිර්මාණය වී ඇති බව නැවතත් පෙන්වා දිය යුතුව තිබේ. 
අධික පිරිවැය අසංවිධිත ණය ක්‍රම සහ සම්ප්‍රදායික ලක්ෂණ මෙරට වී ගොවිතැන ආවරණය කරගෙන තිබේ. ගොවියන්ට අලුත් දැනුම සම්පාදනය කළ යුතුවේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් විශාල ප්‍රමාණයක් සිටින නමුත් ගොවියන් සිය වගාවට හානිකරන ගැටලු ගැන පවා දැනුවත්වීම පොහොර හා කෘෂි රසායනික අලෙවි කරන්නන් මත සිදුවන බව පර්‌යේෂණාත්මකව හෙළිවී ඇත. 
වී අලෙවිය සම්බන්ධයෙන් ගොවියා මුහුණ දෙන ඉරණම පමණක් නොව රට තුළ සහල් නිෂ්පාදනය ආර්ථික සාධකයක් වශයෙන් සලකා බලන්නට අවශ්‍යය. ශ්‍රී ලංකාවේ වී වගාව කාර්යක්ෂම එකක් බවට පත්කරන්නට අවශ්‍යය. ඵලදායී ආකාරයේ පරිවර්තනයකට මග පාදා ගත්තේ නැති නම් අනාගතයේ දී මෙරට වී වගාව බලවත් ලෙස පිරිහෙන්නට ඉඩ තිබේ. ගොවියා හා පාරිභෝගිකයා සෘජුව සම්බන්ධ කරන ක්‍රමවේද ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි?
 වී මිල දී ගැනීම, ගබඩාකිරීම හෝ අනෙක් යටිතල පහසුකම් දියුණුකිරීම වෙනුවට ගොවියන්ගේ වී කෙළින්ම පාරිභෝගිකයා අතට පත් කරන අලුත් ක්‍රමවේද සකස් කළ හැක. තාක්ෂණය සමග මෙම දියුණුව ඇතිකර තිබේ. ගොවියන්ට තමන්ගේ වී ආරක්ෂා කරගත හැකි ආකාරයට ප්‍රාග්ධනය සැපැයිය යුතු අතර නිෂ්පාදන උසස් තත්වයකින් අනන්‍යතාව අනුව වෙළෙඳපොළට ඉදිරිපත් කරන ශක්තිය සැපැයිය යුතුවේ. මෙහි දී දැනුම හා මගපෙන්වීම ඉතා වැදගත්ය. වී නිෂ්පාදන මිල හා වෙළෙඳපොළේ සහල් මිල ගණන් සලකා බලන පසු නිෂ්පාදයෙන් කොටසක් කෙළින්ම අලෙවි කළ හැකි අලුත් පිළිවෙළක් ඉදිරියේ හැර වෙනත් පියවරකින් පාලනය කිරීම පහසු කර්තව්‍යයක් නොවේ. 



අදහස් (0)

වී මිලදී ගැනීම - සහල් පාරිභෝගිකයාගේ අර්බුදය

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

ලංකාව ඍජු විදේශ ආයෝජන අරගලයක
2025 පෙබරවාරි මස 03 92 0

ශ්‍රී ලංකාව කිසි විටෙකත් ඩොලර් බිලියන 2 ක සෘජු විදේශ ආයෝජනයක් (FDI) ලබාගෙන නැති බවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2කටවත් සමාන ගලා ඒමක් ලබා ගැනීමට ඓතිහාසික


සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගන්න බෑ
2025 පෙබරවාරි මස 03 138 0

වාහන ආනයන සීමා කොන්දේසි සහිතව රජය විසින් ඉවත් කරනු ලැබුවද සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයි ලංකා වාහ


බහලු‍ම් නිෂ්කාශනය ප්‍රමාදය සෙවීමට කමිටුවක්
2025 පෙබරවාරි මස 03 11 0

ආනයනික බහලු‍ම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අ


ජනවාරි උද්ධමනය සෘණ 4.0 ක්
2025 පෙබරවාරි මස 03 22 0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


චීන රෙද්දට අපේ රෙදිපිළි කර්මාන්ත දාහක් අවදානමේ - සුළු හා මධ්‍ය පරිමාණ රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමය
2025 පෙබරවාරි මස 03 13 0

චීනයෙන් රෙදිපිළි ආනයනය කිරීම ඇතුළු විවිධ කරුණු හේතුවෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත දහසකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ බරපතළ අවදානමට ලක්ව ඇතැයි


ඉන්දීය අයවැයෙන් ලංකාවට රුපියල් කෝටි 300ක්
2025 පෙබරවාරි මස 03 14 0

ඉන්දියාව ගියවර අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන්කර තිබූ ඉන්දීය රුපියල් කෝටි 245 ක මුදල මෙවර අයවැයෙන් කෝටි 300 දක්වා වැඩිකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 84 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 759 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 732 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site