විමුක්ති එස්. රුද්‍රිගු
මෙම මස පළමු දින 15 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 93,915 ක් මෙරටට පැමිණ තිබෙන බවත් ඒ සමග මෙතෙක් මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 816,191 දක්වා වර්ධනය වී ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සටහන් වේ.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පළමු දින 15 සමග සංසන්දනය කරන විට මෙම වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව සියයට 13.42 කින් ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි. එසේම මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට පසුගිය අප්‍රේල් මස 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට පැමිණි සංචාරකයන් පිරිස පසුගිය වසරේ එම කාලය සමග සංසන්දනය කරන විට සියයට 14 ක ඉහළ යාමක් පෙන්නුම් කරන බවද එම වාර්තාවේ දැක්වේ.
අප්‍රේල් පළමු සතියේ දී ශ්‍රී ලංකාව සංචාරකයන් 44,908 ක් පිළිගත් අතර, දෙවැනි සතිය තුළ සංචාරකයන් 44,156 ක් සහ අප්‍රේල් 15 වැනි දින 4,851 ක් පිළිගත්තේය. ඒ අනුව පළමු දින 15 තුළදී මෙරටට දිනකට සාමාන්‍යයක් ලෙස සංචාරකයන් 6,261 මෙරටට පැමිණ තිබිණි. එය පසුගිය වසරේ මෙම කාලය සඳහා වාර්තා කළ දිනක සාමාන්‍ය වන 5,520 සමග සංසන්දනය කිරීමේදී සැලකිය යුතු ඉහළ යාමකි.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සංචාරක පැමිණිම් ලක්ෂ 8 ඉක්මවයි