IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සංචාරක හෝටල් සහ වාසස්ථාන සඳහා විදුලි බිල්පත් සහනය තවත් මාස 06ක් දීර්ඝ කරන ලෙස ඉල්ලයි

( තිළිණි ද සිල්වා )

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, සංචාරක වාසස්ථාන සඳහා ලබා දී ඇති විදුලි බිල්පත් සහනය තවත් මාස 06ක් සඳහා දීර්ඝ කරන ලෙස විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මේ සම්බන්ධෙයන් සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා ලිඛිතව මෙම ඉල්ලීම විදුලි බල මණ්ඩලයට යොමුකර ඇති බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳවැටී ඇති බවත් එය තවමත් යථාතත්වයට පත්ව නොමැති බැවින් අඳාල සහනය තවත් මාස 06කට දීර්ඝ කිරීමට සලකාබලන ලෙසත් අඳාල ලිපිය මගින් ඉල්ලීම් කර ඇතැයි ඇමතිවරයා කියයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් හා වාසස්ථාන සඳහා කිසිඳු විසන්ධි කිරීමකින් තොරව මාස 06ක කාලයක් සමුච්චිත ජල හා විදුලිබිල් පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේය. ඒ අනුව විදුලි බල මණ්ඩලය 2020 මාර්තු මස 01 දින සිට අගෝස්තු 31 දක්වා වන විදුලිබිල් පත්  2020 සැප්තැම්බර් 01 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි වාරික 12කින් ගෙවීම සිදුකිරීම සඳහා අවස්ථාව සලසාදෙන ලෙස හා එතෙක් විදුලිය විසන්ධි නොකරන ලෙස සියලු ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරුන්ට උපදෙස් දී තිබිණ.



අදහස් (2)

සංචාරක හෝටල් සහ වාසස්ථාන සඳහා විදුලි බිල්පත් සහනය තවත් මාස 06ක් දීර්ඝ කරන ලෙස ඉල්ලයි

SAM Monday, 23 November 2020 03:28 PM

සංචාරක ව්‍යාපාරය යම් කාලයක් ටිකක් සරුවට කරපු අයට ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් උදාහරණයකට මම මවාම ගන්නම්... මම අවුරුදු 13ක් ඩුබායි පොඩි ජොබ් එකක් කරලා ඉතිරිකරපු මුදල දාලා පටන් ගත්තා ගෙස්ට් රූම් 2ක්... මෙහෙ ඉඳන් දරුවොත් එක්ක ඉන්න ආස නිසා... මාසෙ වියදම් ශේප් වුණා. අපි වගේ අය කොච්චර ඇද්ද? රජය කියන්නේ අපි වාහන වලට ලීසින් සහන දුන්නලු. ඒත් අපිට මොන වාහනද? වාහන තියෙන මිනිස්සු ගැන විතරද රජයට මතක් වුණේ...?

:       0       2

de silva Thursday, 26 November 2020 10:51 AM

හෝටලේ විදුලි, ජල බිල නොවේ. රැකියා අහිමිවුණු සේවකයන්ට යම් සහනයක් දෙන්න බලන්න. ආණ්ඩුව කියන විදිහට ව්‍යාපාරිකයන්ට අඩු පොළී බැංකු ණය වැනි විශාල සහන ලබාදීලා තියෙනවා. නමුත් රැකියා අහිමි වුණු සේවකයාට සහ ඔය සංචාරක මණ්ඩලේ ලියාපදිංචි වී නොමැති කුඩා පරිමාණ ව්‍යාපාරිකයාට මුකුත් නැහැ. පිටරටවල සිරවී සිටින විදේශ ශ්‍රමිකයාත් අනාථ වෙලා. සල්ලි තිබෙන මිනිස්සුන්ට ඇවිත් ලක්ෂ 2-3 ගෙවලා නිරෝධායන හෝටලේ ඉඳලා ගෙදර යන්න පුළුවන්. දුප්පත් අපි මනුස්සයෝ නොවේද? ආණ්ඩුව ගන්න හැම තීරණයම අපහසුතාවයට පත්වෙන්නේ දුප්පත් අපි. අමතක කරන්න එපා අපේ ඡන්දෙ තිබෙනවා. ලබන ඡන්දෙදී 2015 කළා වගේ සර් සමග සෙට් එකම ගෙදර යවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

වඩාත් ඇගැයීමට ලක් වූ නව්‍යකරණ හා තාක්ෂණ සමාගම I O N
2024 සැප්තැම්බර් මස 06 81 0

මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්


සදාහරිත, මැලේසියාව සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයකට
2024 අගෝස්තු මස 22 344 0

වසර 22කට වඩා වාණිජ වන වගාවේ අත්දැකීම් බහුල, අගාවුඩ් ඇතුළු නැවුම් හරිත ආයෝ​ජ​න සැලසුම් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් Sadaharitha Plantations Limited (සදාහරිත) සමාගම, ඉතා වැදගත් ස


නෙස්ලේ ලංකා දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරීත්වයට උපහාර
2024 අගෝස්තු මස 13 175 0

නෙස්ලේ ලංකා සමාගම ‘Good Food Good Life’ තේමාව සමඟින් එක්ව සිටින ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ඇගයීම වෙනුවෙන් පසුගිය ‘Connect@Nest’24’ උත්සවය පවත්වන ලදී. රසයෙන් හා ගුණයෙන් ස


NDB බැංකුව නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමඟ අත්වැල් බැඳ ගනී
2024 අගෝස්තු මස 12 125 0

ශ්‍රී ලාංකීය නව නිපැයුම්කරුවන් සහ නවෝත්පාදනයන් සඳහා පැවැත්වෙන ජාතික තරඟාවලියක් වන “සහසක් නිමැවුම්” ව්‍යාපෘතියට NDBබැංකුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුව


LOLC දිවිසවිය දිවයින පුරා අඛණ්ඩව
2024 අගෝස්තු මස 09 94 0

ශ්‍රී ලංකාව පුරා විහිදුණු පාසැල් 3,500 ක් කරා ළඟාවෙමින්, ආවරණය සමස්ත පාසැල් වලින් සියයට 35 ඉක්මවයි.


campbell Avenue හි මහල් නිවාස ව්‍යාපෘතිය නිම කිරීමට Westbury ඉදිරිපත් වෙයි
2024 අගෝස්තු මස 06 393 0

මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවකුගේ අවධානය යොමු වී නොතිබුණු මහල් නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට Westbury Residenciesසමාග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site