රජයේ මංගල අයවැය, ශ්‍රී ලංකාවේ බැංකු විසින් සාදරයෙන් පිළිගනු ලැබ ඇති අතර, එය මූල්‍ය මාවතේ ප්‍රතිපත්ති අනුකූලතාව පවත්වා ගැනීමට උත්සාහ කිරීමක් බව පැවැසෙයි. ශ්‍රී ලංකාවේ සියලුම බලපත්‍රලාභී බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA), නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා අගය කරන බවය.
ශ්‍රී ලංකා බැංකු සංගමය SLBA විසින් අයවැය මගින් ඩිජිටල්කරණය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ණය ඇපකර ආයතනය (SMEs) පිහිටුවීම සහ අපනයන දිශානතිය කෙරෙහි අවධානය යොමු කිරීම පිළිබඳව ප්‍රශංසා කර ඇත. 2024 වසරේ රාජ්‍ය ආදායමෙන් සියයට 10 ක පමණ දායකත්වයක් බැංකු අංශය ලබා දී ඇති බවත්, රටේ වර්ධන න්‍යාය පත්‍රය තුළ සැලකිය යුතු කාර්යභාරයක් අඛණ්ඩව ඉටු කරන බවත් පෙන්වා දෙන ශ්‍රී ලංකා බැංකු සංගමය SLBA, අයවැය යෝජනා ක්‍රියාවට නැංවීම සඳහා සහය දැක්වීමට රටේ බැංකු කැපවී සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
VAT ලියාපදිංචි කරන ලද සෑම ව්‍යාපාරික ආයතනයකම Point-of-Sale (POS) යන්ත්‍ර මගින් ඩිජිටල් ආකාරයෙන් විනිවිද පෙනෙන ව්‍යාපාරික ගනුදෙනු කිරීමටත්, භෞතික මුදල් භාවිතය අවම කිරීමටත්, මෙය බැංකු නාලිකා තුළ මුදල් ප්‍රවාහයේ වැඩි ප්‍රතිශතයක් අල්ලා ගැනීමටත් හේතු වන බව සංගමය පවසා ඇත.
“මූල්‍ය ආර්ථිකයේ ඩිජිටල්කරණය ඉහළ නැංවීම, මාර්ගගත ගනුදෙනු මෙහෙයවීම, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ක්‍රියා පටිපාටි දැඩි කිරීම, සෝදිසි කිරීම් වැඩිදියුණු කිරීම සහ සයිබර් අපරාධ පාලනය කිරීම සඳහා මූල්‍ය ආයතනවලින් ඩිජිටල් යටිතල පහසුකම් වෙත ආයෝජන වැඩි කරනු ඇත,” ශ්‍රී ලංකා බැංකු සංගමය පවසයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා විශ්වසනීය ණය සහතික කිරීමේ ආයතනයක් පිහිටුවීම සහ පවතින රාජ්‍ය බැංකුවක යටිතල පහසුකම් හරහා සංවර්ධන බැංකුවක් පිහිටුවීම, එම අංශයේ ණය සුරක්ෂිත කිරීමට සහ බැංකු ක්ෂේත්‍රය සමඟ ඇති සබඳතාවේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට එම අංශයේ හැකියාව ඉහළ නැංවිය යුතු සාධනීය පියවර බව එහි සඳහන් වේ.
‘ප්‍රධාන අංශ ශක්තිමත් කිරීම සඳහා අවධානය යොමු කළ ප්‍රවේශයක් පාලන රාමුව වැඩිදියුණු කිරීමටත් කළමනාකරණ සහ විගණනය කරන ලද ගිණුම් අතර විසමතා අවම කිරීමටත්, ව්‍යාපාරික ගනුදෙනු සඳහා පෞද්ගලික බැංකු ගිණුම් භාවිතය ආදියටත් හේතු වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
ශ්‍රී ලංකාව හමුවේ තිබෙන අභියෝග ජයග්‍රහණය කිරීමට තිබෙන මූල්‍ය ප්‍රතිපාදන කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ඒ හේතුවෙන් මෙවර අයවැයේදී ප්‍රමුඛතාව මත මූල්
නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය ජනවාරි මස 59.0 ක දර්ශක අගයක් වාර්ත
2025 අයවැය පිළිබඳව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE)ද රජයට ප්‍රශංසා කරයි. රටේ විස්තීරණ ආර්ථික වර්ධනය සඳහා විවිධ දෘෂ්ටිකෝණවලින් ජාතික සංවර්ධනයට ප
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 2025 අයවැය ජනතාවාදී අයවැයක් ලෙස නොදකින බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය ඊයේ (19) ක
රජයේ මංගල අයවැය, ශ්‍රී ලංකාවේ බැංකු විසින් සාදරයෙන් පිළිගනු ලැබ ඇති අතර, එය මූල්‍ය මාවතේ ප්‍රතිපත්ති අනුකූලතාව පවත්වා ගැනීමට උත්සාහ කිරීමක් බව පැවැසෙ
දීර්ඝ කාලයක සිට රූපලාවණ්‍ය ක්‍රීම් වර්ග අලෙවි කරන ව්‍යාපාරිකයකු මෙවර ‘මේ දවස්වල බිස්නස් කොහොමද’ විශේෂාංගය සඳහා එක්කරගත්තෙමු. ඔහු නමින් චරිත් ප්‍රිය
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
ශ්‍රී ලංකා බැංකු සංගමයෙන් අයවැයට කොළ එළියක්