IMG-LOGO

2025 ජනවාරි මස 31 වන සිකුරාදා


සංචාරක කර්මාන්තයට වැට් ආපසු ගෙවීම සුබ ලකුණක්

සිල්ලර භාණ්ඩ අලෙවිකරුවන්ගේ සංගමයේ ප්‍රසාදය


භානුක අමරසිංහ


මෙරටට පැමිණෙන සංචාරකයන් විසින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා අය කරන වැට් බද්ද ඔවුන්ට ආපසු ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දී ඇති තීරණය සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා සිල්ලර භාණ්ඩ අලෙවිකරුවන්ගේ සංගමය (SLRA -Sri Lanka Retailers’ Association) පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කර තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව කලාපයේ සිල්ලර භාණ්ඩ සදහා වන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේදී මෙය අතිශය වැදගත් ප්‍රතිපත්තිමය තීරණයක් බව ඔවුන් පෙන්වා දෙයි. ඒ හරහා ඉහළ මට්ටමින් මුදල් වියදම් කරන ජාත්‍යන්තර සංචාරකයන් මෙරට වෙත පැමිණීම වර්ධනය වන බවත්, ඒ හරහා මෙරට ආර්ථික වර්ධනය වේගවත් වන බවත් ඔවුහු සඳහන් කරති.

දත්ත වාර්තාවලට අනුවද මෙම සිල්ලර භාණ්ඩ සංචාරක ක්ෂේත්‍රය ගෝලීය සංචාරක සහ සංචරණ කර්මාන්තයේ ආදායමෙන් සියයට 6කට ආසන්න ප්‍රමාණයකට දායකත්වය ලබා දෙයි. එසේම එය රටක විදේශ විනිමය ඉපැයීම් වර්ධනය සඳහාත් අතිශය වැදගත් අවස්ථාවකි.

ලෝක සංචාරක සහ සංචරණ කවුන්සිලයට අනුව ශ්‍රී ලංකාවේ සිල්ලර භාණ්ඩ සංචාරක කර්මාන්තය මගින් දළ ජාතික නිෂ්පාදිතය වෙත දක්වන දායකත්වය 2010 සිට 2019 දක්වා කාලය තුළ සියයට 12.8ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ගෝලීය සිල්ලර භාණ්ඩ සංචරණ ගමනාන්ත අතර වඩාත් වේගයෙන් වර්ධනය වන මට්ටමකටද පත්ව තිබී ඇත.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වශයෙන් වැදගත් පිහිටීම, සංස්කෘතික විවිධත්වය මෙන්ම සුවිශේෂී සාප්පු අත්දැකීම් එම තත්වය වර්ධනයට හේතු වී ඇත. ඒ අනුව ආසියා-පැසිපික් කලාපය තුළ වඩාත් මුල් පෙළේ සාප්පු ගමනාන්තයක් බවට පත්වීමේ හැකියාවද ශ්‍රී ලංකාවට පවතින බව සඳහන් වෙයි.

මෙලෙස සංචාරකයන් සඳහා වැට් ආපසු ගෙවීමේ වැඩසටහන හඳුන්වාදීමත් සමගින්ම ශ්‍රී ලංකාව ගෝලීය සාප්පු ගමනාන්ත වන සිංගප්පූරුව, තායිලන්තය, ඩුබායි ඇතුළුව බදු නිදහස් සාප්පු අත්දැකීම් ලබාදෙන සංචාරක ගමනාන්ත අතරට එක් වෙයි. එය ධනවත් සංචාරකයන් මෙරට වෙත ආකර්ෂණය සඳහාද යහපත් අවස්ථාවකි. ඒ අනුව මෙම මුලපිරීම වසර 2030 දී මෙරට සංචාරක කර්මාන්තයේ ආදායම් ඉලක්කය වන ඩොලර් බිලියන 8 වෙත ඉතා සුවිශේෂී දායකත්වයක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයිද සඳහන් වෙයි.

