IMG-LOGO

2025 මාර්තු මස 01 වන සෙනසුරාදා


සංචාරක කර්මාන්තයට වැට් ආපසු ගෙවීම සුබ ලකුණක්

සිල්ලර භාණ්ඩ අලෙවිකරුවන්ගේ සංගමයේ ප්‍රසාදය


භානුක අමරසිංහ


මෙරටට පැමිණෙන සංචාරකයන් විසින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා අය කරන වැට් බද්ද ඔවුන්ට ආපසු ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දී ඇති තීරණය සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා සිල්ලර භාණ්ඩ අලෙවිකරුවන්ගේ සංගමය (SLRA -Sri Lanka Retailers’ Association) පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කර තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව කලාපයේ සිල්ලර භාණ්ඩ සදහා වන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේදී මෙය අතිශය වැදගත් ප්‍රතිපත්තිමය තීරණයක් බව ඔවුන් පෙන්වා දෙයි. ඒ හරහා ඉහළ මට්ටමින් මුදල් වියදම් කරන ජාත්‍යන්තර සංචාරකයන් මෙරට වෙත පැමිණීම වර්ධනය වන බවත්, ඒ හරහා මෙරට ආර්ථික වර්ධනය වේගවත් වන බවත් ඔවුහු සඳහන් කරති.

දත්ත වාර්තාවලට අනුවද මෙම සිල්ලර භාණ්ඩ සංචාරක ක්ෂේත්‍රය ගෝලීය සංචාරක සහ සංචරණ කර්මාන්තයේ ආදායමෙන් සියයට 6කට ආසන්න ප්‍රමාණයකට දායකත්වය ලබා දෙයි. එසේම එය රටක විදේශ විනිමය ඉපැයීම් වර්ධනය සඳහාත් අතිශය වැදගත් අවස්ථාවකි.

ලෝක සංචාරක සහ සංචරණ කවුන්සිලයට අනුව ශ්‍රී ලංකාවේ සිල්ලර භාණ්ඩ සංචාරක කර්මාන්තය මගින් දළ ජාතික නිෂ්පාදිතය වෙත දක්වන දායකත්වය 2010 සිට 2019 දක්වා කාලය තුළ සියයට 12.8ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ගෝලීය සිල්ලර භාණ්ඩ සංචරණ ගමනාන්ත අතර වඩාත් වේගයෙන් වර්ධනය වන මට්ටමකටද පත්ව තිබී ඇත.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වශයෙන් වැදගත් පිහිටීම, සංස්කෘතික විවිධත්වය මෙන්ම සුවිශේෂී සාප්පු අත්දැකීම් එම තත්වය වර්ධනයට හේතු වී ඇත. ඒ අනුව ආසියා-පැසිපික් කලාපය තුළ වඩාත් මුල් පෙළේ සාප්පු ගමනාන්තයක් බවට පත්වීමේ හැකියාවද ශ්‍රී ලංකාවට පවතින බව සඳහන් වෙයි.

මෙලෙස සංචාරකයන් සඳහා වැට් ආපසු ගෙවීමේ වැඩසටහන හඳුන්වාදීමත් සමගින්ම ශ්‍රී ලංකාව ගෝලීය සාප්පු ගමනාන්ත වන සිංගප්පූරුව, තායිලන්තය, ඩුබායි ඇතුළුව බදු නිදහස් සාප්පු අත්දැකීම් ලබාදෙන සංචාරක ගමනාන්ත අතරට එක් වෙයි. එය ධනවත් සංචාරකයන් මෙරට වෙත ආකර්ෂණය සඳහාද යහපත් අවස්ථාවකි. ඒ අනුව මෙම මුලපිරීම වසර 2030 දී මෙරට සංචාරක කර්මාන්තයේ ආදායම් ඉලක්කය වන ඩොලර් බිලියන 8 වෙත ඉතා සුවිශේෂී දායකත්වයක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයිද සඳහන් වෙයි.

