ශ්‍රීලංකන් ගුවන් සේවයේ අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රීලංකන් කේටරින් හි නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස මංගල විජේසේකර මහතා තේරී පත් වූ බව ශ්‍රීලංකන් කේටරින් සඳහන් කරයි.
මංගල විජේසේකර මහතා Aitken Spence හෝටල් සමූහයේ විදේශීය හෝටල් මෙහෙයුම් හි හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වසර 23 කට වැඩි ආයතනික අත්දැකීම් ලබා ඇත. ඒ මහතා සතුව ව්‍යාපෘති කළමනාකරණය. හෝටල් කළමනාකරණය, මූල්‍ය, පරිපාලනය සහ දේපළ මෙහෙයුම් පිළිබඳ පුළුල් දැනුමක් ඇත. එසේම ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දියාව සහ ඕමානය ඇතුළු රටවල විවිධ ක්ෂේත්‍ර කිහිපයකම වෘත්තිකයන් සමග වැඩකර අත්දැකීම් රාශියක් ඇති අයෙකු ද වේ.
ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබා ඇති අතර ඕස්ට්‍රේලියාවේ Southen Queensland විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ Cornell විශ්වවිද්‍යාලයෙන් ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ මාස්ටර් සහතිකයත්, කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් උපාධි පාසලෙන් සහ සිංගප්පූරුවේ NUS ව්‍යාපාරික පාසලෙන් ජාත්‍යන්තර කළමනාකරණය පිළිබඳ විධායක පුහුණුව ලබා ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ශ්‍රීලංකන් කේටරින් නව ප්‍රධාන විධායක මංගල විජේසේකර
Chandana Bulegoda Tuesday, 13 April 2021 06:36 AM
සුබ පැතුම්
L. A. H Jayasinghe Friday, 16 April 2021 03:38 PM
විශිෂ්ඨයි... නියම නායකයෙක්...
somathilaka Saturday, 17 April 2021 06:05 AM
කිරිබත් සමග බටු හොදි....