විශේෂ‍යෙන්ම මෙම ප්‍රතිපත්ති වෙනස හරහා සුඛෝපභෝගී භාණ්ඩ, සන්නාමිත විලාසිතා, ඉලෙක්ට්‍රොනික උපාංග සහ මැණික් සහ ස්වර්ණාභරණ යනාදී ප්‍රධාන ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති වනු ඇතැයි අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා සිල්ලර භාණ්ඩ අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති චරිත සුභසිංහ මහතා මෙසේ පැවසීය. “මෙලෙස සංචාරකයන් සඳහා වැට් බදු ආපසු ගෙවීම අනුමත කිරීමේ තීරණය ශ්‍රී ලංකාවේ සිල්ලර සහ සංචාරක කර්මාන්ත වෙත හොඳ අවස්ථාවක්. මේ හරහා බදු සීමා ඉවත් කරමින් ජාත්‍යන්තර සංචාරකයන් සඳහා සාප්පු යෑම වඩාත් පහසු කරවනවා. ශ්‍රී ලංකා සිල්ලර භාණ්ඩ අලෙවිකරුවන්ගේ සංගමය හැටියට අපි මෙහිදී රජයත් සමගින් වඩාත් සමීපව කටයුතු කරමින්, කර්මාන්තයේ පාර්ශ්වකරුවන් හා එක්ව කටයුතු කරමින් මෙම මුලපිරීම් වඩාත් සාර්ථක කරගැනීම සඳහා කටයුතු කරනවා.“ 

මෙවැනි නිවැරදි ප්‍රතිපත්ති හරහා ශ්‍රී ලංකාවට ගෝලීය සිල්ලර භාණ්ඩ සංචාරක කර්මාන්තයේ පවතින නව ප්‍රවණතා සමගින් ඉදිරියට ගමන් කළ හැකි වනු ඇතැයිද එම සංගමය විශ්වාස කරයි. එහිදී විදේශීය වියදම් කිරීම් ඉහළ නංවමින්, සංචාරකයන්ගේ තෘප්තිමත්භාවය ඉහළ දමමින් සහ දේශීය ව්‍යාපාර වෙත නව අවස්ථා උත්පාදනය කරමින් මෙම කටයුතු සිදුකළ හැකි බව ඔවුන් පවසයි.



අදහස් (0)

සංචාරක කර්මාන්තයට වැට් ආපසු ගෙවීම සුබ ලකුණක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ: රාජ්‍ය - පෞද්ගලික හවුලකට රජයේ අවධානය
2025 ජනවාරි මස 31 16 0

රජය සතු ව්‍යවසායන් වෙත නව ඇරඹුමක් ලබාදීම සඳහා යල්පැන ගිය ක්‍රමවේද වෙනුවට වඩාත් සාර්ථක සහ නව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමයක් ගෙන ඒමට කටයුතු කරන


පෞද්ගලික ණය ගැනීම් ඉහළ ගිහින්
2025 ජනවාරි මස 31 24 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් වීම ආරම්භ වීමත් සමග ණය ලබාගැනීම සඳහා ලැබෙන ඉල්ලීම් ඉහළ යෑම හේතුවෙන් මෙරට බැංකු, පෞද්ගලික ණය අයැදුම්කරුවන්ට ලබාදී ඇති ණය ප්‍


සංචාරක කර්මාන්තයට වැට් ආපසු ගෙවීම සුබ ලකුණක්
2025 ජනවාරි මස 31 29 0

මෙරටට පැමිණෙන සංචාරකයන් විසින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා අය කරන වැට් බද්ද ඔවුන්ට ආපසු ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දී ඇති තීරණය සම්බන්ධ


අර්බුදයෙන් මිදීමට කාර්මිකකරණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි
2025 ජනවාරි මස 31 15 0

ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම්, ණය සහන මත යැපීම නවතා අපනයනය ඉලක්ක කරගත් කාර්මිකකරණ ආර්ථික ප්‍රතිපත්තියක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුත


කොළඹ තේ වෙන්දේසිය වසර හතරක පසුව යළිත් ලංකා වාණිජ මණ්ඩලයේදී
2025 ජනවාරි මස 31 11 0

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් 2020 වසරේ සිට ඩිජිටල් වේදිකාවක් හරහා සිදු කෙරුණු කොළඹ තේ වෙන්දේසිය පසුගියදා සිට යළිත් සාම්ප්‍රදායික වෙන්දේසි ක්‍රමයට ලංකා වාණි


කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනයේ සන්ධිස්ථානයකට
2025 ජනවාරි මස 31 9 0

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන ගමනේ ප්‍රධාන සන්ධිස්ථානයකට ළඟා වෙමින් එහි පළමු අදියර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය සියලු‍ම උපකරණ සපයා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 66 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 691 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 714 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site