ශ්රී ලංකා සහතික ලත් පරිපාලන ගණකාධිකාරී (සීඑම්ඒ ශ්‍රී ලංකා) විභාගය සඳහා මීළඟ කණ්ඩායම බඳවා ගැනීමේ ලියාපදිංචිය පසුගිය 15 වැනිදා අවසන් විය.
විභාගය මැයි මාසයේ දී පැවැත්වීමට නියමිතය.
උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවකින් විෂයයන් තුනක් සමත් සිසුනට මෙම විභාගයට පෙනී සිට ගණකාධිකරණ වෘත්තියට පිවිසිය හැකි බව සීඑම්ඒ ශ්‍රී ලංකා ආයතනය කියයි.
පිළිගත් වෘත්තියක් සඳහා පිවිසීමේදී සීඑම්ඒ සුදුසුකම් සපුරා තිබීම වැදගත් බවත් ව්‍යාපාරික ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ගෞරවාන්විත වෘත්තීය සුදුසුකමක් ලෙස සීඑම්ඒ වැදගත් වන බවත් එම ආයතනය පෙන්වා දෙයි. වැඩි විස්තර සඳහා 0766 375 456 (ශානිකා), 0766 047 080 (ලක්මාලි) හෝ ලේකම්, 29/24, විශාඛා පාර, කොළඹ 4 ලිපිනයෙන් ලබාගත හැක.
සීඑම්ඒ ආයතනය පසුගිය වසරේ සියලු අංශයන්ගෙන් දස්කම් දැක්වූ සිසුවාට රන් පදක්කම් පිරිනැමූ අතර සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර්.වටවල හා විදේශ නියෝජ්‍ය ආමාත්‍ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ඊට එක්වූහ.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘සීඑම්ඒ‘ ගණකාධිකරණ වෘත්තියට මග පෙන්වයි