භානුක අමරසිංහ
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2024 මූල්‍ය වර්ෂය සඳහා සිය කොටස්හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 25ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කර තිබේ.
මෙය 2024 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙස සමාගම පවසයි. ශ්‍රී ලංකා ටෙලිකොම් මගින් මේ වනවිට නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 1,782,251,183 ක් වන අතර, මෙම ලාභාංශ ගෙවීම යටතේ රුපියල් 445,562,795.75ක මුදලක් කොටස් හිමිකරුවන් වෙත ගෙවීමට නියමිතය.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම අවසන් වරට සිය කොටස් හිමිකරුවන්ට ලාභාංශ ගෙවීමක් කළේ 2023 වසරේදීය. එහිදීද 2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් ශත 25ක් බැගින් ලාභාංශ ගෙවීම සිදුවිය. 2023 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ලාභාංශ ගෙවීමක් සිදු කර නැත.
කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති යෝජිත නව ගාස්තු ක්‍රමය හේතුවෙන් පුනර්ජනනීය ව්‍යාපෘති 150ත් 200ත් අතර ගණනක් අතරමග නතර වී තිබෙන බවත් එම ව්‍යාපෘති ඇන හිටිය
රජය බදු වියදම් ලෙස සටහන් කර ඇති බදු සහන හේතුවෙන් රජයට 2023/24 මූල්‍ය වර්ෂයේදී බදු ආදායම ලෙස ඉපැයීමට හැකියාව තිබූ රුපියල් බිලියන 966 ක් පමණ මුදලක් රජයට අහිමි ව
මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව වත්කම් කළමනාකරණ සහ ආයෝජන බැංකුකරණ සේවා වෙනුවෙන් සිය පූර්ණ හිමිකාරීත්වය සහිත නව බැංකුවක් ස්ථාප
LOLC සමූහයට අයත් LOLC Finance PLC සමාගම සතුව පැවැති කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ලිමිටඩ් (CIB) සමාගමෙහි සියයට 40 ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමූ බව එම සමාගම පවසයි.
මෙරට ප්‍රමුඛතම ආයෝජකයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන වෛද්‍ය තිරුඤානසම්බන්දර් සෙන්තිල්වර්ල් මහතා විසින් ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමෙහි තවත් කොටස් 1,000,000 ක
ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා වැඩිදියුණු කිරීමේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලංකා ටෙලිකොම් වසරකට පසුව ලාභාංශ ගෙවයි