විශේෂ‍යෙන්ම මෙම ප්‍රතිපත්ති වෙනස හරහා සුඛෝපභෝගී භාණ්ඩ, සන්නාමිත විලාසිතා, ඉලෙක්ට්‍රොනික උපාංග සහ මැණික් සහ ස්වර්ණාභරණ යනාදී ප්‍රධාන ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති වනු ඇතැයි අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා සිල්ලර භාණ්ඩ අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති චරිත සුභසිංහ මහතා මෙසේ පැවසීය. “මෙලෙස සංචාරකයන් සඳහා වැට් බදු ආපසු ගෙවීම අනුමත කිරීමේ තීරණය ශ්‍රී ලංකාවේ සිල්ලර සහ සංචාරක කර්මාන්ත වෙත හොඳ අවස්ථාවක්. මේ හරහා බදු සීමා ඉවත් කරමින් ජාත්‍යන්තර සංචාරකයන් සඳහා සාප්පු යෑම වඩාත් පහසු කරවනවා. ශ්‍රී ලංකා සිල්ලර භාණ්ඩ අලෙවිකරුවන්ගේ සංගමය හැටියට අපි මෙහිදී රජයත් සමගින් වඩාත් සමීපව කටයුතු කරමින්, කර්මාන්තයේ පාර්ශ්වකරුවන් හා එක්ව කටයුතු කරමින් මෙම මුලපිරීම් වඩාත් සාර්ථක කරගැනීම සඳහා කටයුතු කරනවා.“ 

මෙවැනි නිවැරදි ප්‍රතිපත්ති හරහා ශ්‍රී ලංකාවට ගෝලීය සිල්ලර භාණ්ඩ සංචාරක කර්මාන්තයේ පවතින නව ප්‍රවණතා සමගින් ඉදිරියට ගමන් කළ හැකි වනු ඇතැයිද එම සංගමය විශ්වාස කරයි. එහිදී විදේශීය වියදම් කිරීම් ඉහළ නංවමින්, සංචාරකයන්ගේ තෘප්තිමත්භාවය ඉහළ දමමින් සහ දේශීය ව්‍යාපාර වෙත නව අවස්ථා උත්පාදනය කරමින් මෙම කටයුතු සිදුකළ හැකි බව ඔවුන් පවසයි.



අදහස් (0)

සංචාරක කර්මාන්තයට වැට් ආපසු ගෙවීම සුබ ලකුණක්

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

වැට් ආපසු ගෙවීමේ යෝජිත ක්‍රමයට අපනයනකරුවෝ කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 28 57 0

සරල කරන ලද එකතුකළ අගය මත බදු පද්ධතිය ඉවත්කර ඒ වෙනුවට විධිමත් වැට් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දීමට යෝජනා කර තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනය


කොළඹ ඉඩම් තක්සේරු දර්ශකය සියයට 7.7කින් ඉහළට
2025 පෙබරවාරි මස 28 40 2

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය, 2024 වසරේ දෙවැනි භාගයේදී 236.8ක දර්ශක අගයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍රවලට ඉතාලියේ සහාය
2025 පෙබරවාරි මස 28 20 0

ශ්‍රී ලංකාවේ සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍ර සඳහා ඉතාලි රජයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ඉතාලි ත


දින දෙකකට පසුව කොළඹ කොටස් හුවමාරුවේ සුළු ඉහළ යාමක්
2025 පෙබරවාරි මස 28 17 0

සතිය ආරම්භයේදී පිට පිට දින දෙකක් පසුබැසීමට ලක් වූ කොළඹ කොටස් හුවමාරුව ඊයේ (27) දිනයේදී සුළු ඉහළ යාමක් පෙන්නුම් කළේය.


මහ බැංකුවේ අනුමැතිය නැතිව ‘මුල්‍ය’ වචනය භාවිතය නීති විරෝධියි
2025 පෙබරවාරි මස 28 12 0

මුදල් ව්‍යාපාර පනත සහ මුදල් සමාගම් පනත යටතට ඇතුළත් ආයතන හැර වෙනත් පුද්ගලයෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව ‘මුල්‍ය’ යන වචනය භාවි


ශ්‍රී ලංකන් ඉන්ධන කොන්ත්‍රාත්තු පිරිනැමීමට ජාත්‍යන්තර ලංසු කැඳවයි
2025 පෙබරවාරි මස 28 13 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 67 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 358 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 488 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site